Showing posts with label ව්‍යාපාර. Show all posts
Showing posts with label ව්‍යාපාර. Show all posts

Monday, February 21, 2011

ලාංකීය සමාජයේ රකුසන් පිළිබඳ විමසා බලමු 2

පළවෙනි ලිපියේ කියන දේ තේරුනේ නැද්ද, එහෙම නැත්තං නියමෙට තේරුණා කණ්ඩායම් අලෙවිකරණය නියමෙටම නියමයි කියන්ඩවත් දෙයක් නෑ කියලද.. එහෙම නැත්තං උඹේ ලිපිවලට අපි කොමෙන්ට් දාන්නේ නෑ කියලා හිතලද මන්දා කමෙන්ට් එකක් වත් වැටුනෙ නෑ. කොමෙන්ට් වැටුනත් නැතත් මට ඇති කියලා හිතෙනකං ලියනවා කියලා මම කිව්වනේ. ඉතිං…

අන්තිමට බ්ලොග් ගඩොල් කියල තිබ්බ විදිහට වර්ඩ් වෙරිෆිකේෂනුත් අයින් කරලා ඊළඟ ලිපිය ලියන්ඩ ආව..

ජොබ් එකෙනුත් අයින් වෙලා වීසා එනකං ඉඳිද්දි කරන්ඩ තියෙන අමාරුම වැඩේ තමා නිකං ඉන්න එක. ඒ වෙලාව මොකකට හරි යොදවන්ඩ ඕනෙ කියල හිතුනම ආපු ප්‍රධාන අයිඩියා එක තමා ඔන්ලයින් ජොබක් කරන එක.

ඔන්න ඉතිං එක එක බ්ලොග්, ගුගුල්, වෙබ් සයිට් අස්සේ මේ ගැන මොකද කියන්නේ කියලා හොයාගෙන හොයාගෙන යද්දි හොඳට විස්තර තියෙන බ්ලොග් අඩවි, වෙබ් අඩවි හම්බුනා.. ඒ හුඟක් දේවල් වල මොකක් හරි ප්‍රශ්ණයක් ඉතුරු උනා.. සමහර බ්ලොග් ඔන්ලයින් ජොබ්, බ්ලොග් වල ඇඩ් දැමීම පතුරු ගහල තිබ්බා. තව හුඟක් දේවල් වල තිබ්බ ප්‍රශ්ණයක් අපි ඉන්න රට.. ඒ වගේම සමාජයේ e-money කිව්වහම ඒගැන තියෙන අවබෝධය වගේම දැනුම.

ඉතිං ඔන්න තවත් රකුසෙක් වෙච්ච ඔන්ලයින් ජොබ්.. හෙවත් අන්තර්ජාලයෙන් මුදල්.. මුදලාලිගේ විදිහට කියනවනං මාසෙකට රු30000කට වඩා ගෙදර ඉඳලම හොයන විදිහ ගැන කථා කරන්ඩයි යන්නේ..

මේක කරන්ඩ පුළුවන්ද?

මට නං කියන්ඩ තියෙන්නේ අනේ මන්ද කියලා.. මොකද මම මේ වෙනකං ඔය ලේසියට අන්තර්ජාලයේ දෙනවයි කියන තඹ ඩොලර් සතයක්වත් අරං නෑ. හැබැයි මේ ටිකේ පොඩි උත්සහයක් දානවා.. වැඩේ සාර්ථක උනොත් ඒ පිළිබඳ හරි විස්තරයක් දාල පොඩි ලිපියක් ලියන්ඩ හිතං ඉන්නවා.. ඔය කියන උත්සාහයේ ප්‍රථිපළ නං මේ බ්ලොග් අඩවියේ පැත්තක දාල තියෙනවා.. කැමති කෙනෙක් ඉන්නවනං පොඩි හිට් එකක් දාල සප් එකක් දුන්නොත් බොහොම ස්තුතියි.. නොදැම්මත් කිසි අවුලක් නෑ..

