Saturday, January 22, 2011

මලක් උනේ ඇයි නුඹ මට

පුංචි කාලෙ හිත හීතල වෙන පුංචි පුංචි කේස් ජීවිතේ පුරාවටම අමතක නොවෙන දේවල් වෙන්නේ පුදුම විදිහට..

ඒ දවස්වල ඉතිං අපි 5හේ පන්තියේ.. පුංචි ලස්සන කෙල්ලෙක් හිටියා හරියට පුංචි සුරංගනාවියක් වගේ. කතාකරද්දි හිත හීතල වෙලායනවා. දකිද්දි ඇඟ කූල් වෙලා ලොක්වෙලා යනවා.. අතක් පයක් වැදුනොත් කරන්ට් වැදුන වගේම තමා… හැබැයි මේ කාලෙ ආදරයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැද්ද කොහෙද.. ඒක පුදුම හැඟීමක්.

පුංචි සුරංගනාවි හරි පන්ඩිතයි.. හැබැයි මීටරේ. පන්ති නායිකාව වැඩ කෝටියයි.. අපි…. පන්තියේ ඇම්ඩන්ලා. කියන දෙයක් අහන්නේ නැති, ගෙදර වැඩ නොකරන, වලි දාගන්න, රට වටේ දුවන ටීචව පිස්සු වට්ටෝන නාක ලමයි Open-mouthed smile

ඉතින් අපිව දාල තිබ්බෙ පන්ති නායිකාවගෙ ගෘප් එකටමයි.. හැදෙන්ඩ කියලා.  අනේ ඉතිං අර සුරංගනාවි පුදුම ගේමක් දුන්නේ අපිව හොඳ ළමයි කරන්ඩ. අනිත් නරක ලමයි එයාවත් අවුස්සනවා. මට ඉතින් මල පයිනවා.. නැද්ද මං අහන්නේ .. එහෙම වෙනවනේ. මට අර පුංචි සුරංගනාවිට කතාකරගන්ඩ බැරි තරං නිකං ගල්වෙලා යන සීන් එකක් වෙනවා.. මට තාම හිතාගන්ඩ බෑ.. ඒත් මම කියන හැමදේම පට ගාල කරනවා. අනිත් උන් දුවනවා පිස්සු කෙලිනවා.. මටත් යන්ඩ ඕනෙ.. ඒත් මට යන්ඩ බෑ.. මම පුංචි සුරංගනාවි දිහා බැලුවාම එයා මට ඔලුවෙන් කියනවා යන්ඩ එපා කියලා.. ඉතින් දෙයියනේ මම කෝමද යන්නේ. ඉතින් පුදුම මම ඉවසීමකින් ඉන්නේ.

ඒකම තමා මගෙ හෙනහුරා උනෙත්. මම හොඳ වෙලා කියලා ටීචට හිතිලා මාව උපනායකය කරලා වෙන කණ්ඩායමකට දැම්මා… මට බෑ.. මට වෙන කණ්ඩායමක ඉන්ඩ බෑ.. ඒත් ඒක කොහොමද ටීචට කියන්නේ.. මම දන්නවා ඔයත් කැමති නෑ මම වෙන එකකට යනවට.. ඒත් මට යන්ඩ උනා.. තව ටික කාලෙකින් මට ඒ ඉස්කෝලෙන්ම යන්ඩ උනා.. මම දැක්කා ඔයා මගෙ දිහා දුකෙන් බලාගෙ ඉන්නවා.. ඒත් මට මේකෙ ඉන්ඩ බෑ.. මට යන්ඩම වෙනවා. මොනව කරන්ඩද මගෙ පුංචි සුරංගනාවියේ.. ලොකය හරිම කුරිරුයි.. අද ඔයා තවත් ලස්සන වෙලා තරුණ කෙල්ලෙක් වෙලා ඇති.. මගදි දැක්කත් මට ඔයාව අඳුරගන්ඩත් බැරිතරං ඔයා ලස්සන වෙලා ඇති. ඒත් මම දන්නවා අද ආපහු ඔයාව මුන ගැහුනත් මට කතාකරගන්ඩ බැරුව යනවා.. ඒක සත්තයි.

 

මලක් උනේ ඇයි නුඹ මට - ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට - ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ - ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් - දල්වනු කෙලෙසින්

කියන්න..

මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන //

සහන් ගීතිකාවක් සේ - ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන් - මුමුනමි කෙලෙසින්

කියන්න..

මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන //

ගායනය : අමරසිරි පීරිස්

බාගන්ඩ කැමති අය ඉන්නවනං මෙන්න බාගන්ඩ

No comments:

Post a Comment