Monday, February 28, 2011

e-money || පොඩි පොඩි වැඩ

හරි හැමදාම ඇඩ් ක්ලික් කර කර ඉන්ඩත් බෑනෙ අනිත් එක හැමදාම 0.02ට කඩේ යන්ඩ පුලුවන්ද නේද… මේන් එහෙනං ඊට වඩා ටිකක් හොඳ එකක්. මේක තවත් Bux සයිට් එකක් නං නෙමේ. හැබැයි සල්ලි හම්බෙනවත් වැඩියි. සල්ලි ගන්ඩ හම්බකරන්ඩ ඕනෙ ගානත් වැඩියි.

මේකෙ Cash Out එක $9 + Commission (6% – 6.5%)

සාමාන්‍යෙයන් පොඩි වැඩක් කරලා 0.1$ ඉඳලා 0.25$ විතර වෙනකං ගෙවනවා. ඊට අමතරව හොඳ PR (Page Rank) තියෙන බ්ලොග් එකක් තියෙනවනං එක වැඩකට 3-4$ විතර වෙනකං හොයන්ඩ පුළුවන්.

පහල තියෙන බැනර් එකට ගිහින් රෙජිස්ටර් වෙන්ඩ පුළුවන්

logo505

එහෙනං වැඩේ කරල කීයක් හරි හොයාගන්න ගමන් අපිටත් පොඩි කමෙන්ට් පාරක් දාල යන්ඩ අමතක කරන්ඩ එපා Open-mouthed smile

Thursday, February 24, 2011

සිංහල ජාතියේ පරිහාණිය

islam-blood1kick-a-muslim

පහුගිය දිනවල කරලියට පැමිණි බ්ලොගයක කරුණු මේ සටහන තැබීමට හේතු වූවායයි කිවහොත් වැරදි නැත. එහි තිබූ පරිදි සිංහල වඳවී යන ජාතියකි.

එය ඇත්තද? යන විදිහටනං එය වැරදිත් නැත.

ඉන්දියානුවෝ ලොව පුරා විසිරෙති ඒ රටක වැසියන් විදිහටය, මුස්ලිම් ජාතිකයෝ ලොව පුරා විසිරෙති. ඒ ආගමක් විදිහටය, ද්‍රවිඩයන්ද ලොව පුරා විසිරෙති ඒ ජාතියක් විදිහටය. ලාංකිකයන්ද ලොව පුරා විසිරී ඇත එනමුත් ඕනෑම තැනක ජීවත් වීමට හැකි ජාතියක් වශයෙන් ඒ සංස්කෘතියට, භාෂාවට මුහුවෙමින් එහිම කොටසක් ලෙසට ජීවත් වේ. එය වැරදි නැත. ඒ ලාංකිකයන්ගේ හැකියාවයි. යන තැනක මුහුවීමේ හැකියාව මුස්ලිම් ජාතිකයන්ට නැත. ද්‍රවිඩයන්ටද එසේමය, ඉන්දියානුවෝද වසන තැනක වසන්නට අමාරු ජාතියකි. ඒ අතින් අප ඉදිරියෙන් සිටියත් සිංහල ජාතියේ හෙනහුරාවී ඇත්තේද එයමය.

වෙනත් රටකට යන සිංහලයන් රටෙන් කෑල්ලක් ඉල්ලන්නේ නැත. ඉන්නා තැනක ඒ විදිහට ඉඳ යන විට එතැනින් යන්නට පුරුදුවී ඇත. ඉංග්‍රීසීන්ට, ද්‍රවිඩයන්ට, මුස්ලිම් ජාතිකයන්ට ඒ හැකියාව නැත. උරුලෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවා මෙන් එතැන් අල්ලා ගැනීම පරමාර්ථයයි. වතුරටිකක් බොන්න ගෙට ගත්තොත් ඒ ගෙහිමියාට එලියට බැස යන්නට වෙනජාතියේ වැඩ කිරීමට උපතින්ම හැකියාවක් ඇත්තවුන්ය.

මගේ පියාගේ පවුලේ දරැදැරියන් නවයකි. මවගේ පසින් ගණන තිදෙනෙකි. එහෙත් මගේ මවද පියාද පවුලට දරුවන් දෙදෙනෙකුට වඩා අපේක්ෂා නොකලොය. දරුවන් දෙදෙනෙකු ලැබුනුවෙලේ සිට පවුල් සැලසුම් පොතත් ගෙන ඒ ගෙදරට බඩගාන පවුල් සෞඛ්‍ය සේවිකාවන් අනිත් ජාතීන්ට නැතුවා සේය. පවුලේ ලමුන් හයහත පෝලිමේ හදයි. සිංහල පවුල් වල එක්කෝ එකාය නැත්තං දෙන්නාය. අනෙක් ජාතිකයන් අවුරුදු 20 25 වෙද්දී පළමු දරුවාට බීජ පැලකර අවසන්ට. එහෙත් අවුරුදු 30 පැන්නාට පසු හෝ ළඟ එන බව දැනුනු විට සිංහලයන්ට බඳින්නට මතක් වීම සිදුවීම දැන් සුලබව දකින්නට ඇත. අනේ ඉතිං එකෙක්ට දෙන්නෙක්ට වඩා හදන්නට කොහෙත්ම කාලයක් නැති ගානය. අපිත් අඩුම තරමේ දෙදෙනාගෙන් එහාට ගොස් තුන් දෙනෙක් වත් හදන්නේනම් යම් පිටුවැසිල්ලක් වනු ඇත. හමුදාවලට ලබාදෙන ලක්ෂය නම් ඒ අතින් අගයකල යුතු දූරදර්ශී ක්‍රියාවකි.

අපි බොහෝමයක් ජාතිවාදී නොවෙමු, බොහෝමයක් විට ජාතිවාදීව නොබැලුවෙමු. ඒ ජාතිය කුමක්වුවත් මනුෂ්‍යත්වය ලේවල තිබූනිසාවෙනි. එයින් ප්‍රෙයා්ජන ගත්තෝද බොහොමයකි. ඉදිරියේදීද එය එසේම සිදුවන්නේ අපට අමතක වීමද තදින් ඇති නිසාය. අප කඩයකට යන විට සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා නොබැලුවෙමු. අඩුවට දෙනවානම්, හොඳින් කතාකරනවානම් අප ඒ අලෙවිහලට ඇදෙන්නේ නිසැකයෙනි. ඒ අතින් මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉතා ඉහලිනි. සිංහල කඩයකට ගියවිට කතාකරන්න නොදන්නා සේවකයන් නිසා අලස හැසිරීම් නිසා එයට යලි නොයන්නට කරුණු යොදාගනී. (මම කොටුවේ සිංහල බෝජන ශාලාවට නොයා අනෙක් ඕනෑම පෙට්ටි කඩයකින් කමි). මුලු දිනයේම ආදායම එන පාරිභෝගිකයාගෙන් ඇල්ලීමට තැත්කිරීම අනෙක් කරුණයි. මේවා හදාගත හැකි වැරදි මුත් හැදෙන පාටක් නම් නැත

