Showing posts with label අන්තර්ජාලයෙන් මුදල්. Show all posts
Showing posts with label අන්තර්ජාලයෙන් මුදල්. Show all posts

Monday, February 28, 2011

e-money || පොඩි පොඩි වැඩ

හරි හැමදාම ඇඩ් ක්ලික් කර කර ඉන්ඩත් බෑනෙ අනිත් එක හැමදාම 0.02ට කඩේ යන්ඩ පුලුවන්ද නේද… මේන් එහෙනං ඊට වඩා ටිකක් හොඳ එකක්. මේක තවත් Bux සයිට් එකක් නං නෙමේ. හැබැයි සල්ලි හම්බෙනවත් වැඩියි. සල්ලි ගන්ඩ හම්බකරන්ඩ ඕනෙ ගානත් වැඩියි.

මේකෙ Cash Out එක $9 + Commission (6% – 6.5%)

සාමාන්‍යෙයන් පොඩි වැඩක් කරලා 0.1$ ඉඳලා 0.25$ විතර වෙනකං ගෙවනවා. ඊට අමතරව හොඳ PR (Page Rank) තියෙන බ්ලොග් එකක් තියෙනවනං එක වැඩකට 3-4$ විතර වෙනකං හොයන්ඩ පුළුවන්.

පහල තියෙන බැනර් එකට ගිහින් රෙජිස්ටර් වෙන්ඩ පුළුවන්

logo505

එහෙනං වැඩේ කරල කීයක් හරි හොයාගන්න ගමන් අපිටත් පොඩි කමෙන්ට් පාරක් දාල යන්ඩ අමතක කරන්ඩ එපා Open-mouthed smile

Tuesday, February 22, 2011

e-money (Online Banking)

සිංහල

ඔන්න මම විද්‍යුත් මුදල් එහෙම නැත්තං අන්තර්ජාලයෙන් මුදල් හෙවීම සම්බන්ධව පොඩි ලිපියක් ලියන්ඩ යන්නේ. අන්තර්ජාලයේ සිංහල බ්ලොග් පැත්තෙ රවුමක් ගැහුවත් මේකට සම්බන්ධ ලිපි හොයාගන්ඩ බැරිවෙන්නේ නං නෑ.

ඒත් කමක් නෑ. දන්නෙ නැති කෙනෙක්ට ඕන වෙන විදිහට මුල ඉඳල කියල දෙන්ඩයි යන්නේ.

අපි Online Job කලාම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමා ඒ වැඩ කරල ගන්න සල්ලි කොහොමද ඒකට තියෙන ලේසිම ක්‍රමය Online Banking System එකක් පාවිච්චි කරන එක.

මොනවද තියෙන ඔන්ලයින් බැංකු සේවා

    1. ඇලර්ට්පේ www.alertpay.com
    2. පේපෑල් www.paypal.com

තව එව්වා තියෙනවා.. ඒත් අපි මූලික වශයෙන් පාවිච්චි කරන්නේ මේ දෙක තමා. එයිනුත් ලංකාවට කරදරයක් නැතුව සල්ලි ගෙන්න ගන්ඩ පුළුවන් සේවාව සපයන්නේ ඇලර්ට්පේ සේවාව තමා.

මේක ටික හුඟක් අයට ඕන වෙන එකක් නෑ.. ඒත් මෙන්න උදව්වක් ඕන උනොත්

a1a2a3a4a5a6

මේකට සල්ලි දාගන්න විදිහ හෙට කියන්නං Open-mouthed smile

Monday, February 21, 2011

ලාංකීය සමාජයේ රකුසන් පිළිබඳ විමසා බලමු 2

පළවෙනි ලිපියේ කියන දේ තේරුනේ නැද්ද, එහෙම නැත්තං නියමෙට තේරුණා කණ්ඩායම් අලෙවිකරණය නියමෙටම නියමයි කියන්ඩවත් දෙයක් නෑ කියලද.. එහෙම නැත්තං උඹේ ලිපිවලට අපි කොමෙන්ට් දාන්නේ නෑ කියලා හිතලද මන්දා කමෙන්ට් එකක් වත් වැටුනෙ නෑ. කොමෙන්ට් වැටුනත් නැතත් මට ඇති කියලා හිතෙනකං ලියනවා කියලා මම කිව්වනේ. ඉතිං…

අන්තිමට බ්ලොග් ගඩොල් කියල තිබ්බ විදිහට වර්ඩ් වෙරිෆිකේෂනුත් අයින් කරලා ඊළඟ ලිපිය ලියන්ඩ ආව..

