Thursday, January 27, 2011

කියන්ඩ බලන්ඩ මම වැරදිද?

generic_clock

පාඩම් කරන්ඩ ගියාම අපිට ඒක නොකර ඉන්ඩයි.. පාඩම් කරන්ඩ කිව්වම ඒක නොකර ඉන්ඩයි හොඳ හේතු එපෑ.. මෙන්න හොඳ හේතු ටිකක්.

අවුරුද්දටම දවස් 365යි තියෙන්නේ

ඉරිදා දවස් 52
පොඩි විවේකයක් දාල ෆන් එකේ ඉන්ඩ ඉරිද තියෙන්නේ
තව දවස් 313

නිවාඩු කාලෙ දවස් 60යි
නිවාඩු කාලෙ පාඩං කරන්ඩ වැඩ කරන්ඩ පුළුවන්ද බං
තව දවස් 253

පැය 8ක් නිදාගන්ඩ ඕනෙ ඒකට දවස් 122
පැය අටක නින්ද ශරීරයට අවශ්‍යමයි
තව දවස් 131

දවසකට පැයක් සෙල්ලං කරන්ඩ ගියාම ඒකට දවස් 15
ශරීරයට ව්‍යායාම අවශ්‍යමයි
තව දවස් 116

දවසකට කෑමට පැය 2 ගණනේ දවස් 30ක් යනවා
නොකා ජීවත් වෙන්ඩ පුළුවන්ද
තව දවස් 86

විභාග දින 30
විභාග වලට ලියන්ඩම එපෑ
තව දින 56

යන්ඩ එන්ඩ පැය 2 ගණනේ දවස් 30ක්
යන්නෙ නැතුව ඒව අපි ගාවට එනවෑ
තව දින 26

ඉඳල හිටල විවේකයක් ගන්ඩ ගමනක් යන්ඩ දවස් 6ක්
ඒවත් කෙරෙන්ඩ එපෑ
තව දින 20

දවසකට පැයක් ටීවි එක බලන්ඩ දවස් 15ක් යනවා
රටේ ලෝකෙ තොරතුරු දැන ගන්නෙ නැතුව
තව දින 5

විභාග ප්‍රතිපල ගන්ඩ දවස් 2
ඒකත් වෙන්ඩ එපෑ..

දැන් ඉතුරු දවස් තුනේ එපෑ මේ ඔක්කෝම පාඩං කරන්ඩ..
ඉතින් ඔයාම කියන්ඩ මං වැරදිද?

ඔයා මේ බස් පදින්ඩ, බ්ලොග් ලියන්ඩ කථාකරනවා .. විකාර කෝ ඕවට වෙලාවක්

Wednesday, January 26, 2011

පුළුවන්නං මාව හැක් කරපං

hacker

කවුද අකමැති මෙහෙම තගක් දාන්ඩ නේද? ඒත් වැඩේ තියෙන්නේ අපිට අපේ තියෙන දේවල් සුවර් නෑනෙ නේද?

අපි ඉස්සල්ලම බලමු ඔයා හැකර්ලට කොච්චර සහයෝගයක් දෙනවද කියලා..

බෝයියගෙ/කෙල්ලගෙ හරි නම පාස්වර්ඩ් එකට දාන් ඉන්න අය අත උස්සන්ඩ…
උපන්දිනේ පාස්වර්ඩ් එකට දාන් ඉන්න අය අත උස්සන්ඩ…
අයි ඩී එකේ අංකෙ පාස්වර්ඩ් එකට දාන් ඉන්න අය අත උස්සන්ඩ…
password , 123456, abc123, password1 පාස්වර්ඩ් එකට දාන් ඉන්න අය අත උස්සන්ඩ… 
ෆෝන් එකේ අංකෙ පාස්වර්ඩ් එකට දාන් ඉන්න අය අත උස්සන්ඩ…

මේ තියෙන්නේ ලෝකෙ වැඩිම භාවිතා කරල තියෙන පාස්වර්ඩ්

හරි ඔන්න මම ඔයාලව හැක් කරල ඉවරයි. ඇයි මම පාස් වර්ඩ් එක දන්නවනෙ. බලන්ඩ ඔයාගෙ පාස්වර්ඩ් එක ෆේස්බුක් එකේ, චැට් වල, ප්‍රොෆයිල් වල දාල තියෙනවද කියලා…

ඒ කිව්වෙ ඔයාල විසින්ම කර ගන්න වැරදි කීපයක්. ඉතින් ඕවට නං කාටවත් බැනල සාප කරල වැඩක් නෑ.