ලංකාවේ ඇති වූ ප්‍රථම ජාතිවාදී කෝලහාලය සිංහල ද්‍රවිඩ අරගලය නොවීය. ඒ මහනුවර යුගයේ ඇතිවු සිංහල මුස්ලිම් ජාතිවාදී කෝලහාලයයි. කඩුව අරන් ආගම ප්‍රචාරය කල මොහොමඩ්, ඇෆ්ගනිස්ථානය, නේපාලය ආදී රටවල බෞද්ධයන් විනාශ කර ආගම වැපිරුවා බොරුවක්ද නොව්. එහෙත් සෑම ආක්‍රමනිකයෙක්ටම වැරදුනු එකක් ඇත. සිංහලයන් එකමුතු වෙන වෙලාවක් සැම විටම පැමිණියේය. සිංහලයන් නැගීසිටින වේලාවක් පැමිනියේය. ඉවසීමේ සීමාව පනින වේලාවක් පැමිණියේය. ද්‍රවිඩයන්, බටහිරජාතීන්, ප්‍රභාකරන් ආදී රැසකට මේ සිංහල දිවයිනේ අයිතිය හෝ කොටසක් වුවමනා විය. එහෙත් එය සිහිනයක්ම විය. ඉදිරියේදීද එසේම වෙනත් ජාතීන්ට මේ පාරාදීසය වුවමනාවනු ඇත.. එහෙත් එය තවත් අසාර්ථක ප්‍රයත්නයක්ම වනු ඇත.‍

කරුණු පෙලගස්වා බැලීමේදී… අපේ වැරදි රාශියක් අනිකාගේ වාසිය කරගෙන ඇති බව පැහැදිලි නොවේද? අපට වැරදී ඇත්තේ කොතැනද? පිළියම් කල නොහැකි? පිළියම් කලයුත්තේ කුමන කොටසටද? අපි ජාතිය ගැන කතාකලොත් පමණක් ජාතිවාදී වේද? මේ සියල්ල සිතන්නට කාලය එළඹී ඇති ගැටලුය. සිතීම ඔබය බාරයි.

Some Good English Songs || හොඳ සිංදු වීඩියෝ ටිකක්

හැමදාම සල්ලි සල්ලිමත් දාන්ඩ බෑනෙ.. මෙන්න මම කැමති සිංදු ටිකක් ඔයාලටත් දීල යන්ඩ ආවා

Katy Perry–Firework || කේටි පෙරී - ගිණිකෙලි

Do you ever feel like a plastic bag
Drifting throught the wind
Wanting to start again

Do you ever feel, feel so paper thin
Like a house of cards
One blow from caving in

Do you ever feel already buried deep
Six feet under scream
But no one seems to hear a thing

Do you know that there's still a chance for you
Cause there's a spark in you

You just gotta ignite the light
And let it shine
Just own the night
Like the Fourth of July

Cause baby you're a firework
Come on show 'em what you're worth
Make 'em go "Oh, oh, oh!"
As you shoot across the sky-y-y

Baby you're a firework
Come on let your colors burst
Make 'em go "Oh, oh, oh!"
You're gunna leave 'em fallin' down-own-own

You don't have to feel like a waste of space
You're original, cannot be replaced
If you only knew what the future holds
After a hurricane comes a rainbow

Maybe you're reason why all the doors are closed
So you could open one that leads you to the perfect road

Like a lightning bolt, your heart will blow
And when it's time, you'll know

You just gotta ignite the light
And let it shine
Just own the night
Like the Fourth of July

Cause baby you're a firework
Come on show 'em what you're worth
Make 'em go "Oh, oh, oh!"
As you shoot across the sky-y-y

Baby you're a firework
Come on let your colors burst
Make 'em go "Oh, oh, oh!"
You're gonna leave 'em all in awe-awe-awe"


Boom, boom, boom
Even brighter than the moon, moon, moon
It's always been inside of you, you, you
And now it's time to let it through

Cause baby you're a firework
Come on show 'em what your worth
Make 'em go "Oh, oh, oh!"
As you shoot across the sky-y-y

Baby you're a firework
Come on slet your colors burst
Make 'em go "Oh, oh, oh!"
You're gonna leave 'em all in awe-awe-awe

Boom, boom, boom
Even brighter than the moon, moon, moon
Boom, boom, boom
Even brighter than the moon, moon, moon

Black Eyed Peas–The Time || බ්ලැක් අයිඩ් පීස්–වෙලාව

(This is international)
(Big mega radio smasher)

(will.i.am)

I’ve had the time of my life
And I’ve never felt this way before
And I swear this is true
And I owe it all to you

(Fergie)

I’ve had the time of my life
And I’ve never felt this way before
And I swear this is true
And I owe it all to you
You-you-you-you-you
You-you-you-you-you
You-you-you-you-you-you-y-y-y-y-you

Dirty bit
Dirty bit

(will.i.am)

I-I came up in here to rock
Light a fire, make it hot
I don’t wanna take no pictures
I just wanna take some shots
So come on, let’s go
Let’s lose control
Let’s do it all night
‘Til we can’t do it no mo’

People rockin’ to the sound
Turn it up and watch it pound
We gon’ rock it to the top
Until the roof come burnin’ down
Yeah, it’s hot in herrre
The temperaturrre
Has got these ladies
Gettin’ freakierrr

(Fergie)

I got freaky, freaky, baby
I was chillin’ with my ladies
I didn’t come to get bougie
I came here to get crazy
I was born to get wiiild
That’s my styyyle
If you didn’t know that
Well, baby, now you know now

‘Cause I’m!
Havin’!
A good! Time!
With you!
I’m tellin’ you

I’ve had the time of my life
And I’ve never felt this way before
And I swear this is true
And I owe it all to you

I’ve had the time of my life
And I’ve never felt this way before
And I swear this is true

And I owe it all to you
You-you-you-you-you
You-you-you-you-you
You-you-you-you-you-you-y-y-y-y-you

Dirty bit
Dirty bit

(Taboo)

All-all these girls, they like my swagger
They callin’ me Mick Jagger
I be rollin’ like a Stone
Jet-setter, jet-lagger
We ain’t messin’ with no maggots
Messin’ with the baddest
Chicks in the club
Honey, what’s up?

(apl.de.ap)

Mirror, mirror on the wall
Who’s the baddest of them all?
Yeah, it’s gotta be the apl
I’m the mack daddy, y’all
Haters better step back
Ladies (don’t load your act)
I’m the party application
Rockin’ just like that

(This is international)
(Big mega radio smasher)

‘Cause I’m!
Havin’!
A good! Time!
With you!
I’m tellin’ you

I-I-I-I’ve had
The time of my li-i-ife
And I’ve never felt this way before-fore
And I swear-wear
This is tru-u-ue
And I owe it all to you-ou

Oh, I-I-I-I’ve had
The time of my li-i-i-ow
And I’ve never felt this way before-fore
And I swear-wear
This is tru-u-ue
And I owe it all to you-ou

I-I-I-I’ve had
The time of my li-i-ife
And I’ve never felt this way before-fore
And I swear-wear
This is tru-u-ue
And I owe it all to you-ou

Oh, I-I-I-I’ve had
The time of my li-i-i-ow
And I’ve never felt this way before-fore
And I swear-wear
This is tru-u-ue
And I owe it all to you-ou

Dirty bit!

