Friday, March 4, 2011

ලංකාවේ ඉන්ටර්නෙට්

people

දිනෙන් දින අන්තර්ජාලයට එක්වන දහස් සංඛ්‍යාත වෙබ් සහ බ්ලොග් අඩවි අතරට ලංකාවෙනුත් වෙබ් අඩවි දෙක තුනක්වත් දිනකට එක්වීම අනිවාර්‍යයෙන් සිදු වන දෙයක්. මේ වෙබ් හෝ බ්ලොග් අඩවි සිංහල ඉංග්‍රීසි හෝ දෙමල බසින් එක් වන ඒවා වේ. මේ වෙබ් අඩවි බොහෝමයක් වෙබ් අඩවි සාදන පුද්ගලයින් හෝ ඒජන්සි මගින් එක් කරන ඒවා වේ. එම අඩවි සඳහා අඩවි හිමිකරුවන්ද රු8000 සිට 100000 පමණ දක්වා වියදම් කරනුද දැකිය හැක.

මේ වියදම් කරන මුදලින් අපේක්ෂිත ප්‍රථිපල ලැබෙනවාද? මේ වෙබ් අඩවි අපේක්ෂිත තරම් පාඨක අවදානයකට යොමුවෙනවාද? ලාංකිකයන් මිලදී ගැනීම් වලට පෙර අන්තර්ජාලයේ විමසීමක් කර බලනවාද ඒ කොපමණ ප්‍රථිශතයක්ද? ඔවුන්ට නිවැරදි වෙබ් අඩවි හමුවෙනවාද? මේ ආදී ප්ශ්ණ රැසක් මතුවෙන කරුණු. ඔබට මේ ගැන සිතෙන්නේ කුමක්ද?

ශ්‍රී ලාංකිකයන් සංචාරක කර්මාන්තය ආදී ඉලක්කයන් සපුරාගැනීම සඳහා අන්තර්ජාලය වෙත වඩ වඩාත් නැඹුරුවීමේ ලක්ෂණයක් දක්නට ඇත. මෙහි නිසි ප්‍රථිපල ලැබෙනවාද? රටපුරා ඇරී ඇති සයිබර් කැෆේ ආශ්‍රිතව සිදුවන අන්තර්ජාල සේවාව ක්‍රමවත්ද?

සංවාදයක් ඇරඹීමට කාලයයි මේ….

ඹබද මමද මේ අන්තර්ජාලයේ දෘෂ්‍යමාන පරිශීලකයෝය. ඔබ අන්තර්ජාලයේ හැසිරීම පිළිබඳ සිතන ආකාරය අපට බෙහෙවින්ම වැදගත්.

ඉතින් ඒ පිළිබඳ සටහනක් තැබීමට අමතක නොකරන්න.

http://review-mix.com/survey/index.php?sid=88533&lang=en කැමතිනං මේකට ගිහින් ඔයාල පාවිච්චි කරන වෙබ් බ්‍රවුසරේ ගැන පොඩි විස්තරයක් කියල එන්ඩ

Thursday, March 3, 2011

quotes that got heart !!

4ccd3bbcb51f8

තමන් කවුද කියලා උගන්නන්ඩ කාටවත් බෑ…..

4ccd3bda561cb

හැබදාම උත්සහ කරනවා හැමදාම අසාර්ථකද? ප්‍රශ්ණයක් නැහැ ආපහු උත්සහ කරන්ඩ අසාර්ථක වෙන්ඩ….. ඒත් වඩා හොදින් අසාර්ථක වෙන්ඩ…

4ccd3c084cd29

ලස්සන ආකර්ශණය කරගනී.. පෞර්ෂත්වය හිත ගනී…

4ccd3c0490465

විශිෂ්ඨයෝ අදහස් ගැන කථාකරති…

සාමාන්‍ය මිනිසුන් දේවල් පිළිබද කතා කරති…

පොඩි මිනිසුන් අනුන් ගැන කතා කරති…

4d17200c5f68f

ඔබ කවදාවත් අසාර්ථක වෙලත් නැත්තං… ඒක ඔබ නව දෙයක් නොකරන බවේ සංඛේතයයි…

4d17201734369

අසාර්ථක වෙන්ඩ බය වෙන්ඩ එපා..

උත්සහ නොකර ඉන්ඩ බය වෙන්ඩ..

ස්මාර්ට් ෆෝන්

Alexander Graham Bellඅද මාර්තු තුන්වෙනිදා සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණයට ගොඩක් වටින අමතක නොවන දිනයක්. ඒ ඔය පින්තූරයේ ඉන්න ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් 1847 මාර්තු 3දා ස්කොට්ලන්තයේදී ඉපදීම නිසයි.