මම කතාකරන්ඩ යන්නේ … මේක කරන්ඩ පුළුවන් බැරි කතාව නෙමේ මේක ලංකාවේ ව්‍යාප්ත නොවෙන්ඩ හේතු.. එහෙම නැත්තං e-money.. ලංකාවෙ රාස්සයෙක් වෙන්ඩ හේතු මොනවද කියලා..

1) තුප්පහිකම

මම මේකට වඩා ලියන්ඩ හොඳ වචනයක් මතක් කලා.. ඒත් ආවෙනෑ. හේතුව මේකයි. මට වඩා මේ අත්දැකීම e-money හොඳට කරන අයට ඇති. යාලුවගෙන් සයිට් එක ඉල්ලගෙන refferal අයින් කරලා ලියාපදිංචි වීම. මේක කරන්නේ ඇයි කියලනං සට තාම හරියට මීටර් නෑ. හැබැයි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක වෙනවා.. මේ දේ කොහොමද e-money වලට බල පාන්නේ?

මම මේ දවස් වල හොයපු ඉගෙනගත්ත දේවල්වලින් තේරුම් ගත්ත දෙයක් තමා මගේ මීට කලින් ලිපියත් එක්ක මේක බැඳෙනවා කියන එක. හේතුව කණ්ඩායම් අලෙවිකරණයෙයි. e-money වලයි දෙකේම එක ලක්ෂණයක් තියෙනවා. කණ්ඩායම් බිහිකරගැනීම. ලංකාවෙ අයට කරන්ඩ අමාරුම එකත් ඒකමයි. බොරුකියන්ඩ ඕනෙ නෑ.. මටත් අමාරුම දේ ඒකයි. අපේ කස්ටියට බොන්ඩ ගියොත්… බලන්ඩ ඒකත් කට්ටිය කියන එක හෝ ඒවාගේ වචනයක් නැතුව කියන්ඩ අමාරුයි. අපේ සෙට් එක. අපේ ෆිට් එක. ආදී එකී මෙකී නොකී වචන වලින් හැඳින්වෙන කට්ටියත් එක්ක බොන්ඩ ගියාම තියෙන ෆිට් එක. හැබැයි ඒ අයගෙන් බෝමයක් වැඩක් කරන්ඩ ගියාම ගෑනු ළමයින්ගේ යාලුකම වගේ වෙනවා.. ඒ කියන්නේ ඉන්න තැන.. අනිවා මචන් එකෙන්ම.. ළඟ නැතුවම මාරු.. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ.. “මම බිසී මචන්”.

ඉතින් අනේ අර කණ්ඩායමක් සෙට් කරන් උන්ගෙ ෆිට් එකෙනුත් දවසට වදින හිට් 3 –4 එකතු උනානං පටස් ගාල සෙට් වෙන එක.. මාසයක් තනියම අදින්ඩ ඕනෙ..

මේ පොඩි උදාහරණයක්

x කියන බක්ස් අඩවිය 1 ඇඩ් එකක් ක්ලික් කරනවද 0.02$ ගෙවනවා
x කියන අඩවියට ඔයා එක්ක කරන යාලුවෙක් ඇඩ් එකක් ක්ලික් කරනවට 0.01$ ගෙවනවා කියලා හිතමු.

ඔයා යාලුවො 10ක් හඳුන්වලා දෙනවා.. ඒ යාලුවො දවසකට ඇඩ් 4ගානෙ ක්ලික් කරනවා

0.01 X 10 X 4 = 0.4$
0.02 x 4 = 0.08$

0.48 X 7 = 3.36$

කොහොමද වැඩේ..

හැබැයි ඔයා තනියම කලොත් 0.56$

පැහැදිලිද මම කියන දේ?

