Sunday, March 20, 2011

ගෙම්බා…

174620_310374951877_1938323_n

ගෙම්බා..... ගන්ඩ සල්ලි නැති අයට පමණයි... (සල්ලි වැඩියෙන් තියෙන අය M එකෙන් ගන්නව හොඳයි)

හඳුන්වාදීම - Intro
හොඳ දියබරියෙක් - Honda diyabariyek
ගෙම්බා - Gemba
හැඩකාරයි විකසිත ගමනට - Hadakari
සාරසදිසි පෙති - Sarasadisi
කින්නර ලිය හුරතල් - Kinnara
සෝමෙ අයියගෙ නෝනා - Some Aiyage
හිත කූරුගාල බැලුවත් - Hitha
කවුද කැපුවේ - Kawda kapuwe
පිනි වැටෙනා සඳ සිසිලේ - Piniwatena
මේරේ මන්කී ගංගා - Mere Manki
සාරසදිසි පෙති (වාදනට) නැවත කලවම - Sound Remix

මේ 320Kbps Mp3 රිප් එකකි.

Me.lk එකට ගිහින් රු300කට ඔරිජිනල් සීඩීපටය ගත හැක.

භාතිය සංතුෂ්, ඉරාජ් වැන්නවුන් රැසක් කොපි කර ඇති බවක් දක්නට ඇති අතර පැරණි සිංහල සහ හින්දි සිංදු රීමික්ස් වලින් පිරි සංගීත පටයකි. සිංදු වලට වඩා කතා ආකාරයෙන් ගසා ඇති මෙම ගීත කිසිදු ආකාරයක නව්‍යතාවයක් නම් නොමැති නිකං රැප් කතංදර වාදන කලවමක් පමණක්දෝ සිතේ.. අසන්නාට ප්‍රථම ශ්‍රවණයේදීම බොහෝ සුපුරුදු බවක් දැනේ..

gemba

කින්නර ලිය හුරතල් || Kinnara liya hurathal lyrics

කින්නර ලිය හුරතල් – ඇයි ආඩම්බර ඔතරම්
හොඳ නෑ උඩඟුවෙන් - ඔය හැටි තරහ අරන්
ගස්සන තාලෙ කුමරියේ - බඳේ වගේ

කින්නර ලිය හුරතල් //

ඔරවන් අහක බලන් - මල් මුව පුලුටු කරන්
වියතර සිනහ පොදක් - අහසයි මුවගින් වත්
පිහිටක් දෙන්න දෙවියනේ - පවක් නැතේ

කින්නර ලිය හුරතල් //

නුවන් ඇන්ඩ් කොලීන්ස් ඉන්ට්‍රඩක්ෂන්

බොහො පියකරු මනරම් - දොස් නැත මැවූතුමන්
කුමුදු සමන් කුසුමන් - සුවඳින් වසඟෙ අරන්
බහ දෙනකන් එතකන් - ඉන්නම් සසර මගෙත්
එක් රිදවුම් මම පෙම් - තනිකඩ හිතට බරක්

කින්නර ලිය හුරතල් //

රූ රුරු රූරු රුරූ //

Monday, March 14, 2011

සොරදෙටුවෙක් කස තැලුම් කකා

greedy

සොරදෙටුවෙක් කස තැලුම් කකා
දංගෙඩියට ගෙනයන ගමනේ
වදක බෙරේ දැක සොරාගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ

අනේ මෙහෙම තන්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

බුදු පුතෙකුන් පිඩු සිඟාවැඩිය හොත්
දෙන්නට වේයැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී පැනිකොමු පිස කෑවේලූ

අනේ මෙහෙම තන්හාවක්//

සුරා සොඬක් ගිරිකුලකින් විසිවී
මහපොලවට පාවී එද්දී
ගතදැවටෙන මේ සීත පවන් රැලි
අහෝ සැපයි කීවාලූ