ඒත් මම දැන් කතා කරන්ඩ යන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගැන නෙමේ.

ඒ බෙල්ගේ සොයාගැනීමේ වර්ථමාන පුරුක වූ ස්මාර්ට් ෆෝන් ගැන. ලෝකයේ අද තියෙන සමාගම් රාශියක් අතරෙන් කිහිපයකට පමණක් අතට ගත හැකි වූ ඊළඟ යුගයේ තාක්ෂණය ගැනයි.

නිපැයුම් රාශියක් අතරෙන් 2011 හොඳම නිර්මාණ කීපයක් පමණක් තොරගෙන වැඩේට බහින්ඩයි ලෑස්තිය.
  • Apple iPhone 4
  • Samsung Focus
  • HTC Evo
  • Blackberry Torch 9800

Apple iPhone 4 || ඇපල් අයිෆෝන් 4

Apple iPhone 4ඇපල් සමාගමේ අනෙකුත් නිෂ්පාදන වගේම මේකත් ඉතාම සිත් ඇදගන්නා සුලු නිර්මාණයක් වී ඇති අතර මේ වන විට වෙළඳපලේ ඇති ස්මාර්ට් දුරකථන අතරේ ප්‍රමුඛයා වීමටද හැකියාව ලබාගෙන තියෙනවා. අනෙක් ස්මාර්ට් දුරකථන සමඟ සන්සන්දනය කිරීමේදී හොඳම තත්වයේ ශ්‍රවණ හැකියාවක් ඇති දුරකථනයක් ලෙස ඇපල් කොහොමත් ප්‍රචලිතයි.

ඇපල් අයිෆෝන් 4 අඟල්3.5 තිරයක් සහ සම්පූරණයෙන්ම ඇල්ලීමෙන් ක්‍රියාත්මක වන තිරයකින් යුක්තයි. එය අඟල් 4.5 උස වන අතර අඟල්1.31ක පළලකින් යුක්තයි.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු ඇපල් අයිෆෝනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 420ක බැටරි ධාරිතාවයකින් හා පැය 300ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

iOS 4 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.

16GB අයිෆෝනයක් රු.20000 කටද 32GB අයිෆෝනයක් රු.30000කටද ආසන්න මුදලකට ගත හැක.

Samsung Focus || සැම්සුන්ග් ෆෝකස්

samsung focus
සුපුරුදු පරිදි සැම්සුන්ග් ආයතනයේ තවත් මට සිලිටු අති විශේෂ නිර්මාණයක්, කඩවසම් පෙනුමකින් යුත් මෙම ස්මාර්ට් දුරකථනය අයිෆෝනය සමඟ සැසඳීමේදී එයට වඩා විශාලතිරයකින් සමන්විත වන මුත් අඩු Resolution එකකින් යුක්තවේ.


සැම්සුන්ග් ෆෝකස් දුරකථනය සම්පූරණයෙන්ම ඇල්ලීමෙන් ක්‍රියාත්මක වන තිරයකින් යුක්තයි. එය අඟල් 4.84 උස වන අතර අඟල්2.56ක පළලකින් යුක්තයි.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු සැම්සුන්ග් ෆෝකස් දුරකථනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 390ක බැටරි ධාරිතාවයකින් හා පැය 250ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

වින්ඩෝස් ෆෝන් 7 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.



16GB සැම්සුන්ග් ෆෝකස් දුරකථනය රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක

HTC Evo || එච්ටීසී එවෝ

HTC evo 4g
ගුගුල් ස්ප්‍රින්ට් HTC Evo සෑම අතකින්ම විශිෂ්ඨ නිර්මාණයක්. එය ඉතා කඩවසම් පෙනුමකින් යුක්ත වේ. අයිෆෝනය සමඟ සැසඳීමේදී එයට වඩා විශාලතිරයකින් සමන්විත වන මුත් අඩු Resolution එකකින් යුක්තවේ.

ප්‍රමාණය සැම්සුන්ග් ෆෝකස් දුරකථනයට බොහෝසෙයින් සමානවේ එහෙත් මෙගාපික්සල්8.0/1.3ක ප්‍රබල කැමරාවකින් හා වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන් යුතුවේ.

කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 312ක බැටරි ධාරිතාවයකින් හා පැය 146ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.


ගුගුල් ඇන්ඩ්‍රොයිඩ් 2.2 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.