ජොබ් එකෙනුත් අයින් වෙලා වීසා එනකං ඉඳිද්දි කරන්ඩ තියෙන අමාරුම වැඩේ තමා නිකං ඉන්න එක. ඒ වෙලාව මොකකට හරි යොදවන්ඩ ඕනෙ කියල හිතුනම ආපු ප්‍රධාන අයිඩියා එක තමා ඔන්ලයින් ජොබක් කරන එක.

ඔන්න ඉතිං එක එක බ්ලොග්, ගුගුල්, වෙබ් සයිට් අස්සේ මේ ගැන මොකද කියන්නේ කියලා හොයාගෙන හොයාගෙන යද්දි හොඳට විස්තර තියෙන බ්ලොග් අඩවි, වෙබ් අඩවි හම්බුනා.. ඒ හුඟක් දේවල් වල මොකක් හරි ප්‍රශ්ණයක් ඉතුරු උනා.. සමහර බ්ලොග් ඔන්ලයින් ජොබ්, බ්ලොග් වල ඇඩ් දැමීම පතුරු ගහල තිබ්බා. තව හුඟක් දේවල් වල තිබ්බ ප්‍රශ්ණයක් අපි ඉන්න රට.. ඒ වගේම සමාජයේ e-money කිව්වහම ඒගැන තියෙන අවබෝධය වගේම දැනුම.

ඉතිං ඔන්න තවත් රකුසෙක් වෙච්ච ඔන්ලයින් ජොබ්.. හෙවත් අන්තර්ජාලයෙන් මුදල්.. මුදලාලිගේ විදිහට කියනවනං මාසෙකට රු30000කට වඩා ගෙදර ඉඳලම හොයන විදිහ ගැන කථා කරන්ඩයි යන්නේ..

මේක කරන්ඩ පුළුවන්ද?

මට නං කියන්ඩ තියෙන්නේ අනේ මන්ද කියලා.. මොකද මම මේ වෙනකං ඔය ලේසියට අන්තර්ජාලයේ දෙනවයි කියන තඹ ඩොලර් සතයක්වත් අරං නෑ. හැබැයි මේ ටිකේ පොඩි උත්සහයක් දානවා.. වැඩේ සාර්ථක උනොත් ඒ පිළිබඳ හරි විස්තරයක් දාල පොඩි ලිපියක් ලියන්ඩ හිතං ඉන්නවා.. ඔය කියන උත්සාහයේ ප්‍රථිපළ නං මේ බ්ලොග් අඩවියේ පැත්තක දාල තියෙනවා.. කැමති කෙනෙක් ඉන්නවනං පොඩි හිට් එකක් දාල සප් එකක් දුන්නොත් බොහොම ස්තුතියි.. නොදැම්මත් කිසි අවුලක් නෑ..

මම කතාකරන්ඩ යන්නේ … මේක කරන්ඩ පුළුවන් බැරි කතාව නෙමේ මේක ලංකාවේ ව්‍යාප්ත නොවෙන්ඩ හේතු.. එහෙම නැත්තං e-money.. ලංකාවෙ රාස්සයෙක් වෙන්ඩ හේතු මොනවද කියලා..

1) තුප්පහිකම

මම මේකට වඩා ලියන්ඩ හොඳ වචනයක් මතක් කලා.. ඒත් ආවෙනෑ. හේතුව මේකයි. මට වඩා මේ අත්දැකීම e-money හොඳට කරන අයට ඇති. යාලුවගෙන් සයිට් එක ඉල්ලගෙන refferal අයින් කරලා ලියාපදිංචි වීම. මේක කරන්නේ ඇයි කියලනං සට තාම හරියට මීටර් නෑ. හැබැයි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක වෙනවා.. මේ දේ කොහොමද e-money වලට බල පාන්නේ?