අනේ මෙහෙම තන්හාවක් ///

මෙතනින් සින්දුව ගන්න

Wednesday, March 9, 2011

iPad2

ඔන්න ඇපල් වලට කැමති අයට… හොඳ ආරංචියක් තියෙනවා. ඇපල් අයි පෑඩ්II නිකුත්වෙනවා මාර්තු 11. $499කින් විතර පටන්ගන්නවයි කියලයි ඇපල් කියන්නෙනං.. ලංකාද්වීපයටනං එනවදවත් දන්නේ නෑ. ආවත් නැතත් දැනගන්ඩවත් වටිනවා මේ ගැනනං.

hero1_20110302

මුලින් ආපු අයිපෑඩ් එකටත් වඩා 33% සිහින්ව 15%අඩු බරකින් යුක්තවනවා කියලයි නව අයිපෑඩ් එක ගැන සඳහන්වෙන්නේ. ඒවගේම ඇපල් ඩුවෙල් කෝර් අයි5 ටිප් එකකින් සමන්විත මේ අයි පෑඩ් එකෙහි ග්‍රැෆික් මෙහි මුල් නිරිමාණයට වඩා 9ගුණයක් වේගවත් බවත් සඳහන් වෙනවා.

කැමරා 2කින් සමන්විත මෙහි WideAngle ආකාරයෙන් විශාල පරාසයකින් යුත් වීඩියෝ ග්‍රහණය කරගැනීමට හැකියැයි පවසන මුත් එවන් ආකාරයේ වීඩියෝ හුවමාරුකරගැනීමට තරම් හොඳ දත්තහුවමාරු ක්‍රමයක් ලංකාවේ නැති බැවින් එය ලංකාවටනම් අදාල කාරණයක් නොවනු ඇත.

සුපුරුදු පරිදිම බහු ස්පර්ශිත තාක්ෂණයෙන් යුතුව පැමි‍ණෙන මෙම ගැජට්ටුව අයි ඕස් 4.3 (iOS 4.3) මගින් බලගැන්වී ඇති අතර WiFi සහ 3G යන තාක්ෂණ දෙකම භාවිතා කිරීමේ පහසුකමෙන්ද යුක්තයි.

ගේම් (AirPlay) තාක්ෂණයෙන් යුතුයි. (වයර් රහිත මෘද්‍රණ පහසුකම)AirPrint, Gyro, accelerometer, and compass. සහ තවත් වැඩකෑලි රැසකින් යක්තව පැමිණේ..

වැඩි විස්තර ගන්ඩ මෙතනට යන්ඩ

Monday, March 7, 2011

අලි ජවනකාව

කලින් ලිපියේ දැමූ පින්තූර ටික සහිත ඊමේලය ලැබුණුවිට මතකය මාව 1999 වසරට මතකයෙන් අරන් ගියා. ඒ කවමදාකවත් ජීවිතයේ අමතක නොවන දර්ෂණයක් ඒ වසරේ පාසල් නිවාඩුවක දැක්ක නිසා…

මොකක්ද එච්චර අමතක නොවන සිදුවීම.. මට මතක විදිහට ඒක අගෝස්තු මාසයේ දිනයක්. අපි ගෙදර පවුලේ අයත් එක්ක පොඩි සංචාරයක නිරතවෙලා හිටියේ.. පවුලෙ ඔක්කෝටම යන්ඩ හින්දා ටාටා ලොකු බස්එකක් තමා ගියේ.

යාල උද්‍යාන කාර්‍යාලයෙන් පිටත්උන අපේ රිය පෙලට ඩිෆෙන්ඩර් රථයක්, නිල් පැහැති පොඩි වෑන්රථයක්, බස්රථ 2ක් (ඉදිරියෙන් තිබුනේ අපි හිටපු බස් එක), පෙජරෝ රථයක් තිබුණා. මට මතක විදිහට මුළු කණ්ඩායමටම හිටියේ ඉස්සරහම ගිය රථයේ හිටපු නිළධාරියා විතරයි. ඉතින් සවස 1ට විතර පටන් ගත්ත අපේ යාල සංචාරය පැය 2ක් විතර නොයෙකුත් සතුන් බලමින් ඉදිරියට ගියා.