මම ඉල්ලන්නේ පොඩි දෙයක්. තමන්ට දවසකට වැය වෙන්නේ විනාඩි 2ක් විතර..  ඒ කියන්නේ තත්පර 30 එව්වා 4ක්.. ඒත් ඒක යාලුවට ලොකු උදව්වක්.. ඒක විනාඩි 2කට වඩා ගොඩක් වැඩි වෙයි. ඔයාට ඕනෙ නෑ කියලා හිතුනත්.. පුළුවන්නං යාලුවා වෙනුවෙන් දවසට ඇඩ් 4ක් ක්ලික් කරල දෙන්ඩ..

2) විශ්වාස නැති කම..

මචන් අහවල් ලිංක් එක ක්ලික් කරලා ඇඩ් ටිකක් දාල දීපන් බං.. හරි ඊට පස්සෙ උත් නෑ.. ඇඩ් එකක් ඕපන් කරන් හිටියට හම්බෙන්නේ 0.01 නැත්තං 0.02 යි.. ඒකෙන් ආප්පයක් කන්ඩත් බෑ.. මේක ගන්න විදිහක් මූ කිව්වෙත් නෑ.. වැඩේ ක්ලෝස්..

පේනවා නේද e-money bux system එකයි.. Network Marketing එකයි කොච්චර සමානද කියලා. අනිත් පුරුක උනන්දු වෙන තරමට දෙන්නටම හොඳා.. ඉතින් ලංකාවෙ අපේ කස්ටියගේ වැරැද්ද තමා ඒ පස්සෙ සිද්ද වෙන්ඩ ඕන එක නොවෙන එක… ඇත්තද බොරුද? වැඩේ කරන ළමයි කියන්ඩ බලන්ඩ

3) ගැට වලට අසුවීම හෝ තමන් විසින්ම ගැට දමා ගැනීම.

Bux කාරයින්ට සල්ලි වැඩි හින්දා උන් අපිට අනේ මේන් කියලා සල්ලි දෙන්නේ නෑ. උන් කරන්නේ බිස්නස් එකක්. අනිත් හැම IT වැඩක්ම වගේ ඒකත් සල්ලි යොදෝල සල්ලි හොයනවා.. ඒ අතරෙ සල්ලි නොදී පනින උනුත් අනිවාර්‍යෙන්ම ඇති. ඒවගේ එව්වා අනිත් අයත් දැනුවත් කිරීම මගින් මඟහරින්ඩ පුළුවන් දේවල්. හැබැයි මම තව දැක්ක දේවල් තියෙනවා. අපි හා කියල Agree වෙන එව්වා කරල ඉක්මනට සල්ලි හොයන්ඩ හදන අය.

  1. ගිණුම් කිහිපයක් හදාගැනීම මගින් ඉක්මනින් මුදල් සෙවීමට තැත් කිරීම.
  2. එකම IP භාවිතයෙන් ගිනුම් භාවිතා කිරීම. ආදී කරුණු නිසා..

තමා විසින්ම මුදල් ලබාගැනීමට ඇති හැකියාව අහිමිකරගැනීම.. මේවායින් වැලකීම සඳහා.. Terms of Services දාල තිබ්බට අපි ඒක බලන්නේ නෑනේ නේද?

4) හොඳ portfolio එකක් සදා නොගැනීම

මේක බලපාන්නේ Odesk, Elance, Freelance වගේ සයිට් වල වැඩ හොයන අයට.. අනික බොරු කියන්ඩ ඹ්නයැ මට නං අපරාදෙ කියන්ඩ ඕනෙ නෑ ඒ එකකවත් Interview එකකටවත් කාලෙ නාස්තිකරන්ඩ ඕනෙ උනේ නෑ.. ඒ ඔය මම කයිය ගැහුවට මගෙ හොඳ portfolio එකක් නොමැතිකම..

5) ඉවසීමක් නොමැතිකම

මේක තමා තියෙන ප්‍රධාන කාරනේ. එක දවසෙන් $3000ක් හොයන්ඩ බෑ අයියෝ… ටිකක් ඉවසන්ඩ වැඩේ හිමින් පටන්ගන්ඩ..