මම මේ දවස් වල හොයපු ඉගෙනගත්ත දේවල්වලින් තේරුම් ගත්ත දෙයක් තමා මගේ මීට කලින් ලිපියත් එක්ක මේක බැඳෙනවා කියන එක. හේතුව කණ්ඩායම් අලෙවිකරණයෙයි. e-money වලයි දෙකේම එක ලක්ෂණයක් තියෙනවා. කණ්ඩායම් බිහිකරගැනීම. ලංකාවෙ අයට කරන්ඩ අමාරුම එකත් ඒකමයි. බොරුකියන්ඩ ඕනෙ නෑ.. මටත් අමාරුම දේ ඒකයි. අපේ කස්ටියට බොන්ඩ ගියොත්… බලන්ඩ ඒකත් කට්ටිය කියන එක හෝ ඒවාගේ වචනයක් නැතුව කියන්ඩ අමාරුයි. අපේ සෙට් එක. අපේ ෆිට් එක. ආදී එකී මෙකී නොකී වචන වලින් හැඳින්වෙන කට්ටියත් එක්ක බොන්ඩ ගියාම තියෙන ෆිට් එක. හැබැයි ඒ අයගෙන් බෝමයක් වැඩක් කරන්ඩ ගියාම ගෑනු ළමයින්ගේ යාලුකම වගේ වෙනවා.. ඒ කියන්නේ ඉන්න තැන.. අනිවා මචන් එකෙන්ම.. ළඟ නැතුවම මාරු.. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ.. “මම බිසී මචන්”.

ඉතින් අනේ අර කණ්ඩායමක් සෙට් කරන් උන්ගෙ ෆිට් එකෙනුත් දවසට වදින හිට් 3 –4 එකතු උනානං පටස් ගාල සෙට් වෙන එක.. මාසයක් තනියම අදින්ඩ ඕනෙ..

මේ පොඩි උදාහරණයක්

x කියන බක්ස් අඩවිය 1 ඇඩ් එකක් ක්ලික් කරනවද 0.02$ ගෙවනවා
x කියන අඩවියට ඔයා එක්ක කරන යාලුවෙක් ඇඩ් එකක් ක්ලික් කරනවට 0.01$ ගෙවනවා කියලා හිතමු.

ඔයා යාලුවො 10ක් හඳුන්වලා දෙනවා.. ඒ යාලුවො දවසකට ඇඩ් 4ගානෙ ක්ලික් කරනවා

0.01 X 10 X 4 = 0.4$
0.02 x 4 = 0.08$

0.48 X 7 = 3.36$

කොහොමද වැඩේ..

හැබැයි ඔයා තනියම කලොත් 0.56$

පැහැදිලිද මම කියන දේ?

මම ඉල්ලන්නේ පොඩි දෙයක්. තමන්ට දවසකට වැය වෙන්නේ විනාඩි 2ක් විතර..  ඒ කියන්නේ තත්පර 30 එව්වා 4ක්.. ඒත් ඒක යාලුවට ලොකු උදව්වක්.. ඒක විනාඩි 2කට වඩා ගොඩක් වැඩි වෙයි. ඔයාට ඕනෙ නෑ කියලා හිතුනත්.. පුළුවන්නං යාලුවා වෙනුවෙන් දවසට ඇඩ් 4ක් ක්ලික් කරල දෙන්ඩ..

2) විශ්වාස නැති කම..

මචන් අහවල් ලිංක් එක ක්ලික් කරලා ඇඩ් ටිකක් දාල දීපන් බං.. හරි ඊට පස්සෙ උත් නෑ.. ඇඩ් එකක් ඕපන් කරන් හිටියට හම්බෙන්නේ 0.01 නැත්තං 0.02 යි.. ඒකෙන් ආප්පයක් කන්ඩත් බෑ.. මේක ගන්න විදිහක් මූ කිව්වෙත් නෑ.. වැඩේ ක්ලෝස්..

