Monday, March 14, 2011

සොරදෙටුවෙක් කස තැලුම් කකා

greedy

සොරදෙටුවෙක් කස තැලුම් කකා
දංගෙඩියට ගෙනයන ගමනේ
වදක බෙරේ දැක සොරාගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ

අනේ මෙහෙම තන්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

බුදු පුතෙකුන් පිඩු සිඟාවැඩිය හොත්
දෙන්නට වේයැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී පැනිකොමු පිස කෑවේලූ

අනේ මෙහෙම තන්හාවක්//

සුරා සොඬක් ගිරිකුලකින් විසිවී
මහපොලවට පාවී එද්දී
ගතදැවටෙන මේ සීත පවන් රැලි
අහෝ සැපයි කීවාලූ

අනේ මෙහෙම තන්හාවක් ///

මෙතනින් සින්දුව ගන්න

1 comment:

  1. බොක්කෙන්ම අහනවා නම් සිරා සිංදුවක්.............

    ReplyDelete