Nicki Minaj–Moment 4 Life || නිකී මිනාජ්–ජීවිතයට මොහොතක්

I fly with the stars in the skies
I am no longer trying to survive
I believe that life is a prize
But to live doesn't mean you're alive

Don't worry about me & who I fire
I get what I desire
It's my empire
And yes, I call the shots, I am the umpire
I sprinkle holy water upon the vampire

In this very moment I'm king
In this very moment I slayed Goliath with a sling
This very moment I bring
put it on everything, that I will retire with the ring
and I will retire with the crown, Yes
no I'm not lucky I'm blessed, Yes
clap for the heavyweight champ, Me
but I couldn't do it all alone, We
Young Money raised me, grew up out in Baisley
Southside Jamaica, Queens and it's crazy
cuz I'm still hood, Hollywood couldn't change me
shout out to my haters, sorry that you couldn't faze me
Aint being cocky, we just vindicated
Best believe that when we done this moment will be syndicated
I don't know,
this night just remind me of
Everything they deprived me of
P-p-p-p-put your drinks up
It's a celebration every time we link up
We done did everything they could think of
Gr-Gr-Greatness is what we on the brink of

I wish that I could have this moment 4 life, 4 life, 4 life
Cause In this moment, i just feel so alive, alive, alive
I wish that I could have this moment 4 life, 4 life, 4 life ( I could have this moment x3)
This is my moment, I just feel so alive ( I could have this moment x3)

Yeah
Yeah
Yeah, ugh
What I tell em hoes bow bow bow to me, drop down to ya knees
Young Money the Mafia that's word to Lil Cease
I'm in The Dominican Big Papi Ortiz
Doin' target practice all these bitches just aiming to please
Shoutout to the CEO 500 degrees
Shoutout to the OVO, Red Wings and fatigues, oooow
Niggas wanna be friends how coincidental
This supposed to be y'all year we ain't get the memo
A young King, pay me in gold
Forty got a bunch of weed he ain't even rolled
These niggas be droppin songs they ain't even cold
Weezy on top and that nigga aint even home, yet!
Yeah, be very afraid these other rappers getting bodied and carried away
Fuck it me and Nicki Nicki gettin' married today
And now you bitches that be hatin can catch a bouquet, ooooh
Yeah, you a star in my eyes, you and all them white girls party of five
Are we drinking a lil more I can hardly decide
I can't believe we really made it I'm partly surprised, I swear
Damn, this one for the books, man!
I swear this shit is as fun as it looks, man!
I'm really tryna make it more than what it is, cause everybody dies but not everybody lives, Ahhh

This is my moment
I waited all my
Life, I can tell it's time
Drifting away I'm
One with the sunset
I have become alive
I wish that I could have this moment 4 life, 4 life, 4 life
Cause In this moment, i just feel so alive, alive, alive
I wish that I could have this moment 4 life, 4 life, 4 life ( I could have this moment x3)
This is my moment, I just feel so alive ( I could have this moment x3)
Aliveeeeeee .

Bruno Mars–Grenade || බ්රෑනෝ මාර්ස් - අත්බෝම්බය

Easy come, easy go
That's just how you live, oh
Take, take, take it all,
But you never give
Should of known you was trouble from the first kiss,
Why were they open?
Gave you all I had
And you tossed it in the trash
You tossed it in the trash, you did
To give me all your love is all I ever asked,
Cause what you don't understand is
I’d catch a grenade for ya (yeah, yeah, yeah)
Throw my hand on a blade for ya (yeah, yeah, yeah)
I’d jump in front of a train for ya (yeah, yeah , yeah)
You know I'd do anything for ya (yeah, yeah, yeah)
Oh, oh
I would go through all this pain,
Take a bullet straight through my brain,
Yes, I would die for ya baby;
But you won't do the same

No, no, no, no
Black, black, black and blue beat me till I'm numb
Tell the devil I said “hey” when you get back to where you're from
Mad woman, bad woman,
That's just what you are, yeah,
You’ll smile in my face then rip the breaks out my car
Gave you all I had
And you tossed it in the trash

You tossed it in the trash, yes you did
To give me all your love is all I ever asked
Cause what you don't understand is
I’d catch a grenade for ya (yeah, yeah, yeah)
Throw my hand on a blade for ya (yeah, yeah, yeah)
I’d jump in front of a train for ya (yeah, yeah , yeah)
You know I'd do anything for ya (yeah, yeah, yeah)
Oh, oh
I would go through all this pain,
Take a bullet straight through my brain,
Yes, I would die for ya baby;
But you won't do the same

If my body was on fire, ooh
You’ d watch me burn down in flames
You said you loved me you're a liar
Cause you never, ever, ever did baby...
But darling I’ll still catch a grenade for ya
Throw my hand on a blade for ya (yeah, yeah, yeah)
I’d jump in front of a train for ya (yeah, yeah , yeah)
You know I'd do anything for ya (yeah, yeah, yeah)
Oh, oh
I would go through all this pain,
Take a bullet straight through my brain,
Yes, I would die for ya baby;
But you won't do the same.
No, you won’t do the same,
You wouldn’t do the same,
Ooh, you’ll never do the same,
No, no, no, no

Linkin Park–No more sorrow || ලිංකින් පාර්ක්–දුක ඉවරයි

Are you lost
In your lies
Do you tell yourself I don't realize

Your crusade's a disguise
Replace freedom with fear
You trade money for lives

I'm aware of what you've done

No more sorrow
I've paid for your mistakes
Your time is borrowed
Your time has come to be replaced