පේනවා නේද e-money bux system එකයි.. Network Marketing එකයි කොච්චර සමානද කියලා. අනිත් පුරුක උනන්දු වෙන තරමට දෙන්නටම හොඳා.. ඉතින් ලංකාවෙ අපේ කස්ටියගේ වැරැද්ද තමා ඒ පස්සෙ සිද්ද වෙන්ඩ ඕන එක නොවෙන එක… ඇත්තද බොරුද? වැඩේ කරන ළමයි කියන්ඩ බලන්ඩ

3) ගැට වලට අසුවීම හෝ තමන් විසින්ම ගැට දමා ගැනීම.

Bux කාරයින්ට සල්ලි වැඩි හින්දා උන් අපිට අනේ මේන් කියලා සල්ලි දෙන්නේ නෑ. උන් කරන්නේ බිස්නස් එකක්. අනිත් හැම IT වැඩක්ම වගේ ඒකත් සල්ලි යොදෝල සල්ලි හොයනවා.. ඒ අතරෙ සල්ලි නොදී පනින උනුත් අනිවාර්‍යෙන්ම ඇති. ඒවගේ එව්වා අනිත් අයත් දැනුවත් කිරීම මගින් මඟහරින්ඩ පුළුවන් දේවල්. හැබැයි මම තව දැක්ක දේවල් තියෙනවා. අපි හා කියල Agree වෙන එව්වා කරල ඉක්මනට සල්ලි හොයන්ඩ හදන අය.

  1. ගිණුම් කිහිපයක් හදාගැනීම මගින් ඉක්මනින් මුදල් සෙවීමට තැත් කිරීම.
  2. එකම IP භාවිතයෙන් ගිනුම් භාවිතා කිරීම. ආදී කරුණු නිසා..

තමා විසින්ම මුදල් ලබාගැනීමට ඇති හැකියාව අහිමිකරගැනීම.. මේවායින් වැලකීම සඳහා.. Terms of Services දාල තිබ්බට අපි ඒක බලන්නේ නෑනේ නේද?

4) හොඳ portfolio එකක් සදා නොගැනීම

මේක බලපාන්නේ Odesk, Elance, Freelance වගේ සයිට් වල වැඩ හොයන අයට.. අනික බොරු කියන්ඩ ඹ්නයැ මට නං අපරාදෙ කියන්ඩ ඕනෙ නෑ ඒ එකකවත් Interview එකකටවත් කාලෙ නාස්තිකරන්ඩ ඕනෙ උනේ නෑ.. ඒ ඔය මම කයිය ගැහුවට මගෙ හොඳ portfolio එකක් නොමැතිකම..

5) ඉවසීමක් නොමැතිකම

මේක තමා තියෙන ප්‍රධාන කාරනේ. එක දවසෙන් $3000ක් හොයන්ඩ බෑ අයියෝ… ටිකක් ඉවසන්ඩ වැඩේ හිමින් පටන්ගන්ඩ..

මගේ මේ දවස්වල උත්සාහය අතින් $1 එකක්වත් වියදම් නොකර මේ මාසෙ ඇතුලෙ $10 හොයන්ඩ. ඒක ටොපි කන්ඩත් මදි කියල මම දන්නවා. හැබැයි $100ක් කියන්නේ මගේ මුල්ම වැටුප.. ඒ මුලු මාසෙම උදේ ඉඳලා රෑ වෙනකං වැඩ කරලා.

බලමු පුළුවන් වෙයිද කියලා..

තව කරුණු නං ගොඩයි ඒත් ලිපිය දිගවැඩියි. ඒක හින්ද වැඩි විස්තර පස්සෙ කතා කරමු.

පොඩි ඉල්ලීමක් කරන්ඩ කැමතියි. ඔයාලගෙ බ්ලොග් අඩවි වල E-Money, Online Job වගේ මාතෘකා ගැන ලිපි ලියල තියෙනවනං අකමැත්තක් නැත්තං පොඩි සටහනක්, link එකක් දාල යන්ඩ. ඒක මට ලොකු උදව්වක් වෙයි. අනික මේ ලිපියෙත් කරුණු මදි වගේ හැඟීමකුත් තියෙනවා. ඉතිං පුළුවන්නං තමන් දකින දේවල් පොඩි කමෙන්ට් එකක් විදිහට දාලයන්ඩ.