Showing posts with label වෙබ් අඩටි. Show all posts
Showing posts with label වෙබ් අඩටි. Show all posts

Wednesday, March 2, 2011

Age Of Empires Online

aoe-online-01-800
ඔන්න Age Of Empires ලෝලීන්ටනං සුභ ආරංචියක් තියෙනවා. Age Of Empires Online කියලා අලුතෙන් Microsoft ආයතනයෙන් හදන බීට එක ටෙස්ට් කරන්ඩ ඔන්න දැන් ඇප්ලිකේෂන් දාන්ඩ පුළුවන්.
මෙන්න සයිට් එක. www.ageofempiresonline.com
ගේම් එක මෙන්න මේවගේ වෙනවා කියලා තමා පින්තූර දාල තිබ්බෙ මාත් ආසම කරපු ගේම් එකක් හින්දා මාත් දැම්ම ඇප්ලිකේෂන් එකක්. ඉන්ටව් වගේම තමා, තෝරගත්තොත් දැනුම්දෙන්නං කියලයි තිබ්බේ. ඒ වගේම තමා බ්ලොග් එකේ කියල තියෙන විදිහටනං මේක free to play game එකක් විදිහටයි යන්නේOpen-mouthed smile

Tuesday, March 1, 2011

මොහොමඩ්ට නං වැඩේ හරි!

රට වැඩ කාරයෙක් කියල හිතාගෙන රටක කයිවාරු ගැහුව, තව ටික දවසකින් රටම අල්ලන්ඩ හිතං කෑ ගහපු මොහොමඩ්ට තමන් කුණු පුරෝ පුරෝ හිටපු කුණු කූඩෙත් අහිමි වෙලා පාටයි. මේ වැඩේ මොහොමඩ් හින්දා කේන්ති ගත්ත හුඟ දෙනෙක්ට හොඳ උනත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පැත්තෙන් බලන අයටනං කැත වැඩක්.

අමාරුවෙන් බොට් එකක් දාල නග්ගෝගත්ත හිට් රේට් එකත් එක්ක සයිට් එක සුම්ම උනහම මොහොමඩ්ටනං කාල ඉන්ඩ බැරුව ඇති. මොනා කරන්ඩද මොහොමඩ් සහෝ මම කිව්වනෙ.. සිංහලයො උඹ හිතනවට වැඩිය අමාරුකාරයො කියලා.

අනිත් බලාපොරොත්තුත් ඔය වගේම සුන්වෙනවා වේදනාවෙන් උනත් බලාගෙන හිටින්..

Wednesday, February 16, 2011

කියවන අයට–ReadPrint

ඉංග්‍රීසි පොත් කියවන්ඩ කැමති අයටයි මේ ආරංචිය..

ReadPrint කියන්නේ මට ලඟදි හම්බඋන වටිව කියන වෙබ් අඩවියක්. ඔයාලත් ඉංග්‍රීසියෙන් ලියපු පොත් එහෙම කියවනවනං මෙන්න නියම අවස්ථාවක්…

තාම මං කිසිම පොතක අගටම කියවල නං නෑ… හැබැයි කියෝපු ටිකේ කරදරයක් නං උනේ නෑ.. වටේටම ඇඩ් දාල හින්ද ටිකක් විතර කරදරයකුත් තියෙනවා. ඒත් ඉතිං නිකං දෙන පොත් වල විසිතර මිසක් ඒක දාල තියෙන විදිහ ගැන අපිට වැඩක් නෑනෙ.

Scribd වගේ පූරණය වෙන්ඩ කරදර තියෙන අඩවියක් නං නෙමේ. කරන්ඩ තියෙන්නේ පුංචි වැඩක්.

  • සයිට් එකේ රෙජිස්ටර් වෙන්ඩ..
  • ඕන කරන පොත හරි ලේඛකයා හරි හොයාගන්ඩ..
  • කියවන්ඩ පටන්ගන්ඩ…

හරිම ලේසියි..

මේ තියෙන්නේ ඉල්ලුමේ උඩම තියෙන පොත් කීපයක්

මේ ඉන්නේ උඩම ඉන්න ලේඛකයෝ කීප දෙනෙක්

ඉතිං මේකට ගිහින් තමන් කැමති පොත් හොයාගන්ඩ…

කමෙන්ටුවක් දාල ඔයා හිතන්නෙ මොකක්ද කියල කියන්ඩත් අමතක කරන්ඩ එපා..