හැබැයි කවුරුහරි අමාරුකාරයෙක්ට නිකං ඉන්ඩ බැරුව හැක්කරනවනං අපි ඒක අමාරු කරමු.. කොහොමද ඒක කරන්නේ.

පාස්වර්ඩ් එක හොරකං කරන ප්‍රධානම තැන ඔයාගෙ පෞද්ගලික පරිඝණකය. ඒකෙන් පාස්වර්ඩ් එක ගන්න එක ටිකක් අමාරු කරමු. ඔයාගෙම පරිඝණකයක් නම් මුලම තැනින් පටන්ගමු.. නැත්තං පියවර 2ට යමු.

BIOS වලට ආරක්ෂාව සැපයීම

පරිඝණකයක් මුරපද දාල තියෙනවනං ඒක කඩන්ඩ ලේසිම ක්‍රමය Bootable CD  එකක් දාල SAM (Security Account Manager) එකේ NT Hash එක ක්‍රැක් කරන එක. ඉතින් ඒකෙන් වලක්ව ගන්ඩ තියෙන ලේසිම ක්‍රෙම් Boot Order එක HDD එකෙන් මුලින්ම boot වෙන්ඩ දෙන එක. ඊට පස්සේ BIOS වලට පාස්වර්ඩ් එකක් දාන්ඩ. හරි දැන් බූට් CD එකක් දාල බූට් කරපල්ලකො බලන්ඩWinking smile

මෙහෙයුම් පද්දතිය මුර කිරීම

දැන් මෙහෙයුම් පද්දතියට මුරපද(password) දාමු. දන්නවද? හුගක් අලුත් මෙහෙයුමු පද්දති වලට ASCII සහයෝගය දක්වනවා කියලා.. *@#!%& දාපු කාලෙට යන්ඩ කියමු.. අලුත් විදිහට මුරපද දාමු.

Ç,ü,é,â,ä,à,å,ç,┤,╡,╢,╖,╜,ñ,Ü වගේ සංකේත වලින් පාස්වර්ඩ් දාල අමාරුකාරයා අමාරුවෙ දාමු… (Alt) අකුරත් එක්ක යතුරුපුවරුවේ අංක කීපයක් ඔබල ගන්ඩ පුළුවන් සලකුණු කීපයක් තමා මේ දාල තියෙන්නේ. උදා: Alt+174 : « , Alt+175 : », Alt+176 : ░, Alt+177 : ▒, Alt+178 : ▓ ඉතුරු අකුරු බලාගන්ඩ මෙතන කොටන්ඩ. ඊට අමතරව අපිට තව වැඩක් කරන්ඩ පුළුවන්.. සිංහල යුනිකෝඩ් වලින් මුරපද දැම්මත් ඔය කොයි අයියත් අමාරුවේ..

දැලේ රැකවරණයට

දැන් තියෙන්නේ අමාරුම සහ ලොකුම වැඩේ.. ඒ කියන්නේ ඔයාගෙ email, web hosting, file sharing, facebook ආදී නොයෙකුත් ගිණුම් වලට යොදන මුරපද රැකගැනීම හා හොඳ මුරපද යෙදීම. කිසිම වෙලාවක අර මුලින් කිව්ව විදිහේ මුරපද යොදන්ඩ එපා. දැන් තියෙන ඊලඟ ගැටලුව හුඟක් ගිණුම් වලට   !@# ආදී සංකේත යොදන්ඩ බැහැ. කේත ඇතුව හෝ නැතුව අංක සහ කැපිටල් සහ සිම්පල් අකුරු සහිතව මුර පදයක් මතක තියාගන්ඩ පුලුවන්නං හොඳයි. ඒත් ඒක කරන්ඩ බැරි නං තව වැඩක් තියෙනවා. තමං කැමතිම වාක්‍ය ඛණ්ඩයක් ගන්ඩ.. අපි උදාහරණයකට ගම්මු Mess with the best. Die like a rest මේක ඔයාගෙ මුරපදය කරගන්ඩ පුළුවන් මේ විදිහට Mwtb8Dlar.

