Friday, March 4, 2011

ලංකාවේ ඉන්ටර්නෙට්

people

දිනෙන් දින අන්තර්ජාලයට එක්වන දහස් සංඛ්‍යාත වෙබ් සහ බ්ලොග් අඩවි අතරට ලංකාවෙනුත් වෙබ් අඩවි දෙක තුනක්වත් දිනකට එක්වීම අනිවාර්‍යයෙන් සිදු වන දෙයක්. මේ වෙබ් හෝ බ්ලොග් අඩවි සිංහල ඉංග්‍රීසි හෝ දෙමල බසින් එක් වන ඒවා වේ. මේ වෙබ් අඩවි බොහෝමයක් වෙබ් අඩවි සාදන පුද්ගලයින් හෝ ඒජන්සි මගින් එක් කරන ඒවා වේ. එම අඩවි සඳහා අඩවි හිමිකරුවන්ද රු8000 සිට 100000 පමණ දක්වා වියදම් කරනුද දැකිය හැක.

මේ වියදම් කරන මුදලින් අපේක්ෂිත ප්‍රථිපල ලැබෙනවාද? මේ වෙබ් අඩවි අපේක්ෂිත තරම් පාඨක අවදානයකට යොමුවෙනවාද? ලාංකිකයන් මිලදී ගැනීම් වලට පෙර අන්තර්ජාලයේ විමසීමක් කර බලනවාද ඒ කොපමණ ප්‍රථිශතයක්ද? ඔවුන්ට නිවැරදි වෙබ් අඩවි හමුවෙනවාද? මේ ආදී ප්ශ්ණ රැසක් මතුවෙන කරුණු. ඔබට මේ ගැන සිතෙන්නේ කුමක්ද?

ශ්‍රී ලාංකිකයන් සංචාරක කර්මාන්තය ආදී ඉලක්කයන් සපුරාගැනීම සඳහා අන්තර්ජාලය වෙත වඩ වඩාත් නැඹුරුවීමේ ලක්ෂණයක් දක්නට ඇත. මෙහි නිසි ප්‍රථිපල ලැබෙනවාද? රටපුරා ඇරී ඇති සයිබර් කැෆේ ආශ්‍රිතව සිදුවන අන්තර්ජාල සේවාව ක්‍රමවත්ද?

සංවාදයක් ඇරඹීමට කාලයයි මේ….

ඹබද මමද මේ අන්තර්ජාලයේ දෘෂ්‍යමාන පරිශීලකයෝය. ඔබ අන්තර්ජාලයේ හැසිරීම පිළිබඳ සිතන ආකාරය අපට බෙහෙවින්ම වැදගත්.

ඉතින් ඒ පිළිබඳ සටහනක් තැබීමට අමතක නොකරන්න.

http://review-mix.com/survey/index.php?sid=88533&lang=en කැමතිනං මේකට ගිහින් ඔයාල පාවිච්චි කරන වෙබ් බ්‍රවුසරේ ගැන පොඩි විස්තරයක් කියල එන්ඩ

No comments:

Post a Comment