Tuesday, January 25, 2011

මුණි නන්දන සිරිපාද වඳිමු සමනල කන්දේ!

ශ්‍රීපාදස්ථානය

ශ්‍රීපාදස්ථානය, ආදම්ගේ පාදය, ශිවනෝලිපාද මලෛයි ආදී විවිධ නම් වලින් හඳුන්වන සමනල කන්ද බෞද්ධයින් වන අපට බුදුන් වහන්සේගේ පාදය තබා ඇති ස්ථානයක් ලෙස ඉමහත් ගෞරවයකින් සලකන ස්ථානයක්. අඩි 7,359ක් උසින් යුත් මෙම සමනල කන්ද සබරගමු පලාතේ පිහිටා තිබෙන අතර ශ්‍රීලාංකීය භූමිය පෝශණය කරන ප්‍රධාන ගංගා සතරක් සමනල කන්දේ සිට ආරම්භව ගලා බසිනු ලබයි.

මහවැලි කැළණි කළු වලවේ යන ගංගා
සමණල කන්ද මුදුනේ සිට පැන නැංගා

යනුවෙන් අපේ කවියා මේ ගංගා සඳහන් කර ඇත.

ඉතිහාස කථා, රස කථා, අත්භූත කථා, අත්දැකීම් රාශියක මූලාශ්‍රය වූ ශ්‍රීපාදස්ථානය එක් කථාවකින් අවසන් කල නොහැකි ආකාරයේ කථා සාගරයක්.

හැටන් පාර, කිතුල්ගල හරහා එරත්න මාර්ගය, රත්නපුර පලාබද්දර පාර වශයෙන් ශ්‍රීපාදස්ථානයට යන මාර්ග කීපයක් වුවතු ශ්‍රීපාද වන්දනාවේ ගිය සිංහලයා ඒ සෑම මඟකම පාහේ විවිධ සැමරුම් ස්ථාන, නවාතැන් ආදිය හරහා භූමිභාර දෙවියන් ලෙද සලකන සමන් දෙවියන් සිහිකරමින් ඉමහත් ගෞරවයකින් යන ආකාරය නන්දා මාලනී මහත්මිය ගැයූ මේ ගීයේ සඳහන් වන්නේ මේ ආකාරයෙන්.

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම්
ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට සිතාලා
සන්තොසිනේ ඉන්පිටත් වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
සීතගගුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
මලුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ

සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි //
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස්ගව්ව පසුකරමින් සාදු කියලා //
මහා මලුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගීතය බාගන්න

No comments:

Post a Comment