අනිත් ප්‍රධානම කාරණය.. මුරපදය අනිත් අයට දෙන්ඩ එපා… දෙනවනං ඉතින් මුරපදේට 123 දාල තිබ්බත් අවුලක් නෑ… Open-mouthed smile

බස්බ්ලොග් සතියේ 3වන ලිපිය

ඔයාලට හිතෙන දේවල් කියල යන්ඩ අමතක කරන්ඩ එපා

Tuesday, January 25, 2011

මුණි නන්දන සිරිපාද වඳිමු සමනල කන්දේ!

ශ්‍රීපාදස්ථානය

ශ්‍රීපාදස්ථානය, ආදම්ගේ පාදය, ශිවනෝලිපාද මලෛයි ආදී විවිධ නම් වලින් හඳුන්වන සමනල කන්ද බෞද්ධයින් වන අපට බුදුන් වහන්සේගේ පාදය තබා ඇති ස්ථානයක් ලෙස ඉමහත් ගෞරවයකින් සලකන ස්ථානයක්. අඩි 7,359ක් උසින් යුත් මෙම සමනල කන්ද සබරගමු පලාතේ පිහිටා තිබෙන අතර ශ්‍රීලාංකීය භූමිය පෝශණය කරන ප්‍රධාන ගංගා සතරක් සමනල කන්දේ සිට ආරම්භව ගලා බසිනු ලබයි.

මහවැලි කැළණි කළු වලවේ යන ගංගා
සමණල කන්ද මුදුනේ සිට පැන නැංගා

යනුවෙන් අපේ කවියා මේ ගංගා සඳහන් කර ඇත.

ඉතිහාස කථා, රස කථා, අත්භූත කථා, අත්දැකීම් රාශියක මූලාශ්‍රය වූ ශ්‍රීපාදස්ථානය එක් කථාවකින් අවසන් කල නොහැකි ආකාරයේ කථා සාගරයක්.

හැටන් පාර, කිතුල්ගල හරහා එරත්න මාර්ගය, රත්නපුර පලාබද්දර පාර වශයෙන් ශ්‍රීපාදස්ථානයට යන මාර්ග කීපයක් වුවතු ශ්‍රීපාද වන්දනාවේ ගිය සිංහලයා ඒ සෑම මඟකම පාහේ විවිධ සැමරුම් ස්ථාන, නවාතැන් ආදිය හරහා භූමිභාර දෙවියන් ලෙද සලකන සමන් දෙවියන් සිහිකරමින් ඉමහත් ගෞරවයකින් යන ආකාරය නන්දා මාලනී මහත්මිය ගැයූ මේ ගීයේ සඳහන් වන්නේ මේ ආකාරයෙන්.

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම්
ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට සිතාලා
සන්තොසිනේ ඉන්පිටත් වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
සීතගගුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
මලුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ

සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි //
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස්ගව්ව පසුකරමින් සාදු කියලා //
මහා මලුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගීතය බාගන්න

Monday, January 24, 2011

මහා බස් බ්ලොග් සතියට

All rise

බ්ලොග් සතියෙ මුලම ඔන්න මම ලියන්ඩ යන්නේ මම ඉංගිරීසි සින්දු අහන්ඩ පුරුදු උන සිංදුව ගැන. ඒක මට ඉස්සෙල්ලම අහන්ඩ දුන්නේ ගෑණු ළමයෙක්… මම ඒ ළමයට තිබ්බ හිතවත් කමට සින්දුවට ආස උනාද නැත්තං සිදුවෙ තිබ්බ අමුතු ගතියකට ඒකට ආසාවක් ආවද කියල හරියටම මට විශ්වාසයක් නැතත් මම මේ සින්දුවටනං ඇත්තටම ආසයි.

විනාඩි 3 තත්පර 44 ක ධාවන කාලයකින් යුත් pop සහ r&b ගණයට අයත්වන 2001 නිකුත් උන මේ ගීතය Blue නම් සංගීත කණ්ඩායමේ පළමු ඇල්බමයේ අඩංගු උන ගීතයක්. ඉතා කෙටි කාලයකින් විශාල ප්‍රසිද්දියක් ලැබීමට හැකි වූ ගීතයක් කියලා මේක හැඳින්වුවත් වරදක් නෑ.

