Thursday, March 3, 2011

ස්මාර්ට් ෆෝන්

Alexander Graham Bellඅද මාර්තු තුන්වෙනිදා සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණයට ගොඩක් වටින අමතක නොවන දිනයක්. ඒ ඔය පින්තූරයේ ඉන්න ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් 1847 මාර්තු 3දා ස්කොට්ලන්තයේදී ඉපදීම නිසයි.

ඒත් මම දැන් කතා කරන්ඩ යන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගැන නෙමේ.

ඒ බෙල්ගේ සොයාගැනීමේ වර්ථමාන පුරුක වූ ස්මාර්ට් ෆෝන් ගැන. ලෝකයේ අද තියෙන සමාගම් රාශියක් අතරෙන් කිහිපයකට පමණක් අතට ගත හැකි වූ ඊළඟ යුගයේ තාක්ෂණය ගැනයි.

නිපැයුම් රාශියක් අතරෙන් 2011 හොඳම නිර්මාණ කීපයක් පමණක් තොරගෙන වැඩේට බහින්ඩයි ලෑස්තිය.
  • Apple iPhone 4
  • Samsung Focus
  • HTC Evo
  • Blackberry Torch 9800

Apple iPhone 4 || ඇපල් අයිෆෝන් 4

Apple iPhone 4ඇපල් සමාගමේ අනෙකුත් නිෂ්පාදන වගේම මේකත් ඉතාම සිත් ඇදගන්නා සුලු නිර්මාණයක් වී ඇති අතර මේ වන විට වෙළඳපලේ ඇති ස්මාර්ට් දුරකථන අතරේ ප්‍රමුඛයා වීමටද හැකියාව ලබාගෙන තියෙනවා. අනෙක් ස්මාර්ට් දුරකථන සමඟ සන්සන්දනය කිරීමේදී හොඳම තත්වයේ ශ්‍රවණ හැකියාවක් ඇති දුරකථනයක් ලෙස ඇපල් කොහොමත් ප්‍රචලිතයි.

ඇපල් අයිෆෝන් 4 අඟල්3.5 තිරයක් සහ සම්පූරණයෙන්ම ඇල්ලීමෙන් ක්‍රියාත්මක වන තිරයකින් යුක්තයි. එය අඟල් 4.5 උස වන අතර අඟල්1.31ක පළලකින් යුක්තයි.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු ඇපල් අයිෆෝනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 420ක බැටරි ධාරිතාවයකින් හා පැය 300ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

iOS 4 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.

16GB අයිෆෝනයක් රු.20000 කටද 32GB අයිෆෝනයක් රු.30000කටද ආසන්න මුදලකට ගත හැක.

Samsung Focus || සැම්සුන්ග් ෆෝකස්

samsung focus
සුපුරුදු පරිදි සැම්සුන්ග් ආයතනයේ තවත් මට සිලිටු අති විශේෂ නිර්මාණයක්, කඩවසම් පෙනුමකින් යුත් මෙම ස්මාර්ට් දුරකථනය අයිෆෝනය සමඟ සැසඳීමේදී එයට වඩා විශාලතිරයකින් සමන්විත වන මුත් අඩු Resolution එකකින් යුක්තවේ.


සැම්සුන්ග් ෆෝකස් දුරකථනය සම්පූරණයෙන්ම ඇල්ලීමෙන් ක්‍රියාත්මක වන තිරයකින් යුක්තයි. එය අඟල් 4.84 උස වන අතර අඟල්2.56ක පළලකින් යුක්තයි.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු සැම්සුන්ග් ෆෝකස් දුරකථනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 390ක බැටරි ධාරිතාවයකින් හා පැය 250ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

වින්ඩෝස් ෆෝන් 7 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.



16GB සැම්සුන්ග් ෆෝකස් දුරකථනය රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක

HTC Evo || එච්ටීසී එවෝ

HTC evo 4g
ගුගුල් ස්ප්‍රින්ට් HTC Evo සෑම අතකින්ම විශිෂ්ඨ නිර්මාණයක්. එය ඉතා කඩවසම් පෙනුමකින් යුක්ත වේ. අයිෆෝනය සමඟ සැසඳීමේදී එයට වඩා විශාලතිරයකින් සමන්විත වන මුත් අඩු Resolution එකකින් යුක්තවේ.

ප්‍රමාණය සැම්සුන්ග් ෆෝකස් දුරකථනයට බොහෝසෙයින් සමානවේ එහෙත් මෙගාපික්සල්8.0/1.3ක ප්‍රබල කැමරාවකින් හා වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන් යුතුවේ.

කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 312ක බැටරි ධාරිතාවයකින් හා පැය 146ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.


ගුගුල් ඇන්ඩ්‍රොයිඩ් 2.2 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.



8GB ගුගුල් ස්ප්‍රින්ට් HTC Evo රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක


Blackberry Torch 9800

BlackBerry Torch 9800
අනෙක් දුරකථනයන්ට වඩා පැහැදිලි වෙනසක් සහිතව පැමිණෙන ස්මාර්ට් දුරකථනය යතුරු පුවරුව නොමැතිවිට අයිෆෝනයේහැඩයෙන්ම යුතුවේ.

අයිෆෝනයට වඩා කුඩා හා අඩු resolution එකකින් සමන්විත මෙම බ්ලැක්බෙරි දුරකථනය අඟල් 4.37ක උසකින් සහ අඟල්2.44ක පලලකින් යුක්තවේ.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු සැම්සුන්ග් ෆෝකස් දුරකථනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 330ක බැටරි ධාරිතාවයකින් හා පැය 432ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

බ්ලැක්බෙරි 6 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.


4GB බ්ලැක්බෙරි ටෝච් 9800ය දුරකථනය රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක


අවුරුදු 91ක කාලයකදී වයරයක් හරහා ගිය බෙල්ගේ හඬ මෙතරම් දුරක් පැමිණ ඇත


මුල් ලිපියට

Android 2.1

5 comments:

  1. iphone ekak 20000ta ganna tiyana thanak kiyanawada. apple stores walanam eeta wada ganan.... thanak kawru hari qwoth loku deyak..

    ReplyDelete
  2. ඩොලර් වලින් නං $199 නේද
    මේ ඊබේ එකේ ගනන්
    http://shop.ebay.com/i.html?rt=nc&_nkw=iphone+4&_dmpt=PDA_Accessories&_trksid=p3286.c0.m301

    ReplyDelete
  3. ඔව් මුලින් ඩොලර්199 දීල ෆෝන් එක අපිට අරගෙන් එන්න පුලුවන් නමුත් මාස්පතා ඩොලර් 65 කට ආසන හෝ ඊට වැඩිමුදලක් දුරකථන බිල සමග අවුරුදු 2 ගෙවිය යුතුයි.පැහැදිලිව කියනවනම් මේක හරියට වාරික ගේවීම යටතේ ෆෝන් එක මිලදී ගැනීමක්.iphone4 එකේ සම්පුර්න මිල ඩොලර් 720 විතර වෙනව,නමුත් iphone3g භාවිතාකල හෝ අලුත්ම එකෙක් මම හිතනෙ ලංකාවෙ මුදලින් 20000 විතර ගනන පුලුවන්

    ReplyDelete
  4. @Ishan : බොහොම ස්තුතියි
    ඇත්තටම වටින තොරතුරක්...

    ReplyDelete