I see pain
I see need
I see liars and thieves
Abuse power with greed

I had hope
I believed
But I'm beginning to think that I've been deceived

You will pay for what you've done

Thieves and hypocrites
Thieves and hypocrites
Thieves and hypocrites

Your time has come to be replaced
Your time has come to be erased

Wednesday, February 23, 2011

e-money || අන්තර්ජාලයෙන් මුදල් පොඩිම තැනින්

දවසට පැයක් දෙකක් වැඩ කරල මාසෙට තිස් හතලිස් දාහක් හොයන විදිහ තාම මට සෙට් උනේම නෑ. කිව්වනේ මේ ටිකේ පොඩි උත්සාහයක් දානවා කියලා මේ e-money ටිකක් හොයාගන්නේ කියලා බලන්ඩ. ඒකෙ කොටසක් විදිහටම මේ ටිකේ බ්ලොග් එකේ 0/10 තියෙන ගුගුල් රෑන්ක් එක 1/10 කට දාගන්ඩ පොඩි උත්සාහයක් දාන ගමන් ඉන්නේ.
මේ ගැන කියන්ඩ විශේෂ හේතුවක් උනේ Online Job හොය හොය Net එකේ රවුම්ගහද්දි ඉගෙනගත්ත ඒවැයින් තේරුනා E-Money  හොයන්ඩනං හොඳ බ්ලොග් එකක් හරි web site එකක් හරි ඕනෙ කියලා. ඉතිං මේ වැඩේට උනන්දු, තාම බ්ලොග් එකක් සයිට් එකක් නැති හැමෝගෙන්ම ඉල්ලන්ඩ තියෙන්නේ දැන්මම සයිට් බ්ලොග් එකක් සයිට් එකක් පටන් අරන් ලියන්ඩ පටන් ගන්ඩ. පැති දෙක තුනකින්ම ඒක ඔයාලට ප්‍රෙයා්ජනවත් වෙයි.
ජංජාලෙන් මුදල් හොයද්දි හම්බෙන සරලම දේ අද ඔයාලට දෙන්ඩයි යන්නේ. ඒකට කියන්නේ PTC (Pay To Click) කියලා.
මේ PTC වලදී සල්ලි ගෙවන්නේ ඒකෙ බලන Ad වලට. සමහරු මේකට බැනලා තියෙනවා දැක්කා. සමහරු මේක හොඳයි කියලා දාල තිබ්බා. ඒත් මේක ගැන එහෙම කියන්ඩ මම තාම මදි. හැබැයි පොරොන්දු වෙනවා තව දවස් 10ක් යන්ඩ කලින් හරියටම ඒ ගැන කියනවා කියලා. එතකං මේක කරන විදිහ කියන්නං.
මේක කරන්ඩනං අනිත් හුඟක් Online Job වලට වගේම Online Banking Account එකක් ඕන කරනවා. ඒකත් හදාගත්ත කස්ටිය දැන් PTC Account ටිකක් හදාගන්ඩයි තියෙන්නේ.

Gaga Bux ඉවත් කරන ලදී
මට දැනට හම්බුන හොඳම PTC අඩවිය කිව්වට වැරැද්දක් නෑ. දවසකට ඇඩ් 10ක් විතර තියෙනවා.
මේ තියෙන්නේ තනියම කලොත් ආදායමදිනක ආදායම 0.02 X 10 = 0.2$
සතියක ආදායම 0.02 X 10 X 7 = 1.4$
මාසයක ආදායම 0.02 X 10 X 30 = 6$

මේ තියෙන්නේ යාලුවො 10ක් සෙට් කරන් කලොත් කලොත් ආදායමදිනක ආදායම (0.02 X 10) + (0.01 X 10 X 10) = 1.1$
සතියක ආදායම (1.1X 7) = 7.7$
මාසයක ආදායම 1.1X 30 = 33$


මුදල් ඉවත් කරගැනීමට උත්සහ කිරීමේදී

For Upgraded Members Only

Sorry, cashout is available for upgraded members only. Click here to upgrade.
 කියා පෙන්වන අතර ඒ සඳහා $100 - $700 ආදී වශයෙන් ඉල්ලනු දැකිය හැක.
නරකමත් නෑ නේද?

මේකට නං ලංකාවෙ Pay Proof තියෙනවත් දැක්කා. මටත් තියෙන ගාන ඔන්න බැනර් එකේ තියෙනවා Open-mouthed smile
LeafBux
තවත් ඇඩ් වැඩි අඩවියක්

මේකත් හොඳට ගෙවනවා..
ඉතිං කියන්ඩ තියෙන්නේ තාමනං මාත් මේ එකකින්වත් තාම සල්ලි ගත්තේ නෑ. හැබැයි ළඟදිම ගන්ඩයි බලාපොරොත්තුව. ආරම්භයක් විදිහට නරකත් නෑ.
එතකං කැමතිනං කරල බලන්ඩ.

Tuesday, February 22, 2011

e-money (Online Banking)

සිංහල

ඔන්න මම විද්‍යුත් මුදල් එහෙම නැත්තං අන්තර්ජාලයෙන් මුදල් හෙවීම සම්බන්ධව පොඩි ලිපියක් ලියන්ඩ යන්නේ. අන්තර්ජාලයේ සිංහල බ්ලොග් පැත්තෙ රවුමක් ගැහුවත් මේකට සම්බන්ධ ලිපි හොයාගන්ඩ බැරිවෙන්නේ නං නෑ.

ඒත් කමක් නෑ. දන්නෙ නැති කෙනෙක්ට ඕන වෙන විදිහට මුල ඉඳල කියල දෙන්ඩයි යන්නේ.

අපි Online Job කලාම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමා ඒ වැඩ කරල ගන්න සල්ලි කොහොමද ඒකට තියෙන ලේසිම ක්‍රමය Online Banking System එකක් පාවිච්චි කරන එක.

මොනවද තියෙන ඔන්ලයින් බැංකු සේවා

    1. ඇලර්ට්පේ www.alertpay.com
    2. පේපෑල් www.paypal.com

තව එව්වා තියෙනවා.. ඒත් අපි මූලික වශයෙන් පාවිච්චි කරන්නේ මේ දෙක තමා. එයිනුත් ලංකාවට කරදරයක් නැතුව සල්ලි ගෙන්න ගන්ඩ පුළුවන් සේවාව සපයන්නේ ඇලර්ට්පේ සේවාව තමා.

මේක ටික හුඟක් අයට ඕන වෙන එකක් නෑ.. ඒත් මෙන්න උදව්වක් ඕන උනොත්

a1a2a3a4a5a6

මේකට සල්ලි දාගන්න විදිහ හෙට කියන්නං Open-mouthed smile

Monday, February 21, 2011

ලාංකීය සමාජයේ රකුසන් පිළිබඳ විමසා බලමු 2

පළවෙනි ලිපියේ කියන දේ තේරුනේ නැද්ද, එහෙම නැත්තං නියමෙට තේරුණා කණ්ඩායම් අලෙවිකරණය නියමෙටම නියමයි කියන්ඩවත් දෙයක් නෑ කියලද.. එහෙම නැත්තං උඹේ ලිපිවලට අපි කොමෙන්ට් දාන්නේ නෑ කියලා හිතලද මන්දා කමෙන්ට් එකක් වත් වැටුනෙ නෑ. කොමෙන්ට් වැටුනත් නැතත් මට ඇති කියලා හිතෙනකං ලියනවා කියලා මම කිව්වනේ. ඉතිං…

අන්තිමට බ්ලොග් ගඩොල් කියල තිබ්බ විදිහට වර්ඩ් වෙරිෆිකේෂනුත් අයින් කරලා ඊළඟ ලිපිය ලියන්ඩ ආව..