2001 මැයි මස නිකුත් වූ මේ ගීතය

  • නවසීලන්තයේ අංක 1 හැටියටද
  • ඔස්ට්‍රේලියා Top 40 හි 3 වන තැනටද
  • UK Singles chart හි 4 වන ස්ථානයටද
  • අයර්ලන්තයේ අංක 5 ලෙසද

    පැමිණුන අතර ඇල්බම් 200,000 කට වඩා අලෙවි වූ බවද කියවෙනවා..

    එහි පද රචනා මෙසේ විය.

    Yo, yo
    Stargate
    Yo, yo

    Your honour please
    Gotta believe what I say (say)
    What I will tell (tell)
    Happened just the other day (day)
    I must confess (confess)
    'Cos I've had about enough (enough)
    I need your help (help)
    Got to make this here thing stop (stop)

    Baby I swear I tell the truth (uhuh)
    About all the things you used to do (come on)
    And if you thought you had me fooled
    I'm tellin' you now objection overruled
    Here we go (oh baby)

    One for the money and the free rides
    It's two for the lie that you denied
    All rise (all rise)
    All rise (all rise, all rise)
    Three for the calls you've been making
    It's four for the times you've been faking
    All rise (I'm gonna tell it to your face)
    All rise (I rest my case)

    You're on the stand (stand)
    With your back against the wall (wall)
    Nowhere to run (run)
    And nobody you can call (call) oh no
    I just can't wait (wait)
    Now the case is open wide (wide)
    You'll try to pray (pray)
    But the jury will decide (decide)

    Baby I swear I tell the truth (uhuh)
    About all the things you used to do
    And if you thought you had me fooled (come on)
    I'm tellin' you now objection overruled
    Oh baby

    One for the money and the free rides
    It's two for the lie that you denied
    All rise (all rise)
    All rise (all rise, all rise)
    Three for the calls you've been making
    It's four for the times you've been faking
    All rise (I'm gonna tell it to your face)
    All rise (I rest my case)

    So step back 'cos you don't know this cat
    I know deep down that you don't want me to react
    I lay low leaving all my options open
    The decision of the jury has not been spoken
    Step in my house you find that your stuff has gone (gone)
    But in reality to whom does the stuff belong
    I bring you into court to preach my order
    And you know that you overstep the border, uhuh

    It's two for the lie that you denied (ooooh)
    All rise (all rise)
    All rise (all rise, all rise)
    Three for the calls you've been making (yeah)
    It's four for the times you've been faking
    All rise (all rise, all rise)
    All rise (all rise, all rise)

    One for the money and the free rides (what you say)
    It's two for the lie that you denied (can't you pay)
    All rise (what you've done)
    All rise
    Three for the calls you've been making (what you say)
    It's four for the times you've been faking (can't you pay)
    All rise (what you've done)
    All rise (where you've gone)

    One for the money and the free rides
    It's two for the lie that you denied (ohhh)
    All rise (ohhh) all rise (uhuh uhuh)
    Three for the calls you've been making
    It's four for the times you've been faking
    I said all rise
    I'm gonna tell it to your face
    All rise, I rest my case (uhuh uhuh)

  •  

    Open-mouthed smileඉතින් සින්දුවත් රස විඳලා… මොනවා හරි ටිකක් කියලත් යන්ඩ Open-mouthed smile

    Saturday, January 22, 2011

    මලක් උනේ ඇයි නුඹ මට

    පුංචි කාලෙ හිත හීතල වෙන පුංචි පුංචි කේස් ජීවිතේ පුරාවටම අමතක නොවෙන දේවල් වෙන්නේ පුදුම විදිහට..

    ඒ දවස්වල ඉතිං අපි 5හේ පන්තියේ.. පුංචි ලස්සන කෙල්ලෙක් හිටියා හරියට පුංචි සුරංගනාවියක් වගේ. කතාකරද්දි හිත හීතල වෙලායනවා. දකිද්දි ඇඟ කූල් වෙලා ලොක්වෙලා යනවා.. අතක් පයක් වැදුනොත් කරන්ට් වැදුන වගේම තමා… හැබැයි මේ කාලෙ ආදරයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැද්ද කොහෙද.. ඒක පුදුම හැඟීමක්.

