Showing posts with label ipad. Show all posts
Showing posts with label ipad. Show all posts

Wednesday, March 9, 2011

iPad2

ඔන්න ඇපල් වලට කැමති අයට… හොඳ ආරංචියක් තියෙනවා. ඇපල් අයි පෑඩ්II නිකුත්වෙනවා මාර්තු 11. $499කින් විතර පටන්ගන්නවයි කියලයි ඇපල් කියන්නෙනං.. ලංකාද්වීපයටනං එනවදවත් දන්නේ නෑ. ආවත් නැතත් දැනගන්ඩවත් වටිනවා මේ ගැනනං.

hero1_20110302

මුලින් ආපු අයිපෑඩ් එකටත් වඩා 33% සිහින්ව 15%අඩු බරකින් යුක්තවනවා කියලයි නව අයිපෑඩ් එක ගැන සඳහන්වෙන්නේ. ඒවගේම ඇපල් ඩුවෙල් කෝර් අයි5 ටිප් එකකින් සමන්විත මේ අයි පෑඩ් එකෙහි ග්‍රැෆික් මෙහි මුල් නිරිමාණයට වඩා 9ගුණයක් වේගවත් බවත් සඳහන් වෙනවා.

කැමරා 2කින් සමන්විත මෙහි WideAngle ආකාරයෙන් විශාල පරාසයකින් යුත් වීඩියෝ ග්‍රහණය කරගැනීමට හැකියැයි පවසන මුත් එවන් ආකාරයේ වීඩියෝ හුවමාරුකරගැනීමට තරම් හොඳ දත්තහුවමාරු ක්‍රමයක් ලංකාවේ නැති බැවින් එය ලංකාවටනම් අදාල කාරණයක් නොවනු ඇත.

සුපුරුදු පරිදිම බහු ස්පර්ශිත තාක්ෂණයෙන් යුතුව පැමි‍ණෙන මෙම ගැජට්ටුව අයි ඕස් 4.3 (iOS 4.3) මගින් බලගැන්වී ඇති අතර WiFi සහ 3G යන තාක්ෂණ දෙකම භාවිතා කිරීමේ පහසුකමෙන්ද යුක්තයි.

ගේම් (AirPlay) තාක්ෂණයෙන් යුතුයි. (වයර් රහිත මෘද්‍රණ පහසුකම)AirPrint, Gyro, accelerometer, and compass. සහ තවත් වැඩකෑලි රැසකින් යක්තව පැමිණේ..

වැඩි විස්තර ගන්ඩ මෙතනට යන්ඩ