ජොබ් එකෙනුත් අයින් වෙලා වීසා එනකං ඉඳිද්දි කරන්ඩ තියෙන අමාරුම වැඩේ තමා නිකං ඉන්න එක. ඒ වෙලාව මොකකට හරි යොදවන්ඩ ඕනෙ කියල හිතුනම ආපු ප්‍රධාන අයිඩියා එක තමා ඔන්ලයින් ජොබක් කරන එක.

ඔන්න ඉතිං එක එක බ්ලොග්, ගුගුල්, වෙබ් සයිට් අස්සේ මේ ගැන මොකද කියන්නේ කියලා හොයාගෙන හොයාගෙන යද්දි හොඳට විස්තර තියෙන බ්ලොග් අඩවි, වෙබ් අඩවි හම්බුනා.. ඒ හුඟක් දේවල් වල මොකක් හරි ප්‍රශ්ණයක් ඉතුරු උනා.. සමහර බ්ලොග් ඔන්ලයින් ජොබ්, බ්ලොග් වල ඇඩ් දැමීම පතුරු ගහල තිබ්බා. තව හුඟක් දේවල් වල තිබ්බ ප්‍රශ්ණයක් අපි ඉන්න රට.. ඒ වගේම සමාජයේ e-money කිව්වහම ඒගැන තියෙන අවබෝධය වගේම දැනුම.

ඉතිං ඔන්න තවත් රකුසෙක් වෙච්ච ඔන්ලයින් ජොබ්.. හෙවත් අන්තර්ජාලයෙන් මුදල්.. මුදලාලිගේ විදිහට කියනවනං මාසෙකට රු30000කට වඩා ගෙදර ඉඳලම හොයන විදිහ ගැන කථා කරන්ඩයි යන්නේ..

මේක කරන්ඩ පුළුවන්ද?

මට නං කියන්ඩ තියෙන්නේ අනේ මන්ද කියලා.. මොකද මම මේ වෙනකං ඔය ලේසියට අන්තර්ජාලයේ දෙනවයි කියන තඹ ඩොලර් සතයක්වත් අරං නෑ. හැබැයි මේ ටිකේ පොඩි උත්සහයක් දානවා.. වැඩේ සාර්ථක උනොත් ඒ පිළිබඳ හරි විස්තරයක් දාල පොඩි ලිපියක් ලියන්ඩ හිතං ඉන්නවා.. ඔය කියන උත්සාහයේ ප්‍රථිපළ නං මේ බ්ලොග් අඩවියේ පැත්තක දාල තියෙනවා.. කැමති කෙනෙක් ඉන්නවනං පොඩි හිට් එකක් දාල සප් එකක් දුන්නොත් බොහොම ස්තුතියි.. නොදැම්මත් කිසි අවුලක් නෑ..

මම කතාකරන්ඩ යන්නේ … මේක කරන්ඩ පුළුවන් බැරි කතාව නෙමේ මේක ලංකාවේ ව්‍යාප්ත නොවෙන්ඩ හේතු.. එහෙම නැත්තං e-money.. ලංකාවෙ රාස්සයෙක් වෙන්ඩ හේතු මොනවද කියලා..

1) තුප්පහිකම

මම මේකට වඩා ලියන්ඩ හොඳ වචනයක් මතක් කලා.. ඒත් ආවෙනෑ. හේතුව මේකයි. මට වඩා මේ අත්දැකීම e-money හොඳට කරන අයට ඇති. යාලුවගෙන් සයිට් එක ඉල්ලගෙන refferal අයින් කරලා ලියාපදිංචි වීම. මේක කරන්නේ ඇයි කියලනං සට තාම හරියට මීටර් නෑ. හැබැයි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක වෙනවා.. මේ දේ කොහොමද e-money වලට බල පාන්නේ?

මම මේ දවස් වල හොයපු ඉගෙනගත්ත දේවල්වලින් තේරුම් ගත්ත දෙයක් තමා මගේ මීට කලින් ලිපියත් එක්ක මේක බැඳෙනවා කියන එක. හේතුව කණ්ඩායම් අලෙවිකරණයෙයි. e-money වලයි දෙකේම එක ලක්ෂණයක් තියෙනවා. කණ්ඩායම් බිහිකරගැනීම. ලංකාවෙ අයට කරන්ඩ අමාරුම එකත් ඒකමයි. බොරුකියන්ඩ ඕනෙ නෑ.. මටත් අමාරුම දේ ඒකයි. අපේ කස්ටියට බොන්ඩ ගියොත්… බලන්ඩ ඒකත් කට්ටිය කියන එක හෝ ඒවාගේ වචනයක් නැතුව කියන්ඩ අමාරුයි. අපේ සෙට් එක. අපේ ෆිට් එක. ආදී එකී මෙකී නොකී වචන වලින් හැඳින්වෙන කට්ටියත් එක්ක බොන්ඩ ගියාම තියෙන ෆිට් එක. හැබැයි ඒ අයගෙන් බෝමයක් වැඩක් කරන්ඩ ගියාම ගෑනු ළමයින්ගේ යාලුකම වගේ වෙනවා.. ඒ කියන්නේ ඉන්න තැන.. අනිවා මචන් එකෙන්ම.. ළඟ නැතුවම මාරු.. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ.. “මම බිසී මචන්”.

ඉතින් අනේ අර කණ්ඩායමක් සෙට් කරන් උන්ගෙ ෆිට් එකෙනුත් දවසට වදින හිට් 3 –4 එකතු උනානං පටස් ගාල සෙට් වෙන එක.. මාසයක් තනියම අදින්ඩ ඕනෙ..

මේ පොඩි උදාහරණයක්

x කියන බක්ස් අඩවිය 1 ඇඩ් එකක් ක්ලික් කරනවද 0.02$ ගෙවනවා
x කියන අඩවියට ඔයා එක්ක කරන යාලුවෙක් ඇඩ් එකක් ක්ලික් කරනවට 0.01$ ගෙවනවා කියලා හිතමු.

ඔයා යාලුවො 10ක් හඳුන්වලා දෙනවා.. ඒ යාලුවො දවසකට ඇඩ් 4ගානෙ ක්ලික් කරනවා

0.01 X 10 X 4 = 0.4$
0.02 x 4 = 0.08$

0.48 X 7 = 3.36$

කොහොමද වැඩේ..

හැබැයි ඔයා තනියම කලොත් 0.56$

පැහැදිලිද මම කියන දේ?

මම ඉල්ලන්නේ පොඩි දෙයක්. තමන්ට දවසකට වැය වෙන්නේ විනාඩි 2ක් විතර..  ඒ කියන්නේ තත්පර 30 එව්වා 4ක්.. ඒත් ඒක යාලුවට ලොකු උදව්වක්.. ඒක විනාඩි 2කට වඩා ගොඩක් වැඩි වෙයි. ඔයාට ඕනෙ නෑ කියලා හිතුනත්.. පුළුවන්නං යාලුවා වෙනුවෙන් දවසට ඇඩ් 4ක් ක්ලික් කරල දෙන්ඩ..

2) විශ්වාස නැති කම..