ඔන්න ඉතින් සුපුරුදු පරිදි කථාවේ භයානක ටික පටන්ගන්ඩයි යන්නේ… ටිකකින් දැනගන්ඩ ලැබුණ විදිහට අපිත් එක්ක ආපු පෙජරෝ එක නෑ. දැන් අපිට යන්ඩ විදිහකුත් නෑ ඉන්ඩ විදිහකුතු නෑ. මොකද අපි හරියටම ඉන්නේ ජලාශයක් පේන දුර. ඒ මදිවට සත්තු වතුරබොන්ඩ නාන්ඩ යන වෙලාව කිට්ටු කිට්ටුව. ඉතින් අපිට යන්ඩත් බෑ. ඉන්ඩත් බෑ. ටිකකින් අර ඩිපෙන්ඩර් එක වන නිලදාරියත් එක්ක ආපහු ආපු දිහාට ගියා අර නැති වෙච්ච වාහනේ හොයන්ඩ. පස්සෙ දැනගත්ත විදිහට ඒ පෙජරෝ එක එලෙව්ව පණ්ඩිතයා සහ ඒකෙ ගිය උදවිය වැඩි ආතල් ගන්ඩයි වැඩිපුර සතුන් බලන්ඩයි වෙන පාරක ගිහිල්ල වලක වැටිල. අර ගිය ඩිපෙන්ඩරේ කේබල් එක දාල ඇදල ගොඩදාගෙන ඇවිත් තියෙන්නේ.

ඔය අතරෙ අපිට ඉස්සරහින් නවත්තල තියෙන වෑන් එක හිමින් හිමින් ඉස්සරහට යන්ඩ ගත්තා. අපිගිය බස්එකත් ඒක පිටිපස්සෙන්ම ඉස්සරහට ගිහින් කැලෑවෙ දෙපැත්තෙ වැඩිය ගස්නැති වැවට කිට්ටු තැනක නවත්තගත්ත. වාහන දෙකක් අතර දුර මීටර් 15 ක් 20ක් විතර තියාගෙන ඔක්කොම දැන් අර වාහන එනකං පාර පයින සත්තු දිහා බලාගෙන ඉන්නවා.. ඒ විතරක්නං මදෑ අර ඔය ගාවත් සත්තු ඕන හැටි..

ඔහොම ඉතින් පැයක් විතර කස්ටිය මාර ආතල් එකේ ඉන්නැද්දි තමා හොඳම කෑල්ල පටන්ගන්නේ.. දැන් ගස්වැල් හෙලවෙනවා… අහස අඳුරුවෙනවා.. බිහිසුණු හඬවල් වට පිටින් ඇහෙන්ඩ පටන් අරන් මහ වෙලාවක් යන්නේ නෑ,. ඇටමිදුලු සීතල කරවන මහා බිහිසුණු හූවක්… නෑ එහෙම උනේ නෑ…

ඒත් අර ඉස්සරහින් තියෙන වෑන් එක ගාවින් මෙන්න බොලේ අලි යනවා.. එකෙක් නං බැරියැ හැට හුටහමාරක් අලි… වෑන් එකට ඉස්සරහින් පාර මාරුවෙනවා.. දැන් අපිට පින්නවල ගියාවගේ හෙන ආතල්.. ඇයි යකෝ අලි නාන්ඩ යනවා අපි ගාවින් .. අනේ ඉතින් ඔය ෆන් එක මහ වෙලාවක් ගන්ඩ උනේ නෑ.. එක අලියෙක්ගෙ පැටියෙක්ට හරි ගෑනිට හරි අර ඉස්සරහ හිටපු වෑන්එකේ අවලමෙක් ටෝක් එකක් දීල.. ඒ අලි පියාට මල ජම්ප් වෙලා.. දැන් මූ හෙන ටෝක් දෙනවා.. පිඹිනවා, පොලව හාරනවා.. ගේමම ඉල්ලනවා.. අනේ ඉතින් විසිල් එකක් ගැහුවට අර අලියට ගේම් එකක් දෙන්ඩ එකෙක් අර වෑන් එකේ නෑ නොවැ. මුට ඊටත් පොර වෙලා.. දැන් අර වෑන් එකට ගහන්ඩයි පෑලෑන. අලි මදිවට හරක් කියලා අනිත් අලිත් නාන්ඩ යන එක පැත්තක තියලා අර ෂෝඑක බලාගෙන ඉන්නවා. අලි මදිනං බැරියැ අපේ බස්එකේ උනුත් ඩැයිවරයගෙත් කරේ නැගල අලි නාඩගං බලනවා.