    පුංචි සුරංගනාවි හරි පන්ඩිතයි.. හැබැයි මීටරේ. පන්ති නායිකාව වැඩ කෝටියයි.. අපි…. පන්තියේ ඇම්ඩන්ලා. කියන දෙයක් අහන්නේ නැති, ගෙදර වැඩ නොකරන, වලි දාගන්න, රට වටේ දුවන ටීචව පිස්සු වට්ටෝන නාක ලමයි Open-mouthed smile

    ඉතින් අපිව දාල තිබ්බෙ පන්ති නායිකාවගෙ ගෘප් එකටමයි.. හැදෙන්ඩ කියලා.  අනේ ඉතිං අර සුරංගනාවි පුදුම ගේමක් දුන්නේ අපිව හොඳ ළමයි කරන්ඩ. අනිත් නරක ලමයි එයාවත් අවුස්සනවා. මට ඉතින් මල පයිනවා.. නැද්ද මං අහන්නේ .. එහෙම වෙනවනේ. මට අර පුංචි සුරංගනාවිට කතාකරගන්ඩ බැරි තරං නිකං ගල්වෙලා යන සීන් එකක් වෙනවා.. මට තාම හිතාගන්ඩ බෑ.. ඒත් මම කියන හැමදේම පට ගාල කරනවා. අනිත් උන් දුවනවා පිස්සු කෙලිනවා.. මටත් යන්ඩ ඕනෙ.. ඒත් මට යන්ඩ බෑ.. මම පුංචි සුරංගනාවි දිහා බැලුවාම එයා මට ඔලුවෙන් කියනවා යන්ඩ එපා කියලා.. ඉතින් දෙයියනේ මම කෝමද යන්නේ. ඉතින් පුදුම මම ඉවසීමකින් ඉන්නේ.

    ඒකම තමා මගෙ හෙනහුරා උනෙත්. මම හොඳ වෙලා කියලා ටීචට හිතිලා මාව උපනායකය කරලා වෙන කණ්ඩායමකට දැම්මා… මට බෑ.. මට වෙන කණ්ඩායමක ඉන්ඩ බෑ.. ඒත් ඒක කොහොමද ටීචට කියන්නේ.. මම දන්නවා ඔයත් කැමති නෑ මම වෙන එකකට යනවට.. ඒත් මට යන්ඩ උනා.. තව ටික කාලෙකින් මට ඒ ඉස්කෝලෙන්ම යන්ඩ උනා.. මම දැක්කා ඔයා මගෙ දිහා දුකෙන් බලාගෙ ඉන්නවා.. ඒත් මට මේකෙ ඉන්ඩ බෑ.. මට යන්ඩම වෙනවා. මොනව කරන්ඩද මගෙ පුංචි සුරංගනාවියේ.. ලොකය හරිම කුරිරුයි.. අද ඔයා තවත් ලස්සන වෙලා තරුණ කෙල්ලෙක් වෙලා ඇති.. මගදි දැක්කත් මට ඔයාව අඳුරගන්ඩත් බැරිතරං ඔයා ලස්සන වෙලා ඇති. ඒත් මම දන්නවා අද ආපහු ඔයාව මුන ගැහුනත් මට කතාකරගන්ඩ බැරුව යනවා.. ඒක සත්තයි.

     

    මලක් උනේ ඇයි නුඹ මට - ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට - ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ - ජීවිතයට මග කීවද
    ඒ එළියෙන් මහද පහන් - දල්වනු කෙලෙසින්

    කියන්න..

    මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන //

    සහන් ගීතිකාවක් සේ - ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොඳුරු වදන් - මුමුනමි කෙලෙසින්

    කියන්න..

    මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන //

    ගායනය : අමරසිරි පීරිස්

    බාගන්ඩ කැමති අය ඉන්නවනං මෙන්න බාගන්ඩ

    රත්තරන් නෙත් දෙකෙන්

    2421588416_f9e15ea13d

    රත්තරන් නෙත් දෙකෙන් - සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල් - නිවන්න රත්තරන් //

    තාරකා සිනා දැලේ - රන්කැලුම් දිගේ
    ආදරේ ගලා හැලේ - සිහිනයක් වගේ
    පාලුවේ වෙලී -  හඬාවැටෙද්දි ජීවිතේ
    මා දිහා ලඟාව ඉන්න - රත්තරන් මගේ

    රත්තරන් නෙත් දෙකෙන් - සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල් - නිවන්න රත්තරන් //

    මාරුතේ හමා වනේ - මල් උයන් දිගේ
    පාවෙනා වලාකුලේ - සිසිලසක් වගේ
    වේදනා නිවී ඔබේ - සුනීල නෙත් විලේ
    ජීවිතේ සිනා නගාවි - සෙනෙහසින් හදේ

    රත්තරන් නෙත් දෙකෙන් - සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල් - නිවන්න රත්තරන් //

    ගායනය : ටී එම් ජයරත්න
    පද : කුලරත්න ආරියවංශ

    සින්දුව අහන්ඩ කැමතිනං…
    http://goo.gl/s0Ye0 එකෙන් බාගන්ඩ

    Wednesday, January 12, 2011

    ඔන්න ඉතිං මම පොඩි එකා සන්දියේ….

    report_card_imageපොඩි එකා කියන්නේ.. චූටිම එකා වෙච්ච වෙලේ ඒ කියන්නේ ඉපදිලා ගෙදර එන්ඩ හදද්දි දෙනවනේ පොඩි රිපෝට් කාඩ් එකක්.

    ඉතින් ඉස්කෝලෙ වගේම තමා ඒකෙත් තියෙනවා… මූ පිළිබඳ සැලකිලිමත් වෙන්ඩ කියලා.. ඒතුව පස්සෙ තිබ්බ හේතු එහෙම නෙමේ.

    හේතුව මගේ බර අඩු වීම… අනේ ඉතින් ඉපදිච්ච දවස් වල මම නිකං හනස්සක් වගේලු. අපේ මහප්ප මාව දැකල අර මොකක්ද ප්‍රකාශය කරල මෙහෙම (මූ දැන් මෙහෙම හනස්ස වගේ හිටියට තව ටික කාලෙකින් මූව ආම්බාන් කරන්ඩ ඇතෙක් ගේන්ඩ වෙයි කියලා) ඉතින් ඒ වගේ ප්‍රකාශ ඉතිහාසෙවත් වැරදිලා නැති හින්දා.. ඕව මම වෙනස් කරන එක හරි නෑ නෙ. ඉතින් මම වහාම ක්‍රියාත්මක වන පරිදි එහෙම වීමේ මහා ක්‍රියාමාර්ගයක් ඇරඹුවා. ඉතින් ඔන්න අනේ රෙදි කෑල්ලක ඔතාගෙන ගෙදර ආපු පුංචි හනස්ස පළවෙනි මාසෙ ඉවර වෙද්දි රතු ඉර පන්නලා.. තුන්වෙනි මාසෙ වෙද්දි කලු ඉරත් පන්නලා… ගමේ බර කිරන පවුල් සෞඛ්‍ය සේවිකා නෝන වහාම ක්‍රියාත්මක වන පරිදි අර “විශේෂ කරුණු” කොටුවෙ තිබ්බ එක පෑනෙන් කපල දාල…

    ඒ කාලෙ ඉඳලා මම බඩගිනිකාරයා. දොස්තර ඉතිං මං ගැන දන්නවයැ. ඔන්න අම්ම මාව ඉඳල හිටල දොස්තරව හම්බෙන්ඩ අරං ගියාම කියනවලු.. කන්ඩ දෙන්ඩ ඕන විදිහ..

    බත් ටික හොඳට පොඩි කරලා, තව මොන මොනවද දාල කවලා පුළුවන්නං කෙහෙල් කෑල්ලකුත් නවන්ඩ

    අනේ ඉතිං ඒ වෙද්දි මේ පොඩි එකා.. බතුත් කාල, ත්‍රිපෝෂත් කාල, කෙහෙල් ගෙඩියක්මත් කාල කිරි බෝතලෙත් කටේ ගහගෙන නිදාගන්නවලු.. ඉතින් ඕව දොස්තරට කියන්ඩ පුලුවන්යැ නේද?