මචන් අහවල් ලිංක් එක ක්ලික් කරලා ඇඩ් ටිකක් දාල දීපන් බං.. හරි ඊට පස්සෙ උත් නෑ.. ඇඩ් එකක් ඕපන් කරන් හිටියට හම්බෙන්නේ 0.01 නැත්තං 0.02 යි.. ඒකෙන් ආප්පයක් කන්ඩත් බෑ.. මේක ගන්න විදිහක් මූ කිව්වෙත් නෑ.. වැඩේ ක්ලෝස්..

පේනවා නේද e-money bux system එකයි.. Network Marketing එකයි කොච්චර සමානද කියලා. අනිත් පුරුක උනන්දු වෙන තරමට දෙන්නටම හොඳා.. ඉතින් ලංකාවෙ අපේ කස්ටියගේ වැරැද්ද තමා ඒ පස්සෙ සිද්ද වෙන්ඩ ඕන එක නොවෙන එක… ඇත්තද බොරුද? වැඩේ කරන ළමයි කියන්ඩ බලන්ඩ

3) ගැට වලට අසුවීම හෝ තමන් විසින්ම ගැට දමා ගැනීම.

Bux කාරයින්ට සල්ලි වැඩි හින්දා උන් අපිට අනේ මේන් කියලා සල්ලි දෙන්නේ නෑ. උන් කරන්නේ බිස්නස් එකක්. අනිත් හැම IT වැඩක්ම වගේ ඒකත් සල්ලි යොදෝල සල්ලි හොයනවා.. ඒ අතරෙ සල්ලි නොදී පනින උනුත් අනිවාර්‍යෙන්ම ඇති. ඒවගේ එව්වා අනිත් අයත් දැනුවත් කිරීම මගින් මඟහරින්ඩ පුළුවන් දේවල්. හැබැයි මම තව දැක්ක දේවල් තියෙනවා. අපි හා කියල Agree වෙන එව්වා කරල ඉක්මනට සල්ලි හොයන්ඩ හදන අය.

  1. ගිණුම් කිහිපයක් හදාගැනීම මගින් ඉක්මනින් මුදල් සෙවීමට තැත් කිරීම.
  2. එකම IP භාවිතයෙන් ගිනුම් භාවිතා කිරීම. ආදී කරුණු නිසා..

තමා විසින්ම මුදල් ලබාගැනීමට ඇති හැකියාව අහිමිකරගැනීම.. මේවායින් වැලකීම සඳහා.. Terms of Services දාල තිබ්බට අපි ඒක බලන්නේ නෑනේ නේද?

4) හොඳ portfolio එකක් සදා නොගැනීම

මේක බලපාන්නේ Odesk, Elance, Freelance වගේ සයිට් වල වැඩ හොයන අයට.. අනික බොරු කියන්ඩ ඹ්නයැ මට නං අපරාදෙ කියන්ඩ ඕනෙ නෑ ඒ එකකවත් Interview එකකටවත් කාලෙ නාස්තිකරන්ඩ ඕනෙ උනේ නෑ.. ඒ ඔය මම කයිය ගැහුවට මගෙ හොඳ portfolio එකක් නොමැතිකම..

5) ඉවසීමක් නොමැතිකම

මේක තමා තියෙන ප්‍රධාන කාරනේ. එක දවසෙන් $3000ක් හොයන්ඩ බෑ අයියෝ… ටිකක් ඉවසන්ඩ වැඩේ හිමින් පටන්ගන්ඩ..

මගේ මේ දවස්වල උත්සාහය අතින් $1 එකක්වත් වියදම් නොකර මේ මාසෙ ඇතුලෙ $10 හොයන්ඩ. ඒක ටොපි කන්ඩත් මදි කියල මම දන්නවා. හැබැයි $100ක් කියන්නේ මගේ මුල්ම වැටුප.. ඒ මුලු මාසෙම උදේ ඉඳලා රෑ වෙනකං වැඩ කරලා.

බලමු පුළුවන් වෙයිද කියලා..

තව කරුණු නං ගොඩයි ඒත් ලිපිය දිගවැඩියි. ඒක හින්ද වැඩි විස්තර පස්සෙ කතා කරමු.

පොඩි ඉල්ලීමක් කරන්ඩ කැමතියි. ඔයාලගෙ බ්ලොග් අඩවි වල E-Money, Online Job වගේ මාතෘකා ගැන ලිපි ලියල තියෙනවනං අකමැත්තක් නැත්තං පොඩි සටහනක්, link එකක් දාල යන්ඩ. ඒක මට ලොකු උදව්වක් වෙයි. අනික මේ ලිපියෙත් කරුණු මදි වගේ හැඟීමකුත් තියෙනවා. ඉතිං පුළුවන්නං තමන් දකින දේවල් පොඩි කමෙන්ට් එකක් විදිහට දාලයන්ඩ.

Friday, February 18, 2011

ලාංකීය සමාජයේ රකුසන් පිළිබඳ විමසා බලමු 1

ලංකාවෙ සමාජයෙ එක එක වර්ග වල රකුසො ගොඩාක් ඉන්නවා. මම ඒ වර්ගවලින් ප්‍රධාන රකුසො කීපදෙනෙක් ගැන මට හිතෙන විදිහ ගැන ලියන්ඩයි යන්නේ.. මේකට සමහර විට කොටසක් බනී.. සමහර විට කොටසක් හොඳයි කියයි. හැබැයි ඒ කෝක උනත් අපිට අනිත් අයත් එක්ක කතා කරද්දියි හරියටම දැනගන්ඩ වෙන්නේ.. ඒක හින්ද මේ බ්ලොග් එක බලන්ඩ එන කීප දෙනා හරි තමන්ට හිතෙන දේ ගැන වචනයක් කියල යන්ඩ පුලුවන්නං ලොකු දෙයක්.

පළවෙනි රකුසා..

මම කතා කරන්ඩ යන පළවෙනි රකුසා.. Network Marketing (Multi level Marketing) හෙවත් කණ්ඩායම් අලෙවිකරණය. Marketing සිංහලෙන් අලෙවිකරණය කියන්නේ ලංකාවෙනං ප්‍රධාන වෘත්තියක්. නිකමට Sunday Observer පත්තරේ රැකියා අවස්ථා කියන කොටස කියවලා බලන්ඩ.. 3/4 ක්ම තියෙන්නේ එක්කෝ Marketing නැත්තං Sales. ඉතිං ඒකෙන්ම තේරෙනවා අලෙවිකරණය ලංකාවට කොච්චර වැදගත්ද කියලා.

මොකක්ද අලෙවිකරණයෙයි කණ්ඩායම් අලෙවි කරණයෙයි වෙනස.

මේ දෙකේම තියෙන සමානකම් ටිකක් බලමු

  • භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වීම හෝ ඇති කිරීම
  • භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වීම
  • මුදල් හුවමාරුවීම
  • අලෙවියෙන් පසු සේවාව

දැන් මොනවද එතකොට මේකෙ තියෙන වෙනස්කම්..