මගේ මේ දවස්වල උත්සාහය අතින් $1 එකක්වත් වියදම් නොකර මේ මාසෙ ඇතුලෙ $10 හොයන්ඩ. ඒක ටොපි කන්ඩත් මදි කියල මම දන්නවා. හැබැයි $100ක් කියන්නේ මගේ මුල්ම වැටුප.. ඒ මුලු මාසෙම උදේ ඉඳලා රෑ වෙනකං වැඩ කරලා.

බලමු පුළුවන් වෙයිද කියලා..

තව කරුණු නං ගොඩයි ඒත් ලිපිය දිගවැඩියි. ඒක හින්ද වැඩි විස්තර පස්සෙ කතා කරමු.

පොඩි ඉල්ලීමක් කරන්ඩ කැමතියි. ඔයාලගෙ බ්ලොග් අඩවි වල E-Money, Online Job වගේ මාතෘකා ගැන ලිපි ලියල තියෙනවනං අකමැත්තක් නැත්තං පොඩි සටහනක්, link එකක් දාල යන්ඩ. ඒක මට ලොකු උදව්වක් වෙයි. අනික මේ ලිපියෙත් කරුණු මදි වගේ හැඟීමකුත් තියෙනවා. ඉතිං පුළුවන්නං තමන් දකින දේවල් පොඩි කමෙන්ට් එකක් විදිහට දාලයන්ඩ.

Friday, February 18, 2011

ලාංකීය සමාජයේ රකුසන් පිළිබඳ විමසා බලමු 1

ලංකාවෙ සමාජයෙ එක එක වර්ග වල රකුසො ගොඩාක් ඉන්නවා. මම ඒ වර්ගවලින් ප්‍රධාන රකුසො කීපදෙනෙක් ගැන මට හිතෙන විදිහ ගැන ලියන්ඩයි යන්නේ.. මේකට සමහර විට කොටසක් බනී.. සමහර විට කොටසක් හොඳයි කියයි. හැබැයි ඒ කෝක උනත් අපිට අනිත් අයත් එක්ක කතා කරද්දියි හරියටම දැනගන්ඩ වෙන්නේ.. ඒක හින්ද මේ බ්ලොග් එක බලන්ඩ එන කීප දෙනා හරි තමන්ට හිතෙන දේ ගැන වචනයක් කියල යන්ඩ පුලුවන්නං ලොකු දෙයක්.

පළවෙනි රකුසා..

මම කතා කරන්ඩ යන පළවෙනි රකුසා.. Network Marketing (Multi level Marketing) හෙවත් කණ්ඩායම් අලෙවිකරණය. Marketing සිංහලෙන් අලෙවිකරණය කියන්නේ ලංකාවෙනං ප්‍රධාන වෘත්තියක්. නිකමට Sunday Observer පත්තරේ රැකියා අවස්ථා කියන කොටස කියවලා බලන්ඩ.. 3/4 ක්ම තියෙන්නේ එක්කෝ Marketing නැත්තං Sales. ඉතිං ඒකෙන්ම තේරෙනවා අලෙවිකරණය ලංකාවට කොච්චර වැදගත්ද කියලා.

මොකක්ද අලෙවිකරණයෙයි කණ්ඩායම් අලෙවි කරණයෙයි වෙනස.

මේ දෙකේම තියෙන සමානකම් ටිකක් බලමු

  • භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වීම හෝ ඇති කිරීම
  • භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වීම
  • මුදල් හුවමාරුවීම
  • අලෙවියෙන් පසු සේවාව

දැන් මොනවද එතකොට මේකෙ තියෙන වෙනස්කම්..