ඔන්න දැන් හින්දි මොඩල් එකේ ෆිල්ම් එකක නං වෙන්නේ වීරයා බැහැල අලියට දෙකක් දීල වෑන් එක මුදෝගන්නවා.. හොලිවුඩ්නං CIA එකෙන් හරි Navi Seal එකෙක් හරි බැස්සා අලිය පෙනේරයක් වගේ වෙන්ඩ වෙඩිතියලා කටටත් ග්රෙනේඩ් එකක් දාලා වෑන් එක බේරගන්නවා.. ඒත් අපේ වාහන ඔක්කෝගෙම හිටියෙ ලංකාවෙ උන් විතරයි.. ඔක්කොම එකා එකා පෙරලගෙන ෂෝඑක බලනවා.. ඔය අස්සෙ දැන් අරූ හොඬවැලේ හිරි අරින්ඩයි ලෑස්තිය.. පොඩ්ඩක් ඇඟ තියලා තල්ලුවක් ඒම දාල මූ හොඬවැල උස්සල දුන්න පාරක් … පාරෙ හැටියට වෑන්එක දෙකට මැදින් නැවෙන්ඩ ඕනෙ.. ඒත් ඒම උනේ නෑ.. ඇයි ඒ..

වෑන් එකේ හිටිය එකෙක් ගේ දක්ෂතාවයක් වෙන්ඩ බෑනෙ.. ඒනං… අර අලියගේ අඹුව කැමති නෑ අර වෑන් එකට ගහල මිනිහ නම කැත කරගන්නවට.. ඇයි ඒ මදිවට වතුර බොන්ඩත් යන්ඩ නැති වෙන එකනෙ වෙන්නේ.. ඉතින් අලි අඹුව අලිය ගහන පාරවල් උගේ හොඬෙන් අල්ලලා අහකට දානවා.. දෙන්නත් එක්ක කතාවෙලා පෙන්නපු ෂෝ එකක්ද දන්නෙත් නෑ.. කෝම උනත් ඒක ඒම උනා..

ඒ අස්සේ අපේ බස්එකේ හිටපු අවලමෙක් මාව ඇදල පස්සට දාල මගෙ තැනට රිංගුවා.. දැන් දර්ශණය ක්ලෝස්.. ඒමයි කියල මේම එකක් අත් අරින්ඩ පුලුවනෑ නේද.. මාත් දැන් පස්සවල් හරි බලනවා කියලා අස්සෙන් රිංගන්ඩමයි ට්‍රයි එක.. ඔය අතරෙ අපේ මහප්පගෙ පුතෙක් හිටියා ඌ කලොත් මාව අවුස්සන මොකක් හරි වැඩක්මයි. මම අච්චර ලස්සන එකක් බලන්ඩ හදනවා මූ මට සූගාල වැලි ගැහුව.. උඹට මම කියල මුගෙ බෙල්ලට පනින්ඩ හැදුවාම ඒ හිටියේ ඌ නෙමේනෙ..