සාමාන්‍ය අලෙවිකරණයේදී

  • අලෙවිය සිදු කිරීම සඳහා බොහෝවිට වැටුප් ලබන අලෙවිකරුවන් පිරිසක් ඇත
  • අලෙවිය සිදුකරන්නනාට කොමිස් මුදලක් ලැබේ
  • අලෙවි කරුවන්ට අමතරව ප්‍රචාරණ කටයුතු මගින් භාණ්ඩය පිළිබඳ ප්‍රචාරයක් ලබාදේ.
  • හිමිකරුවන්, කොටස්හිමියන්, ආයතන, අතරමැදියන්, තොග වෙළඳුන්, ආනයනය කරන්නන්, ගබඩා කරුවන් ආදී පුද්ගලයන් රාශියක් මත ආදායම හා ලාබය විවිධ මට්ටමින් බෙදීයයි.
  • අලෙවි කරන්නාට භාණ්ඩය හෝ සේවාව පිළිබඳ පැමිණිලි කල හැකි වුවත් යම් සේවාවක් හෝ වෙනසක් කල හැක්කේ ආයතනයේ නීති රෙගුලාසි මත මිස අලෙවිකරුවාට ඉන් එහා වගකීමක් නැත.

කණ්ඩායම් අලෙවිකරණයේදී

  • අලෙවිය සඳහා වැටුප් ලබන ස්ථිර සේවක පිරිසක් නොමැති අතර පාරිභෝගිකයාම අලෙවි කරුවෙක් ලෙසද ක්‍රියාකරයි.
  • අලෙවිය සිදුකරන්නාට ලකුණු  (points) ලැබෙන අතර ඒවා ආයතනයේ ක්‍රමවේදයකට අනුව මුදල් කල හැක.
  • අලෙවිය කරන්නාට පමණක් නොව ඔහු හඳුන්වාදුන් පාරිභෝගිකයාටද (අලෙවිකරුවාටද) ලකුණු ලැබෙන අතර එය ඔහුගේ කණ්ඩායමේ ඉහලම සිටින පුද්ගලයා දක්වා ගලායයි.
  • බොහෝවිට මෙම ආයතන වල කොටස් හිමියන්, අතරමැදියන් ආදිය නොමැති අතර ප්‍රචාරණ කටයුතු සිදුකිරීමක් නොමැත
  • ආදායම ඉහල සිට පහලට ගලායයි. යම් උපරිම පරිමාවක් දක්වා ආදායම ඉහල නංවාගැනීමට හැකියාව ඇත.
  • බොහෝවිට ලකුණු ක්‍රමය නිසා අක්‍රීය අලෙවිකරුවන් හට ආදායම අහිමි වේ.
  • අලෙවියෙන් පසු සේවාව, භාණ්ඩ ප්‍රවාහණය ආදියේදී බොහෝවිට ගැටලුකාරී තත්වයන් බොහෝවිට දැකිය හැක. (සැමවිට නොවේ)

බැලූ බැල්මට මෙම ක්‍රම දෙකෙහිම ඇති වැඩි වෙනසක් නොමැත. එහෙත් මෙම ක්‍රම දෙකෙන් කණ්ඩායම් අලෙවිකරණය පිළිබඳ විශාල බයක් සමාජය තුල දැකිය හැක.

ඒ ඇයි?

  • සමාජයේ පවතින කට කතා හා මුල් බැස ගත් විශ්වාස.

මේක නිකම්ම ඇති වූ දෙයක් නොවුවත් බොහෝ දෙනෙකු තමන් දන්නා දේ අන් අයට දන්නා පරිදි කීමට යාම නිසා ඔඩුදුවා ඇති ප්‍රශ්ණයක්. මෙය එක් ශේත්‍රයකට පමණක් සීමා වූවක්ද නොවේ. අප කිරීමට යන බොහෝ දේවල් වලදී සමාජයේ හේතුවක් නොමැති විරුද්ධ වීම් දැකිය හැකියි. උදාහරණයක් ලෙසට Linux වලට සමාජයේ ඇති බය දැක්විය හැකියි. ලිනක්ස් අමාරුයි, පාවිච්චි කරන්ඩ බෑ. මේ විදිහට සරල විදිහට තමන් භාවිතා නොකර සිටින අය වගේම.. අපෝ ලිනක්ස්ද? දාන්ඩනං එපා.. මගේ කම්පියුටරෙත් පිච්චුනා… කියල කියන අයද ඉන්නවා.. හැබැයි අපි හරියට හොයල බැලුවොත් ඒ එක්කෙනෙක්වත් ලිනක්ස් පාවිච්චි කරල නෑ. එහෙම නැත්තං, ඒක පාවිච්චි කරල මොකක් හරි පොඩි හේතුවක් හින්දා අමාරුවෙ වැටිලා. එහෙම නැත්තතං කාගෙන් හරි අහගත්ත දෙයක්.

  • පෙර අත්දැකීම්.

අර මම කලින් කිව්වා වගේ යම් යම් හේතු නිසා මේ කණ්ඩායම් අලෙවිකරණය අසාර්ථක උන අය ගොඩක් ඉන්නවා. හුඟක් වෙලාවට තමන් අසාර්ථක උනේ ඇයි කියල හොයල තේරුම් අරගෙන ඒකට ප්‍රතිකර්ම කරලා සාර්ථක වෙනවා වෙනුවට කරන්නේ ඒකෙ තියෙන වැරුද්දක් නිසා තමන් අසාර්ථක උනා කියල තමන්ව සාධාරණීකරණය කරගෙන ඒ ආයතනයට වැරැද්ද පටවන එක. එතකොට ඒක සාර්ථකව කරන අය කොහොමද කරන්නේ කියලා හොයන්නේ නෑ.

  • වැරදි වටහා ගැනීම් හා මුල වැරදීම්.

හුඟදෙනෙක් මුල පටලව ගන්න එකක් තමා කණ්ඩායම් අලෙවිකරණය හා පිරමිඩ් එකක් ලෙස දකින එක. මම මේ දෙකේ වෙනස මේ ලිපියේම පහලින් පැහැදිලි කරන්නම්.

  • අලෙවිකරුවන් විසින් කරනු ලබන වැරදි.

මේ අලෙවි ක්‍රමය රැඳීපවතින්නේ සම්පූරණයෙන්ම අලෙවිකරැවාගේ හැකියාව මතයි. අනෙක් අලෙවිකරණයේදී අලෙවිකරුවාට අමතරව ප්‍රචාරණයක් ක්‍රියාත්මක වන නිසා අලෙවිකරැවා ඒ පිළිබඳ කතාකරණ විටත් මිනිසුන් ඒ පිළිබඳ යම් අවබෝධයකින් සිටින බව සාමාන්‍ය සමාජ අවබෝධයෙන් අප දන්නා කරුණක්. එහෙත් බොහෝ විට මෙම කණ්ඩායම් අලෙවිකරණය යටතේ බෙදාහැරෙන මෙම භාණ්ඩ පිළිබඳව මිනිසුන් දැනගන්නේම එදා වීමටද හැකියි.