සාමාන්‍ය අලෙවිකරණයේදී

  • අලෙවිය සිදු කිරීම සඳහා බොහෝවිට වැටුප් ලබන අලෙවිකරුවන් පිරිසක් ඇත
  • අලෙවිය සිදුකරන්නනාට කොමිස් මුදලක් ලැබේ
  • අලෙවි කරුවන්ට අමතරව ප්‍රචාරණ කටයුතු මගින් භාණ්ඩය පිළිබඳ ප්‍රචාරයක් ලබාදේ.
  • හිමිකරුවන්, කොටස්හිමියන්, ආයතන, අතරමැදියන්, තොග වෙළඳුන්, ආනයනය කරන්නන්, ගබඩා කරුවන් ආදී පුද්ගලයන් රාශියක් මත ආදායම හා ලාබය විවිධ මට්ටමින් බෙදීයයි.
  • අලෙවි කරන්නාට භාණ්ඩය හෝ සේවාව පිළිබඳ පැමිණිලි කල හැකි වුවත් යම් සේවාවක් හෝ වෙනසක් කල හැක්කේ ආයතනයේ නීති රෙගුලාසි මත මිස අලෙවිකරුවාට ඉන් එහා වගකීමක් නැත.

කණ්ඩායම් අලෙවිකරණයේදී

  • අලෙවිය සඳහා වැටුප් ලබන ස්ථිර සේවක පිරිසක් නොමැති අතර පාරිභෝගිකයාම අලෙවි කරුවෙක් ලෙසද ක්‍රියාකරයි.
  • අලෙවිය සිදුකරන්නාට ලකුණු  (points) ලැබෙන අතර ඒවා ආයතනයේ ක්‍රමවේදයකට අනුව මුදල් කල හැක.
  • අලෙවිය කරන්නාට පමණක් නොව ඔහු හඳුන්වාදුන් පාරිභෝගිකයාටද (අලෙවිකරුවාටද) ලකුණු ලැබෙන අතර එය ඔහුගේ කණ්ඩායමේ ඉහලම සිටින පුද්ගලයා දක්වා ගලායයි.
  • බොහෝවිට මෙම ආයතන වල කොටස් හිමියන්, අතරමැදියන් ආදිය නොමැති අතර ප්‍රචාරණ කටයුතු සිදුකිරීමක් නොමැත
  • ආදායම ඉහල සිට පහලට ගලායයි. යම් උපරිම පරිමාවක් දක්වා ආදායම ඉහල නංවාගැනීමට හැකියාව ඇත.
  • බොහෝවිට ලකුණු ක්‍රමය නිසා අක්‍රීය අලෙවිකරුවන් හට ආදායම අහිමි වේ.
  • අලෙවියෙන් පසු සේවාව, භාණ්ඩ ප්‍රවාහණය ආදියේදී බොහෝවිට ගැටලුකාරී තත්වයන් බොහෝවිට දැකිය හැක. (සැමවිට නොවේ)

බැලූ බැල්මට මෙම ක්‍රම දෙකෙහිම ඇති වැඩි වෙනසක් නොමැත. එහෙත් මෙම ක්‍රම දෙකෙන් කණ්ඩායම් අලෙවිකරණය පිළිබඳ විශාල බයක් සමාජය තුල දැකිය හැක.

ඒ ඇයි?

  • සමාජයේ පවතින කට කතා හා මුල් බැස ගත් විශ්වාස.

මේක නිකම්ම ඇති වූ දෙයක් නොවුවත් බොහෝ දෙනෙකු තමන් දන්නා දේ අන් අයට දන්නා පරිදි කීමට යාම නිසා ඔඩුදුවා ඇති ප්‍රශ්ණයක්. මෙය එක් ශේත්‍රයකට පමණක් සීමා වූවක්ද නොවේ. අප කිරීමට යන බොහෝ දේවල් වලදී සමාජයේ හේතුවක් නොමැති විරුද්ධ වීම් දැකිය හැකියි. උදාහරණයක් ලෙසට Linux වලට සමාජයේ ඇති බය දැක්විය හැකියි. ලිනක්ස් අමාරුයි, පාවිච්චි කරන්ඩ බෑ. මේ විදිහට සරල විදිහට තමන් භාවිතා නොකර සිටින අය වගේම.. අපෝ ලිනක්ස්ද? දාන්ඩනං එපා.. මගේ කම්පියුටරෙත් පිච්චුනා… කියල කියන අයද ඉන්නවා.. හැබැයි අපි හරියට හොයල බැලුවොත් ඒ එක්කෙනෙක්වත් ලිනක්ස් පාවිච්චි කරල නෑ. එහෙම නැත්තං, ඒක පාවිච්චි කරල මොකක් හරි පොඩි හේතුවක් හින්දා අමාරුවෙ වැටිලා. එහෙම නැත්තතං කාගෙන් හරි අහගත්ත දෙයක්.