යකෝ අර අලිජෝඩුවේ පැටියා අපේ බස්එක ගාව.. උගෙ ආච්චිට හාල් ගරන්ඩ මූ බස්එක ගාව තියෙන වැලි ඔක්කොම බස්එකට පුරවන්ඩයි ට්‍රයි එක. ඒත් අපේ උන්ට ගානක් නෑ.. අලි පැට්ටෙක් නෙමේ අලියෙක් බස්එකට නැග්ගත් කොහෙද මුන් අර ෂෝඑක බලනව.. මටත් හෙන අවුල.. බහින්ඩත් බෑ.. පැටිය කිව්වට අලියගෙ පැටියනේ.. තාත්තත් වලිකාරයා මූ කෝමද දන්නෙත් නෑ. අනික මූත් හිටුගාල වැලි ඉහිනවා..

මමත් අම්මේ.. අම්මේ… ම්හ් අම්ම නෑ.. තාත්තේ අලියෙක් … ම්හ් ඒත් නෑ… නැන්දේ මේ දොර ගාව ඉන්න අලියව මම අල්ලන්ඩද… හා.. ඈ මොකක්… අලියා… අලියෙක් දොරගාව…………. කියල මර හඩ දුන්නේ නැතෑ.. අලියත් ශොක්වෙලා… මාවත් කෑ ගැහිල්ලට එලියට විසිඋනේ නැති ටික විතරයි.. ඒ අස්සෙ කවුරුහරි දොර වහන්ඩ හදනවා ඒත් වැහෙන්නේ නෑ.. ලොක් එක වැටිලා.. එක හුටපටයයි.

ඔය අතරේ හෝන් එකක් ගහගෙන ඩිපෙන්ඩරේ ඉස්සරහට ගියා.. ඒකෙ ගිය අර නිළදාරියා එලියට ගිහින් මොකක් හරි සෙල්ලමක් දාලා අලි ටික අහකට යැවුවා.. අලි පැටියත් ඒත් එක්ක පාර පැන්නද කොහෙද මට මතක නෑ.. මම බයවෙලා හිටියේ නෑ.. ඒත් දැන් ගොඩක් කල්නේ අෆ්ෆා…

ඊට පස්සේ වාහන ඔක්කෝම ගඟක් ගාවට අරන්ගිහින් කස්ටියට හුස්මගන්න පොඩි චාන්ස් එකක් දුන්නා.. මම හිතන්නේ වෑන් එකේ හිටපු අය පස්සේ වෑන් එක හෝදගන්ඩ ඇත්තේ.. එච්චර බය වෙලා හිටියේ.. සමහරුන්ට කතාකරන්ඩත් බෑ..

පස්සේ දැනගත්ත විදිහට අපි හිමින් හිමින් ඇවිත් නතර කරල තියෙන්නේ හරියටම සත්තු පාරමාරුවෙන තැන..

පලි/

ඒ 1999 එතකොටත් අපිට බලන්ඩ දෙන්නේ යාල 1 කලාපය විතරයි.. යාල 2 බලන්ඩ යන්ඩ හිතං හිටියා… තාම වැඩේ උනේ නෑ.. 2019 කලින් කොහොම හරි යන්ඩ ඕනෙ…

Tusker Attack || ඇත් ප්‍රහාරය

1234567

මෙය මාහට ලැබුණු ඊමේලයක් බව සලකන්න

Friday, March 4, 2011

ලංකාවේ ඉන්ටර්නෙට්

people

දිනෙන් දින අන්තර්ජාලයට එක්වන දහස් සංඛ්‍යාත වෙබ් සහ බ්ලොග් අඩවි අතරට ලංකාවෙනුත් වෙබ් අඩවි දෙක තුනක්වත් දිනකට එක්වීම අනිවාර්‍යයෙන් සිදු වන දෙයක්. මේ වෙබ් හෝ බ්ලොග් අඩවි සිංහල ඉංග්‍රීසි හෝ දෙමල බසින් එක් වන ඒවා වේ. මේ වෙබ් අඩවි බොහෝමයක් වෙබ් අඩවි සාදන පුද්ගලයින් හෝ ඒජන්සි මගින් එක් කරන ඒවා වේ. එම අඩවි සඳහා අඩවි හිමිකරුවන්ද රු8000 සිට 100000 පමණ දක්වා වියදම් කරනුද දැකිය හැක.