ඉතින් සාර්ථක ලෙස අලෙවිකරණයේ යෙදීමට බැරි අලෙවිකරුවකුගේ අලෙවි උත්සාහය සමාජයේ වැරදි මතයක් ගොඩනැගීමට තරම් බලවත් විය හැකියි.

එමෙන්ම මෙම ක්‍රමයේදී අලෙවිකරුවන් සිදුකරන මුදල් වංචා ආදියද මේ අලෙවිකරණය කෙරෙහි බලපානවා. අනෙත් ආයතන වල මුදල් වංචාවක් සිදු වූ විට එය ආයතනය පිටින් ගියත්. මෙම අලෙවිකරණ ක්‍රමයේදී එය අලෙවිකරණ ක්‍රමවේදයේ පිටින්යාම සුලබ දසුනක්.

  • ආයතන විසින් සිදුකරනු ලබන වැරදි.

කණ්ඩායම් අලෙවිකරණයේ යෙදෙන ආයතන කිහිපයක්ම ලංකාවේ දැකිය හැකි වේ. මේවායින් සිදුවන යම් යම් වැරදිද මේ ක්‍රමවේදයට බලපෑම් කිරීමක් දැකීමට හැක.

ආයතන පරිශ්‍රයන් එක් ප්‍රෙද්ශයකට පමණක් සීමා වීම. අලෙවිකරුවන් හට නිසි දැනුමක් හා පුහුණුවක් ලබා නොදීම. ව්‍යාපාරය වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය නිසා නිසි අවබෝධයක් නොමැති පාරිභෝගිකයන් පවා අලෙවිකරණය සඳහා යෙදවීම. කල් ගතවීමේදී භාණ්ඩය හෝ සේවාව පිළිබඳ සැලකීම අඩු වී එහි අලෙවිය පිළිබඳ මූලික සැලකිල්ලක් කිරීම.

මේ පිළිබඳ ඔබේ අත්දැකීම් තිබිය හැක. ඒවා බොහෝ සේ වටින නිසාවෙන් මෙහි සටහන් කිරීමට අමතක නොකරන්න

පිරමීඩ ක්‍රමය හා කණ්ඩායම් අලෙවිකරණය අතර ඇති වෙනස

මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගොඩනගා ගැනීම පිණිස මටත් Google දෙවියාගේ පිහිට පැතීමට සිදු උනා.. Pyramid vs Network marketing කියන එකට ගුගුල් දෙයියා දුන්න උත්තර ඔස්සේ ගියාම හුඟක් තොරතුරු හොයාගන්ඩ පුලුවන් උනා. ඒවායේ සම්පිණ්ඩනයක් විතරක් මම ලියන්නං, දැනටමත් ලිපිය ගොඩක් දිග හින්දා.

අපි කණ්ඩායම් අලෙවියට පිරමිඩ් කියන්ඩ පුරුදුවෙලා තියෙන්නේ ඒකේ ආකෘතියේ තියෙන හැඩය හින්දා. හැබැයි ඒ ආකෘතිය හින්දා ඒකට පිරමඩ් කියනවනං පවුලක් පිරමිඩ් එකක්. ඕනෑම ව්‍යාපාරයක්, පාර්ලිමේන්තුවක් පිරමිඩ් එකක්. මේ චිත්‍රය ඒක පැහැදිලි කරනවා

ඇත්තටම තියෙන ප්‍රධාන වෙනස්කම් ගැන කතාකරනවනං

  1. පිරමිඩ් ක්‍රමයේදී මුදලට සරිලන භාණ්ඩයක් හෝ සේවාවක් ලබා නොදෙන අතර කණ්ඩායම් අලෙවිකරණයේදී මූලික වන්නේ අලෙවිකරණයයි. එනම් භාණ්ඩයක් හා මුදල් හුවමාරුවේ.
  2. පිරමිඩ් ක්‍රමයේදී එක් සාමාජිකයෙකු අසාර්ථක වූ විට එය බොහෝදෙනෙකුට බලපායි. එහෙත් කණ්ඩායම් අලෙවිකරණයේදී එසේ සිදුවන්නේ නැත.
  3. ප්‍රධානම කරුණ… පිරමීඩ් නීතියෙන් තහනම්ය. කණ්ඩායම් අලෙවිකරණය නීතියෙන් තහනම් නැත.

ලංකාවේ පවතින කණ්ඩායම් අලෙවිකරණයේ යෙදෙන ආයතන කිහිපයක්

  1. ඔරිෆ්ලේම්
  2. බෙස්ට්ලයිෆ් ඉන්ටර්නැෂනල්
  3. ටියැන්ස්

ඔබදන්නා වෙනත් ආයතනද (පිරමිඩ් නොවන) මෙම ලයිස්තුවට ඇතුලත් කෙරෙනු ඇත

කියන තරම් යකා කලු නොවුනත් යකා ටිකක් හෝ කලු වීමට පුලුවන. යකාගේ කලු හෝ නොවන කලු හඳුනාගැනීමට ඔබදන්නා දේ මෙහි ලියා යන්න.

Wednesday, February 16, 2011

කියවන අයට–ReadPrint

ඉංග්‍රීසි පොත් කියවන්ඩ කැමති අයටයි මේ ආරංචිය..

ReadPrint කියන්නේ මට ලඟදි හම්බඋන වටිව කියන වෙබ් අඩවියක්. ඔයාලත් ඉංග්‍රීසියෙන් ලියපු පොත් එහෙම කියවනවනං මෙන්න නියම අවස්ථාවක්…

තාම මං කිසිම පොතක අගටම කියවල නං නෑ… හැබැයි කියෝපු ටිකේ කරදරයක් නං උනේ නෑ.. වටේටම ඇඩ් දාල හින්ද ටිකක් විතර කරදරයකුත් තියෙනවා. ඒත් ඉතිං නිකං දෙන පොත් වල විසිතර මිසක් ඒක දාල තියෙන විදිහ ගැන අපිට වැඩක් නෑනෙ.

Scribd වගේ පූරණය වෙන්ඩ කරදර තියෙන අඩවියක් නං නෙමේ. කරන්ඩ තියෙන්නේ පුංචි වැඩක්.

  • සයිට් එකේ රෙජිස්ටර් වෙන්ඩ..
  • ඕන කරන පොත හරි ලේඛකයා හරි හොයාගන්ඩ..
  • කියවන්ඩ පටන්ගන්ඩ…

හරිම ලේසියි..

මේ තියෙන්නේ ඉල්ලුමේ උඩම තියෙන පොත් කීපයක්

මේ ඉන්නේ උඩම ඉන්න ලේඛකයෝ කීප දෙනෙක්

ඉතිං මේකට ගිහින් තමන් කැමති පොත් හොයාගන්ඩ…

කමෙන්ටුවක් දාල ඔයා හිතන්නෙ මොකක්ද කියල කියන්ඩත් අමතක කරන්ඩ එපා..