Showing posts with label ශ්‍රීලංකාව. Show all posts
Showing posts with label ශ්‍රීලංකාව. Show all posts

Thursday, February 24, 2011

සිංහල ජාතියේ පරිහාණිය

islam-blood1kick-a-muslim

පහුගිය දිනවල කරලියට පැමිණි බ්ලොගයක කරුණු මේ සටහන තැබීමට හේතු වූවායයි කිවහොත් වැරදි නැත. එහි තිබූ පරිදි සිංහල වඳවී යන ජාතියකි.

එය ඇත්තද? යන විදිහටනං එය වැරදිත් නැත.

ඉන්දියානුවෝ ලොව පුරා විසිරෙති ඒ රටක වැසියන් විදිහටය, මුස්ලිම් ජාතිකයෝ ලොව පුරා විසිරෙති. ඒ ආගමක් විදිහටය, ද්‍රවිඩයන්ද ලොව පුරා විසිරෙති ඒ ජාතියක් විදිහටය. ලාංකිකයන්ද ලොව පුරා විසිරී ඇත එනමුත් ඕනෑම තැනක ජීවත් වීමට හැකි ජාතියක් වශයෙන් ඒ සංස්කෘතියට, භාෂාවට මුහුවෙමින් එහිම කොටසක් ලෙසට ජීවත් වේ. එය වැරදි නැත. ඒ ලාංකිකයන්ගේ හැකියාවයි. යන තැනක මුහුවීමේ හැකියාව මුස්ලිම් ජාතිකයන්ට නැත. ද්‍රවිඩයන්ටද එසේමය, ඉන්දියානුවෝද වසන තැනක වසන්නට අමාරු ජාතියකි. ඒ අතින් අප ඉදිරියෙන් සිටියත් සිංහල ජාතියේ හෙනහුරාවී ඇත්තේද එයමය.

වෙනත් රටකට යන සිංහලයන් රටෙන් කෑල්ලක් ඉල්ලන්නේ නැත. ඉන්නා තැනක ඒ විදිහට ඉඳ යන විට එතැනින් යන්නට පුරුදුවී ඇත. ඉංග්‍රීසීන්ට, ද්‍රවිඩයන්ට, මුස්ලිම් ජාතිකයන්ට ඒ හැකියාව නැත. උරුලෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවා මෙන් එතැන් අල්ලා ගැනීම පරමාර්ථයයි. වතුරටිකක් බොන්න ගෙට ගත්තොත් ඒ ගෙහිමියාට එලියට බැස යන්නට වෙනජාතියේ වැඩ කිරීමට උපතින්ම හැකියාවක් ඇත්තවුන්ය.

මගේ පියාගේ පවුලේ දරැදැරියන් නවයකි. මවගේ පසින් ගණන තිදෙනෙකි. එහෙත් මගේ මවද පියාද පවුලට දරුවන් දෙදෙනෙකුට වඩා අපේක්ෂා නොකලොය. දරුවන් දෙදෙනෙකු ලැබුනුවෙලේ සිට පවුල් සැලසුම් පොතත් ගෙන ඒ ගෙදරට බඩගාන පවුල් සෞඛ්‍ය සේවිකාවන් අනිත් ජාතීන්ට නැතුවා සේය. පවුලේ ලමුන් හයහත පෝලිමේ හදයි. සිංහල පවුල් වල එක්කෝ එකාය නැත්තං දෙන්නාය. අනෙක් ජාතිකයන් අවුරුදු 20 25 වෙද්දී පළමු දරුවාට බීජ පැලකර අවසන්ට. එහෙත් අවුරුදු 30 පැන්නාට පසු හෝ ළඟ එන බව දැනුනු විට සිංහලයන්ට බඳින්නට මතක් වීම සිදුවීම දැන් සුලබව දකින්නට ඇත. අනේ ඉතිං එකෙක්ට දෙන්නෙක්ට වඩා හදන්නට කොහෙත්ම කාලයක් නැති ගානය. අපිත් අඩුම තරමේ දෙදෙනාගෙන් එහාට ගොස් තුන් දෙනෙක් වත් හදන්නේනම් යම් පිටුවැසිල්ලක් වනු ඇත. හමුදාවලට ලබාදෙන ලක්ෂය නම් ඒ අතින් අගයකල යුතු දූරදර්ශී ක්‍රියාවකි.

අපි බොහෝමයක් ජාතිවාදී නොවෙමු, බොහෝමයක් විට ජාතිවාදීව නොබැලුවෙමු. ඒ ජාතිය කුමක්වුවත් මනුෂ්‍යත්වය ලේවල තිබූනිසාවෙනි. එයින් ප්‍රෙයා්ජන ගත්තෝද බොහොමයකි. ඉදිරියේදීද එය එසේම සිදුවන්නේ අපට අමතක වීමද තදින් ඇති නිසාය. අප කඩයකට යන විට සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා නොබැලුවෙමු. අඩුවට දෙනවානම්, හොඳින් කතාකරනවානම් අප ඒ අලෙවිහලට ඇදෙන්නේ නිසැකයෙනි. ඒ අතින් මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉතා ඉහලිනි. සිංහල කඩයකට ගියවිට කතාකරන්න නොදන්නා සේවකයන් නිසා අලස හැසිරීම් නිසා එයට යලි නොයන්නට කරුණු යොදාගනී. (මම කොටුවේ සිංහල බෝජන ශාලාවට නොයා අනෙක් ඕනෑම පෙට්ටි කඩයකින් කමි). මුලු දිනයේම ආදායම එන පාරිභෝගිකයාගෙන් ඇල්ලීමට තැත්කිරීම අනෙක් කරුණයි. මේවා හදාගත හැකි වැරදි මුත් හැදෙන පාටක් නම් නැත