මේ වියදම් කරන මුදලින් අපේක්ෂිත ප්‍රථිපල ලැබෙනවාද? මේ වෙබ් අඩවි අපේක්ෂිත තරම් පාඨක අවදානයකට යොමුවෙනවාද? ලාංකිකයන් මිලදී ගැනීම් වලට පෙර අන්තර්ජාලයේ විමසීමක් කර බලනවාද ඒ කොපමණ ප්‍රථිශතයක්ද? ඔවුන්ට නිවැරදි වෙබ් අඩවි හමුවෙනවාද? මේ ආදී ප්ශ්ණ රැසක් මතුවෙන කරුණු. ඔබට මේ ගැන සිතෙන්නේ කුමක්ද?

ශ්‍රී ලාංකිකයන් සංචාරක කර්මාන්තය ආදී ඉලක්කයන් සපුරාගැනීම සඳහා අන්තර්ජාලය වෙත වඩ වඩාත් නැඹුරුවීමේ ලක්ෂණයක් දක්නට ඇත. මෙහි නිසි ප්‍රථිපල ලැබෙනවාද? රටපුරා ඇරී ඇති සයිබර් කැෆේ ආශ්‍රිතව සිදුවන අන්තර්ජාල සේවාව ක්‍රමවත්ද?

සංවාදයක් ඇරඹීමට කාලයයි මේ….

ඹබද මමද මේ අන්තර්ජාලයේ දෘෂ්‍යමාන පරිශීලකයෝය. ඔබ අන්තර්ජාලයේ හැසිරීම පිළිබඳ සිතන ආකාරය අපට බෙහෙවින්ම වැදගත්.

ඉතින් ඒ පිළිබඳ සටහනක් තැබීමට අමතක නොකරන්න.

http://review-mix.com/survey/index.php?sid=88533&lang=en කැමතිනං මේකට ගිහින් ඔයාල පාවිච්චි කරන වෙබ් බ්‍රවුසරේ ගැන පොඩි විස්තරයක් කියල එන්ඩ

Thursday, March 3, 2011

quotes that got heart !!

4ccd3bbcb51f8

තමන් කවුද කියලා උගන්නන්ඩ කාටවත් බෑ…..

4ccd3bda561cb

හැබදාම උත්සහ කරනවා හැමදාම අසාර්ථකද? ප්‍රශ්ණයක් නැහැ ආපහු උත්සහ කරන්ඩ අසාර්ථක වෙන්ඩ….. ඒත් වඩා හොදින් අසාර්ථක වෙන්ඩ…

4ccd3c084cd29

ලස්සන ආකර්ශණය කරගනී.. පෞර්ෂත්වය හිත ගනී…

4ccd3c0490465

විශිෂ්ඨයෝ අදහස් ගැන කථාකරති…

සාමාන්‍ය මිනිසුන් දේවල් පිළිබද කතා කරති…

පොඩි මිනිසුන් අනුන් ගැන කතා කරති…

4d17200c5f68f

ඔබ කවදාවත් අසාර්ථක වෙලත් නැත්තං… ඒක ඔබ නව දෙයක් නොකරන බවේ සංඛේතයයි…

4d17201734369

අසාර්ථක වෙන්ඩ බය වෙන්ඩ එපා..

උත්සහ නොකර ඉන්ඩ බය වෙන්ඩ..

ස්මාර්ට් ෆෝන්

Alexander Graham Bellඅද මාර්තු තුන්වෙනිදා සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණයට ගොඩක් වටින අමතක නොවන දිනයක්. ඒ ඔය පින්තූරයේ ඉන්න ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් 1847 මාර්තු 3දා ස්කොට්ලන්තයේදී ඉපදීම නිසයි.

ඒත් මම දැන් කතා කරන්ඩ යන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගැන නෙමේ.