  • පෙර අත්දැකීම්.

අර මම කලින් කිව්වා වගේ යම් යම් හේතු නිසා මේ කණ්ඩායම් අලෙවිකරණය අසාර්ථක උන අය ගොඩක් ඉන්නවා. හුඟක් වෙලාවට තමන් අසාර්ථක උනේ ඇයි කියල හොයල තේරුම් අරගෙන ඒකට ප්‍රතිකර්ම කරලා සාර්ථක වෙනවා වෙනුවට කරන්නේ ඒකෙ තියෙන වැරුද්දක් නිසා තමන් අසාර්ථක උනා කියල තමන්ව සාධාරණීකරණය කරගෙන ඒ ආයතනයට වැරැද්ද පටවන එක. එතකොට ඒක සාර්ථකව කරන අය කොහොමද කරන්නේ කියලා හොයන්නේ නෑ.

  • වැරදි වටහා ගැනීම් හා මුල වැරදීම්.

හුඟදෙනෙක් මුල පටලව ගන්න එකක් තමා කණ්ඩායම් අලෙවිකරණය හා පිරමිඩ් එකක් ලෙස දකින එක. මම මේ දෙකේ වෙනස මේ ලිපියේම පහලින් පැහැදිලි කරන්නම්.

  • අලෙවිකරුවන් විසින් කරනු ලබන වැරදි.

මේ අලෙවි ක්‍රමය රැඳීපවතින්නේ සම්පූරණයෙන්ම අලෙවිකරැවාගේ හැකියාව මතයි. අනෙක් අලෙවිකරණයේදී අලෙවිකරුවාට අමතරව ප්‍රචාරණයක් ක්‍රියාත්මක වන නිසා අලෙවිකරැවා ඒ පිළිබඳ කතාකරණ විටත් මිනිසුන් ඒ පිළිබඳ යම් අවබෝධයකින් සිටින බව සාමාන්‍ය සමාජ අවබෝධයෙන් අප දන්නා කරුණක්. එහෙත් බොහෝ විට මෙම කණ්ඩායම් අලෙවිකරණය යටතේ බෙදාහැරෙන මෙම භාණ්ඩ පිළිබඳව මිනිසුන් දැනගන්නේම එදා වීමටද හැකියි.

ඉතින් සාර්ථක ලෙස අලෙවිකරණයේ යෙදීමට බැරි අලෙවිකරුවකුගේ අලෙවි උත්සාහය සමාජයේ වැරදි මතයක් ගොඩනැගීමට තරම් බලවත් විය හැකියි.

එමෙන්ම මෙම ක්‍රමයේදී අලෙවිකරුවන් සිදුකරන මුදල් වංචා ආදියද මේ අලෙවිකරණය කෙරෙහි බලපානවා. අනෙත් ආයතන වල මුදල් වංචාවක් සිදු වූ විට එය ආයතනය පිටින් ගියත්. මෙම අලෙවිකරණ ක්‍රමයේදී එය අලෙවිකරණ ක්‍රමවේදයේ පිටින්යාම සුලබ දසුනක්.

  • ආයතන විසින් සිදුකරනු ලබන වැරදි.

කණ්ඩායම් අලෙවිකරණයේ යෙදෙන ආයතන කිහිපයක්ම ලංකාවේ දැකිය හැකි වේ. මේවායින් සිදුවන යම් යම් වැරදිද මේ ක්‍රමවේදයට බලපෑම් කිරීමක් දැකීමට හැක.