    ඔන්න ඉතින් ඔය විදිහට තමා ජීවිතේ පටන් ගැන්ම…

    Tuesday, January 11, 2011

    සිතුවිලි සාරාශයක්

    ජීවිතේ මහ පුදුම දෙයක්, වෙලාවකට කිසිම හැල හොල්මනක් නැතුව ගලාගෙන යනවා. වෙලාවකට ලස්සන ලඳුමැද්දෙන් පුංචි ගල්වල වැදි වැදි ගලාගෙන යනවා. තවත් වෙලාවකට මහා දිය ඇලි, වලවල් භයංකාර රැලි. තවත් වෙලාවකට හතර වටේ කොටු වෙච්ච ජලාශ, කොහෙ බැලුවත් අගක් මුලක් නෑ.. අන්තිමට මේ කොයිදේත් ඉවර වෙලා මුහුද හොයාගෙන යනවා.

    බුදුදහමට අනුව බැලුවම මරණය කියන්නෙත් මෙලෝ රහක් නැති වැඩක්. පව් කලොත් අපායට, ශේප් එකේ හිටියොත් මනුස්ස ලෝකෙට, වැඩිපුර කඩේ ගියොත් දිව්‍යෙලෝකෙට.

    පස්පව්… නොකර ඉන්ඩ පුලුවන්ද අප්පා..

    අනේ මන්ද මමනං ඔය 5ම කරල තියෙනවා. ඉතින් සුවර් ඇන්ඩ් ශොට් මම අපායට. ඒකත් අවුලක් නෑ මේ ලංකාවට වඩානං…

    කියන්ඩ කථා නං ගොඩයි. ඒත් අගක් මුලක් නැති හින්දා කොතනින් පටන් ගන්ඩද මන්ද.. ඇත්තටම මම ජීවිතේ විඳවන්ඩ කැමති නෑ. ඒත් අකමැත්තෙන් උනත් වැඩිය කරලා තියෙන්නෙත් ඒක.

    අන්තිමේ බෝතලෙත් එක්ක සෙට්වෙලා.. කිසිම දෙයක් සීරියස් ගන්නෙ නැතුව ඔහේ ගලාගෙන යන්ඩ දුන්න ජීවිතේ එක්තරා විදිහකට මම ජීවත්වෙන්ඩ කැමති විදිහයි. ඇත්තටම මිනිස්සු මැරෙන්ඩ බය දේවල් මට එච්චර අවුලක් නෑ.. මං හිතන්නේ මම ඒක එනකං ඉන්න හින්දද කොහෙද.

    ඉතින් වෙලාවක කොනක ඉඳලා කතාව පටන් ගන්නං.

    Sunday, January 9, 2011

    බ්ලොග් ලිවිල්ලට මුල සිට!

    සිංහල උණ හැදිච්ච කාලෙක සිංහල බ්ලොග් ලිවිල්ල උණක් කරන් ඉඳලා... කාලයත් එක්ක බ්ලොග් එක නැත්තටම නැතුව ගියා. දැන් ආපහු තනිකම කම්මැලිකම හිතට ඇවිත් වද දෙද්දි, මැෂින් වගේ වෙලා තියෙන ජීවිතේ අලුත් විදිහකට ලියන්ඩ ඕනෙ කියලා හිතුනේ මාරයගේ බ්ලොග් එක දැකලා.

    ඇත්තටම එච්චර දේවල් ගොඩක් ලියන්ඩ නැතත්.. මාත් මැෂින් එකක් වෙන්ඩ අකමැති එක්තරා විදිහක පිස්සෙක් හින්දා. මොනවා හරි ලියන්ඩ හිතුනා.

    කොච්චර කාලයක් මොනව ලියයිද කියලා කියන්ඩ බැරි උනත්... මොනවා හරි ලියනවාමයි...

    කියවන්ඩ පුළුවන්ද බැයිද කියන එක කියවන අය තීරණය කරයි... පුළුවන් අය කියවයි... බැරි අය නෑවිත් ඉඳියි...

    ඒත් මම ලියයි.