ඒ බෙල්ගේ සොයාගැනීමේ වර්ථමාන පුරුක වූ ස්මාර්ට් ෆෝන් ගැන. ලෝකයේ අද තියෙන සමාගම් රාශියක් අතරෙන් කිහිපයකට පමණක් අතට ගත හැකි වූ ඊළඟ යුගයේ තාක්ෂණය ගැනයි.

නිපැයුම් රාශියක් අතරෙන් 2011 හොඳම නිර්මාණ කීපයක් පමණක් තොරගෙන වැඩේට බහින්ඩයි ලෑස්තිය.
  • Apple iPhone 4
  • Samsung Focus
  • HTC Evo
  • Blackberry Torch 9800

Apple iPhone 4 || ඇපල් අයිෆෝන් 4

Apple iPhone 4ඇපල් සමාගමේ අනෙකුත් නිෂ්පාදන වගේම මේකත් ඉතාම සිත් ඇදගන්නා සුලු නිර්මාණයක් වී ඇති අතර මේ වන විට වෙළඳපලේ ඇති ස්මාර්ට් දුරකථන අතරේ ප්‍රමුඛයා වීමටද හැකියාව ලබාගෙන තියෙනවා. අනෙක් ස්මාර්ට් දුරකථන සමඟ සන්සන්දනය කිරීමේදී හොඳම තත්වයේ ශ්‍රවණ හැකියාවක් ඇති දුරකථනයක් ලෙස ඇපල් කොහොමත් ප්‍රචලිතයි.

ඇපල් අයිෆෝන් 4 අඟල්3.5 තිරයක් සහ සම්පූරණයෙන්ම ඇල්ලීමෙන් ක්‍රියාත්මක වන තිරයකින් යුක්තයි. එය අඟල් 4.5 උස වන අතර අඟල්1.31ක පළලකින් යුක්තයි.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු ඇපල් අයිෆෝනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 420ක බැටරි ධාරිතාවයකින් හා පැය 300ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

iOS 4 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.

16GB අයිෆෝනයක් රු.20000 කටද 32GB අයිෆෝනයක් රු.30000කටද ආසන්න මුදලකට ගත හැක.

Samsung Focus || සැම්සුන්ග් ෆෝකස්

samsung focus
සුපුරුදු පරිදි සැම්සුන්ග් ආයතනයේ තවත් මට සිලිටු අති විශේෂ නිර්මාණයක්, කඩවසම් පෙනුමකින් යුත් මෙම ස්මාර්ට් දුරකථනය අයිෆෝනය සමඟ සැසඳීමේදී එයට වඩා විශාලතිරයකින් සමන්විත වන මුත් අඩු Resolution එකකින් යුක්තවේ.


සැම්සුන්ග් ෆෝකස් දුරකථනය සම්පූරණයෙන්ම ඇල්ලීමෙන් ක්‍රියාත්මක වන තිරයකින් යුක්තයි. එය අඟල් 4.84 උස වන අතර අඟල්2.56ක පළලකින් යුක්තයි.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු සැම්සුන්ග් ෆෝකස් දුරකථනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 390ක බැටරි ධාරිතාවයකින් හා පැය 250ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

වින්ඩෝස් ෆෝන් 7 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.



16GB සැම්සුන්ග් ෆෝකස් දුරකථනය රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක

HTC Evo || එච්ටීසී එවෝ

HTC evo 4g
ගුගුල් ස්ප්‍රින්ට් HTC Evo සෑම අතකින්ම විශිෂ්ඨ නිර්මාණයක්. එය ඉතා කඩවසම් පෙනුමකින් යුක්ත වේ. අයිෆෝනය සමඟ සැසඳීමේදී එයට වඩා විශාලතිරයකින් සමන්විත වන මුත් අඩු Resolution එකකින් යුක්තවේ.