ආයතන පරිශ්‍රයන් එක් ප්‍රෙද්ශයකට පමණක් සීමා වීම. අලෙවිකරුවන් හට නිසි දැනුමක් හා පුහුණුවක් ලබා නොදීම. ව්‍යාපාරය වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය නිසා නිසි අවබෝධයක් නොමැති පාරිභෝගිකයන් පවා අලෙවිකරණය සඳහා යෙදවීම. කල් ගතවීමේදී භාණ්ඩය හෝ සේවාව පිළිබඳ සැලකීම අඩු වී එහි අලෙවිය පිළිබඳ මූලික සැලකිල්ලක් කිරීම.

මේ පිළිබඳ ඔබේ අත්දැකීම් තිබිය හැක. ඒවා බොහෝ සේ වටින නිසාවෙන් මෙහි සටහන් කිරීමට අමතක නොකරන්න

පිරමීඩ ක්‍රමය හා කණ්ඩායම් අලෙවිකරණය අතර ඇති වෙනස

මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගොඩනගා ගැනීම පිණිස මටත් Google දෙවියාගේ පිහිට පැතීමට සිදු උනා.. Pyramid vs Network marketing කියන එකට ගුගුල් දෙයියා දුන්න උත්තර ඔස්සේ ගියාම හුඟක් තොරතුරු හොයාගන්ඩ පුලුවන් උනා. ඒවායේ සම්පිණ්ඩනයක් විතරක් මම ලියන්නං, දැනටමත් ලිපිය ගොඩක් දිග හින්දා.

අපි කණ්ඩායම් අලෙවියට පිරමිඩ් කියන්ඩ පුරුදුවෙලා තියෙන්නේ ඒකේ ආකෘතියේ තියෙන හැඩය හින්දා. හැබැයි ඒ ආකෘතිය හින්දා ඒකට පිරමඩ් කියනවනං පවුලක් පිරමිඩ් එකක්. ඕනෑම ව්‍යාපාරයක්, පාර්ලිමේන්තුවක් පිරමිඩ් එකක්. මේ චිත්‍රය ඒක පැහැදිලි කරනවා

ඇත්තටම තියෙන ප්‍රධාන වෙනස්කම් ගැන කතාකරනවනං

  1. පිරමිඩ් ක්‍රමයේදී මුදලට සරිලන භාණ්ඩයක් හෝ සේවාවක් ලබා නොදෙන අතර කණ්ඩායම් අලෙවිකරණයේදී මූලික වන්නේ අලෙවිකරණයයි. එනම් භාණ්ඩයක් හා මුදල් හුවමාරුවේ.
  2. පිරමිඩ් ක්‍රමයේදී එක් සාමාජිකයෙකු අසාර්ථක වූ විට එය බොහෝදෙනෙකුට බලපායි. එහෙත් කණ්ඩායම් අලෙවිකරණයේදී එසේ සිදුවන්නේ නැත.
  3. ප්‍රධානම කරුණ… පිරමීඩ් නීතියෙන් තහනම්ය. කණ්ඩායම් අලෙවිකරණය නීතියෙන් තහනම් නැත.

ලංකාවේ පවතින කණ්ඩායම් අලෙවිකරණයේ යෙදෙන ආයතන කිහිපයක්

  1. ඔරිෆ්ලේම්
  2. බෙස්ට්ලයිෆ් ඉන්ටර්නැෂනල්
  3. ටියැන්ස්

ඔබදන්නා වෙනත් ආයතනද (පිරමිඩ් නොවන) මෙම ලයිස්තුවට ඇතුලත් කෙරෙනු ඇත

කියන තරම් යකා කලු නොවුනත් යකා ටිකක් හෝ කලු වීමට පුලුවන. යකාගේ කලු හෝ නොවන කලු හඳුනාගැනීමට ඔබදන්නා දේ මෙහි ලියා යන්න.