8GB ගුගුල් ස්ප්‍රින්ට් HTC Evo රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක


Blackberry Torch 9800

BlackBerry Torch 9800
අනෙක් දුරකථනයන්ට වඩා පැහැදිලි වෙනසක් සහිතව පැමිණෙන ස්මාර්ට් දුරකථනය යතුරු පුවරුව නොමැතිවිට අයිෆෝනයේහැඩයෙන්ම යුතුවේ.

අයිෆෝනයට වඩා කුඩා හා අඩු resolution එකකින් සමන්විත මෙම බ්ලැක්බෙරි දුරකථනය අඟල් 4.37ක උසකින් සහ අඟල්2.44ක පලලකින් යුක්තවේ.

මෙගාපික්සල් 5ක කැමරාවක් සතු සැම්සුන්ග් ෆෝකස් දුරකථනය වීඩියෝ පටිගතකිරීමේ තාක්ෂණයෙන්ද යුක්තයි. කෝල්3ක් සම්බන්ධ කිරීමේ තාක්ෂණය , කෝල් නවතාගැනීමේ තාක්ෂණය, කෝල් නවතා තබගැනීමේ තාක්ෂණය, සංවාදයක වේලාව ගණනය කිරීමේ තාක්ෂණය කථාකරන්නා හඳුනා ගැනීමේපහසුකමෙන් යුත් මේ ස්මාර්ට් දුරකථනයේ විනාඩි 330ක බැටරි ධාරිතාවයකින් හා පැය 432ක ස්ටෑන්ඩ්බයි කාලයකින් යුක්තයි.

බ්ලැක්බෙරි 6 මෘදුකාංගයෙන් බලගැන්වී ඇති මෙම දුරකථනයෙහි WiFi, Blootooth සහ GPS තාක්ෂණයෙන්ද සවිබල ගැන්වී ඇත.


4GB බ්ලැක්බෙරි ටෝච් 9800ය දුරකථනය රු20000කට ආසන්න මුදලකට මිලදීගත හැක


අවුරුදු 91ක කාලයකදී වයරයක් හරහා ගිය බෙල්ගේ හඬ මෙතරම් දුරක් පැමිණ ඇත


මුල් ලිපියට

Android 2.1

Wednesday, March 2, 2011

Age Of Empires Online

aoe-online-01-800
ඔන්න Age Of Empires ලෝලීන්ටනං සුභ ආරංචියක් තියෙනවා. Age Of Empires Online කියලා අලුතෙන් Microsoft ආයතනයෙන් හදන බීට එක ටෙස්ට් කරන්ඩ ඔන්න දැන් ඇප්ලිකේෂන් දාන්ඩ පුළුවන්.
මෙන්න සයිට් එක. www.ageofempiresonline.com
ගේම් එක මෙන්න මේවගේ වෙනවා කියලා තමා පින්තූර දාල තිබ්බෙ මාත් ආසම කරපු ගේම් එකක් හින්දා මාත් දැම්ම ඇප්ලිකේෂන් එකක්. ඉන්ටව් වගේම තමා, තෝරගත්තොත් දැනුම්දෙන්නං කියලයි තිබ්බේ. ඒ වගේම තමා බ්ලොග් එකේ කියල තියෙන විදිහටනං මේක free to play game එකක් විදිහටයි යන්නේOpen-mouthed smile

Tuesday, March 1, 2011

මොහොමඩ්ට නං වැඩේ හරි!

රට වැඩ කාරයෙක් කියල හිතාගෙන රටක කයිවාරු ගැහුව, තව ටික දවසකින් රටම අල්ලන්ඩ හිතං කෑ ගහපු මොහොමඩ්ට තමන් කුණු පුරෝ පුරෝ හිටපු කුණු කූඩෙත් අහිමි වෙලා පාටයි. මේ වැඩේ මොහොමඩ් හින්දා කේන්ති ගත්ත හුඟ දෙනෙක්ට හොඳ උනත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පැත්තෙන් බලන අයටනං කැත වැඩක්.

අමාරුවෙන් බොට් එකක් දාල නග්ගෝගත්ත හිට් රේට් එකත් එක්ක සයිට් එක සුම්ම උනහම මොහොමඩ්ටනං කාල ඉන්ඩ බැරුව ඇති. මොනා කරන්ඩද මොහොමඩ් සහෝ මම කිව්වනෙ.. සිංහලයො උඹ හිතනවට වැඩිය අමාරුකාරයො කියලා.

අනිත් බලාපොරොත්තුත් ඔය වගේම සුන්වෙනවා වේදනාවෙන් උනත් බලාගෙන හිටින්..