ප්‍රමාණය සැම්සුන්ග් ෆෝකස් දුරකථනයට බොහෝසෙයින් සමානවේ එහෙත් මෙගාපික්සල්8.0/1.3ක ප්‍රබල කැමරාවකින් හා වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන් යුතුවේ.

කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 312ක බැටරි ධාරිතාවයකින් හා පැය 146ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.


ගුගුල් ඇන්ඩ්‍රොයිඩ් 2.2 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.



8GB ගුගුල් ස්ප්‍රින්ට් HTC Evo රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක


Blackberry Torch 9800

BlackBerry Torch 9800
අනෙක් දුරකථනයන්ට වඩා පැහැදිලි වෙනසක් සහිතව පැමිණෙන ස්මාර්ට් දුරකථනය යතුරු පුවරුව නොමැතිවිට අයිෆෝනයේහැඩයෙන්ම යුතුවේ.

අයිෆෝනයට වඩා කුඩා හා අඩු resolution එකකින් සමන්විත මෙම බ්ලැක්බෙරි දුරකථනය අඟල් 4.37ක උසකින් සහ අඟල්2.44ක පලලකින් යුක්තවේ.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු සැම්සුන්ග් ෆෝකස් දුරකථනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 330ක බැටරි ධාරිතාවයකින් හා පැය 432ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

බ්ලැක්බෙරි 6 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.


4GB බ්ලැක්බෙරි ටෝච් 9800ය දුරකථනය රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක


අවුරුදු 91ක කාලයකදී වයරයක් හරහා ගිය බෙල්ගේ හඬ මෙතරම් දුරක් පැමිණ ඇත


මුල් ලිපියට

Android 2.1

Wednesday, March 2, 2011

Age Of Empires Online

aoe-online-01-800
ඔන්න Age Of Empires ලෝලීන්ටනං සුභ ආරංචියක් තියෙනවා. Age Of Empires Online කියලා අලුතෙන් Microsoft ආයතනයෙන් හදන බීට එක ටෙස්ට් කරන්ඩ ඔන්න දැන් ඇප්ලිකේෂන් දාන්ඩ පුළුවන්.
මෙන්න සයිට් එක. www.ageofempiresonline.com
ගේම් එක මෙන්න මේවගේ වෙනවා කියලා තමා පින්තූර දාල තිබ්බෙ මාත් ආසම කරපු ගේම් එකක් හින්දා මාත් දැම්ම ඇප්ලිකේෂන් එකක්. ඉන්ටව් වගේම තමා, තෝරගත්තොත් දැනුම්දෙන්නං කියලයි තිබ්බේ. ඒ වගේම තමා බ්ලොග් එකේ කියල තියෙන විදිහටනං මේක free to play game එකක් විදිහටයි යන්නේOpen-mouthed smile

Tuesday, March 1, 2011

මොහොමඩ්ට නං වැඩේ හරි!

රට වැඩ කාරයෙක් කියල හිතාගෙන රටක කයිවාරු ගැහුව, තව ටික දවසකින් රටම අල්ලන්ඩ හිතං කෑ ගහපු මොහොමඩ්ට තමන් කුණු පුරෝ පුරෝ හිටපු කුණු කූඩෙත් අහිමි වෙලා පාටයි. මේ වැඩේ මොහොමඩ් හින්දා කේන්ති ගත්ත හුඟ දෙනෙක්ට හොඳ උනත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පැත්තෙන් බලන අයටනං කැත වැඩක්.

අමාරුවෙන් බොට් එකක් දාල නග්ගෝගත්ත හිට් රේට් එකත් එක්ක සයිට් එක සුම්ම උනහම මොහොමඩ්ටනං කාල ඉන්ඩ බැරුව ඇති. මොනා කරන්ඩද මොහොමඩ් සහෝ මම කිව්වනෙ.. සිංහලයො උඹ හිතනවට වැඩිය අමාරුකාරයො කියලා.

අනිත් බලාපොරොත්තුත් ඔය වගේම සුන්වෙනවා වේදනාවෙන් උනත් බලාගෙන හිටින්..