Wednesday, January 12, 2011

ඔන්න ඉතිං මම පොඩි එකා සන්දියේ….

report_card_imageපොඩි එකා කියන්නේ.. චූටිම එකා වෙච්ච වෙලේ ඒ කියන්නේ ඉපදිලා ගෙදර එන්ඩ හදද්දි දෙනවනේ පොඩි රිපෝට් කාඩ් එකක්.

ඉතින් ඉස්කෝලෙ වගේම තමා ඒකෙත් තියෙනවා… මූ පිළිබඳ සැලකිලිමත් වෙන්ඩ කියලා.. ඒතුව පස්සෙ තිබ්බ හේතු එහෙම නෙමේ.

හේතුව මගේ බර අඩු වීම… අනේ ඉතින් ඉපදිච්ච දවස් වල මම නිකං හනස්සක් වගේලු. අපේ මහප්ප මාව දැකල අර මොකක්ද ප්‍රකාශය කරල මෙහෙම (මූ දැන් මෙහෙම හනස්ස වගේ හිටියට තව ටික කාලෙකින් මූව ආම්බාන් කරන්ඩ ඇතෙක් ගේන්ඩ වෙයි කියලා) ඉතින් ඒ වගේ ප්‍රකාශ ඉතිහාසෙවත් වැරදිලා නැති හින්දා.. ඕව මම වෙනස් කරන එක හරි නෑ නෙ. ඉතින් මම වහාම ක්‍රියාත්මක වන පරිදි එහෙම වීමේ මහා ක්‍රියාමාර්ගයක් ඇරඹුවා. ඉතින් ඔන්න අනේ රෙදි කෑල්ලක ඔතාගෙන ගෙදර ආපු පුංචි හනස්ස පළවෙනි මාසෙ ඉවර වෙද්දි රතු ඉර පන්නලා.. තුන්වෙනි මාසෙ වෙද්දි කලු ඉරත් පන්නලා… ගමේ බර කිරන පවුල් සෞඛ්‍ය සේවිකා නෝන වහාම ක්‍රියාත්මක වන පරිදි අර “විශේෂ කරුණු” කොටුවෙ තිබ්බ එක පෑනෙන් කපල දාල…

ඒ කාලෙ ඉඳලා මම බඩගිනිකාරයා. දොස්තර ඉතිං මං ගැන දන්නවයැ. ඔන්න අම්ම මාව ඉඳල හිටල දොස්තරව හම්බෙන්ඩ අරං ගියාම කියනවලු.. කන්ඩ දෙන්ඩ ඕන විදිහ..

බත් ටික හොඳට පොඩි කරලා, තව මොන මොනවද දාල කවලා පුළුවන්නං කෙහෙල් කෑල්ලකුත් නවන්ඩ

අනේ ඉතිං ඒ වෙද්දි මේ පොඩි එකා.. බතුත් කාල, ත්‍රිපෝෂත් කාල, කෙහෙල් ගෙඩියක්මත් කාල කිරි බෝතලෙත් කටේ ගහගෙන නිදාගන්නවලු.. ඉතින් ඕව දොස්තරට කියන්ඩ පුලුවන්යැ නේද?

ඔන්න ඉතින් ඔය විදිහට තමා ජීවිතේ පටන් ගැන්ම…

No comments:

Post a Comment