ලංකාවේ ඇති වූ ප්‍රථම ජාතිවාදී කෝලහාලය සිංහල ද්‍රවිඩ අරගලය නොවීය. ඒ මහනුවර යුගයේ ඇතිවු සිංහල මුස්ලිම් ජාතිවාදී කෝලහාලයයි. කඩුව අරන් ආගම ප්‍රචාරය කල මොහොමඩ්, ඇෆ්ගනිස්ථානය, නේපාලය ආදී රටවල බෞද්ධයන් විනාශ කර ආගම වැපිරුවා බොරුවක්ද නොව්. එහෙත් සෑම ආක්‍රමනිකයෙක්ටම වැරදුනු එකක් ඇත. සිංහලයන් එකමුතු වෙන වෙලාවක් සැම විටම පැමිණියේය. සිංහලයන් නැගීසිටින වේලාවක් පැමිනියේය. ඉවසීමේ සීමාව පනින වේලාවක් පැමිණියේය. ද්‍රවිඩයන්, බටහිරජාතීන්, ප්‍රභාකරන් ආදී රැසකට මේ සිංහල දිවයිනේ අයිතිය හෝ කොටසක් වුවමනා විය. එහෙත් එය සිහිනයක්ම විය. ඉදිරියේදීද එසේම වෙනත් ජාතීන්ට මේ පාරාදීසය වුවමනාවනු ඇත.. එහෙත් එය තවත් අසාර්ථක ප්‍රයත්නයක්ම වනු ඇත.‍

කරුණු පෙලගස්වා බැලීමේදී… අපේ වැරදි රාශියක් අනිකාගේ වාසිය කරගෙන ඇති බව පැහැදිලි නොවේද? අපට වැරදී ඇත්තේ කොතැනද? පිළියම් කල නොහැකි? පිළියම් කලයුත්තේ කුමන කොටසටද? අපි ජාතිය ගැන කතාකලොත් පමණක් ජාතිවාදී වේද? මේ සියල්ල සිතන්නට කාලය එළඹී ඇති ගැටලුය. සිතීම ඔබය බාරයි.

Tuesday, January 25, 2011

මුණි නන්දන සිරිපාද වඳිමු සමනල කන්දේ!

ශ්‍රීපාදස්ථානය

ශ්‍රීපාදස්ථානය, ආදම්ගේ පාදය, ශිවනෝලිපාද මලෛයි ආදී විවිධ නම් වලින් හඳුන්වන සමනල කන්ද බෞද්ධයින් වන අපට බුදුන් වහන්සේගේ පාදය තබා ඇති ස්ථානයක් ලෙස ඉමහත් ගෞරවයකින් සලකන ස්ථානයක්. අඩි 7,359ක් උසින් යුත් මෙම සමනල කන්ද සබරගමු පලාතේ පිහිටා තිබෙන අතර ශ්‍රීලාංකීය භූමිය පෝශණය කරන ප්‍රධාන ගංගා සතරක් සමනල කන්දේ සිට ආරම්භව ගලා බසිනු ලබයි.

මහවැලි කැළණි කළු වලවේ යන ගංගා
සමණල කන්ද මුදුනේ සිට පැන නැංගා

යනුවෙන් අපේ කවියා මේ ගංගා සඳහන් කර ඇත.

ඉතිහාස කථා, රස කථා, අත්භූත කථා, අත්දැකීම් රාශියක මූලාශ්‍රය වූ ශ්‍රීපාදස්ථානය එක් කථාවකින් අවසන් කල නොහැකි ආකාරයේ කථා සාගරයක්.

හැටන් පාර, කිතුල්ගල හරහා එරත්න මාර්ගය, රත්නපුර පලාබද්දර පාර වශයෙන් ශ්‍රීපාදස්ථානයට යන මාර්ග කීපයක් වුවතු ශ්‍රීපාද වන්දනාවේ ගිය සිංහලයා ඒ සෑම මඟකම පාහේ විවිධ සැමරුම් ස්ථාන, නවාතැන් ආදිය හරහා භූමිභාර දෙවියන් ලෙද සලකන සමන් දෙවියන් සිහිකරමින් ඉමහත් ගෞරවයකින් යන ආකාරය නන්දා මාලනී මහත්මිය ගැයූ මේ ගීයේ සඳහන් වන්නේ මේ ආකාරයෙන්.

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම්
ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට සිතාලා
සන්තොසිනේ ඉන්පිටත් වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
සීතගගුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
මලුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ

සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි //
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස්ගව්ව පසුකරමින් සාදු කියලා //
මහා මලුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගීතය බාගන්න